Loading...
Hutch සමාගම විසින් home broadband සබඳතා හදුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක හදුන්වා දුන් Hutch සමාගම විසින් මේ වෙන විට ඔවුන්ගේ Home Broadband අන්තර්ජාල සේවාව ලබා දීම සදහා සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ වෙන විට ශ්‍රී ලංකාව තුල Home Broadband අන්තර්ජාල සේවාවන් Dialog, SLTMOBITEL හා Lanka Bell යන ⁣සමාගම් තුන මගින් සපයන අතර ශ්‍රී ලංකාවේ තුන්වනුවට විශාල අන්තර්ජාල සේවා සපයන්නා මෙන්ම ලාබදායිම සේවා සපයන්නා ලෙස පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත් වි සිටින Hutch සමාගමත් Home Broadband අන්තර්ජාල සේවාව ලබා දිමට පිවිසිම තුලින් Home Broadband අන්තර්ජාල සේවාව තුල නැවුම් වෙනසක් බලාපොරොත්තු විය හැකි වෙනු ඇත.

මේ සඳහා Hutchinson Telecommunications Lanka (Pvt) Ltd ව්සහ එහි යටිතල පහසුකම් සැපයුම්කරු ලෙස කටයුතු කරන edotco Services Lanka (Pvt) Ltd එක්ව Open-RAN trial එකක් දියත් කර ඇති අතර ඒ හරහා GB එකක් සැපයීමට වැය කරන පිරිවැය අවම කර, එහි වාසිය තම පාරිභෝගිකයාට ලබාදීමට ඔවුන් කටයුතු කරන බව පවසා තිබෙනවා. මෙම Open-RAN trial එක මේ වන විට කුරුණාගල දිස්ත්‍රික්කයේ පොලත්තපිටිය ප්‍රදේශයේදී සාර්ථකව අත්හදා බලමින් පවතිනවා.

සාම්ප්‍රදායික ජංගම දුරකතන සංඥා ජාලය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ එක් එක් සේවා සපයන්නාට ගෙන් වූවත් එක් සේවා සපයන්නෙකුගේ කුලුණු වලිනි. එවිට එම කුළුණට අදාලව සපයා ඇති hardwares සහ softwares වල සීමාවන්ට අනුව ඒවා භාවිතා කිරීමට සිදුවනවා.

නමුත් Open Radio Access Network එකක්දී එම තත්වය මීට වඩා වෙනස් වනවා. එහිදී එක එක් සේවා සපයන්නන්ට තමන්ට අදාල hardwares සහ softwares භාවිතා කරමින් සේවා සැපයීම සිදු කල හැකි වනවා. එමෙන්ම එහිදී කිසිදු බාධාවකින් තොරව ජාලයේ නම්‍යශීලී බව ඉහළ නංවාගත හැකි අතර මෙහෙයුම් පිරිවැයද පහත හෙලීමේ හැකියාව හිමිවනවා. මේ වන විට ලොව පුරා සිටින දුරකතන සේවා සපයන මහාපරිමාණ සමාගම් විසින්ද භාවිතා කරන්නෙ මේ OPEN-RAN තාක්ෂණය වන අතර ඒ හරහා ඔවුන් තම 4G සහ 5G සේවාවන් අඩු මුදලකට සැපයීමට සමත්ව තිබෙනවා.

‌Hutch සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ පළ කර ඇති පරිදි ඉදිරි මාස කිහිපය තුල Hutch Home Broadband අන්තර්ජාල සේවාව එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන් අතරම මේ වෙන විටත් ඔවුන් විසින් තම Home Broadband අන්තර්ජාල සේවාව ලබා ගැනිම සදහා කැමති පාරිභෝගිකයන්ගේ තොරතුරු ලබා ගනිමින් තිබෙනවා.

තවමත් Hutch Home Broadband අන්තර්ජාල සේවාව මගින් මහජනතාව වෙත ලබා දිමට නියමිත අන්තර්ජාල පැකේජයන් වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබි නොමැති අතර එ පිළිබඳ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තොරතුරු නිකුත් කළ සැනින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

Source: Lanka Business News