Loading...
Intel සමාගම විසින් Intel 13th Gen Raptor Lake Processor එක එලිදක්ව​යි

Intel සමාගම විසින් ඔවුන්ගේ 12th Gen Intel Core Processors පසුගිය ජනවාරි මාසයේදී පමණ එළිදැක්විමට කටයුතු කළ අතර නවතම 13th Gen Raptor Lake Processors එළිදැක්වීම ඊයේ දින සිදු කරනු ලැබුවා.

මේ නව Chips 10nm Design එකකින් සමන්විත වන Intel 7 processවල Updated Version එකක ලෙස දැක්විය හැකි අතර 3rd Gen SuperFin Transistor සහ x86 Performance Hybrid Architecture එකකින් යුතු වනවා. ඒ වගේම මෙය Performance cores (P-cores) සහ Efficient cores (E-cores)වලින් සමන්විත වන අතර ඔවුන්ගේ Thread Director එක ඔස්සේ කාර්යයන් කළමනාකරණය කිරිමේ හැකියාව පවතිනවා.

මේ Lineup එකේ Topend Chipset එක Intel Core i9-13900K වන අතර එය Performance Cores 08 ක් සහ Efficiency Cores 16 කින් යුතුව සම්පූර්ණ Core 24 කින් යුතු වනවා එමෙන්ම මෙයා 5.8GHz උපරිම Turbo Frequency එකක් ලබා ගත හැකි වන අතර සමාගම දක්වන ආකාරයට මෙය Single Threaded Tasks වලදී 15% කින් පමණ ද Multi Threaded Task වලදී 41% පමණ ද වේගවත් වනවා.

මේ LineUp එක යටතේම නිකුත් වන Intel Core i5-13600K Chipset එක Performance Cores 06 ක් සහ Efficiency Cores 08 කින් යුතුව සම්පූර්ණ Core 14 කින් යුතු වන අතර Intel Core i7-13700K Chipset එක Performance Cores 08 ක් සහ Efficiency Cores 08 කින් යුතුව සම්පූර්ණ Core 16 කින් යුතු වනවා.

මීට අමතරව PCIe Gen 5.0 සදහා සහය දක්වන අතර DDR5-5600, DDR5-5200 සහ DDR4 Memory සදහාත් සහය දක්වනු ලබනවා. මේ සියලු i5, i7 සහ i9 Chips සදහා 125W Power එකක් අවශ්‍ය වන අතර Core i7 සහ Core i9 හි Max Turbo Power එක ලබා ගැනිමට නම් 253W Power එකක් අත්‍යාවශ්‍ය වනවා.

Intel සමාගම දක්වා තිබෙන ආකාරයට Core i9-13900K Chipset එක ඩොලර් 589ක, Core i5-13600K Chipset එක ඩොලර් 319ක, Core i7-13700K Chipset එක ඩොලර් 409ක මිලකින් යුතුව ඔක්තොම්බර් 20 වන දින සිට වෙළෙඳපොළට නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: Intel Gizmo China