ඔබ කවුරුත් හොඳින් දන්නා EverythingApplePro හි Max Weinbach සඳහන් කරන ආකාරයට මීලඟට පැමිනීමට නියමිත නවතම Apple iPhone 12 දුරකතනයෙ නවතම අංග රැසක් එකතු කර ඇති බව සඳහන් වෙනවා.
එනම්
- ProMotion display එක
- 3x Telephoto zoom lens කැමරාව
- 4,400mah ඉක්මවූ Battery එක
- වැඩිදියුනු කෙරුනු Face ID තාක්ශණය
Weinbach කියන විදියට මේ ProMotion display එක අලුත්ම Apple iPhone 12 එකට එනව කියල නම් 100%ක් ම තහවුරුයි. මේ ProMotion display technology එකත් එක්ක අපිට පුලුවන් සාමාන්‍ය Apple දුරකතනයක මෙතෙක් තිබූ 60hz වලින් තවත් ඉස්සරහට ගිහින් එවැනිම දෙගුණයක වේගයක් සහිත 120hz Refresh rate display එකක ඇති Smoothness එක සහ Gaming වල ඇති නියම Quality එක අපේ Smartphone එක තුලින්ද අත්විඳින්න.
මේ ProMotion technology එක ගැන කිව්වොත් නම් මේක iPhone වලට අලුත් උනාට මේ technology එක Apple සමාගමෙන් මුලින්ම දුන්නෙ Apple iPad Pro Device එකත් සමඟයි. ඒ 2017 අවුරුද්දෙ ජූනි මාසයේ.
The iPhone 12 spec report just went up with @EveryApplePro. Here are some of the highlights:
— Pine (@PineLeaks) May 10, 2020
120hz iPhone 12 Pro series IS being tested. Display calibration is hard and unless Apple can perfect it, they won't do it. They won't do 90hz, 120hz nothing.
Camera side එකට හැරිල බැලුවොත් අපිට මේ පාර බලා ගන්න පුලුවන් 3x Telephoto zoom lens එකක් සහිත කැමරාවක්. (iPhone 11 Pro Max එකේ තියෙන්නෙ 2x Telephoto lens එකක්) තව බැලුවොත් මේකේ සාමාන්‍ය Night Mode එකට අමතරව Low-light Night mode එකක්ද අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම ඉතා වේගවත් Auto focusing, Improved Image stabilization, අඩු ආලෝක තත්වයන් සඳහා Improve කරන ලද HDR with noise reduction සහ Portrait photography සඳහා ඇති depth-of-field හිද Accuracy එක වැඩි කර ගැනීමට Apple සමාගමෙන් මේ වතාවෙ ඔන්න LiDAR Sacanner එකකුත් දාලා ඇති කියල සඳහන් වෙනවා.
කැමරාවට පස්සෙ අපි කොයි කවුරුත් දෙවැනියට හිතන දෙයක් තමයි Battery එක. ඔන්න මේ පාර අපිට බලා ගන්න පුලුවන් 4,400mah ඉක්මවූ battery එකක් මේ අලුත් iPhone 12 දුරකතනයත් සමඟ. (iPhone 11 Pro Max එකේ තියෙන්නෙ 3,969mah ක battery එකක්)
තවද මේකේ Face ID පැත්තට ගියොත් මේකේ අපිට බලා ගන්න පුලුවන් Third Generation Face ID එකක්. මේකෙදි අපි අපේ දුරකතනය හරි කෙලින්ම මූණට අල්ලං ඉන්න ඕනෙම නෑ. මොකද කිව්වොත් මේකෙ තියෙනවා wide Angel scan කරන්න පුලුවන් පහසුකම.
ඉතින් මේ කිව්ව ඔකොම වැඩකෑලි බලගැන්වීමට පාවිච්චි වෙන්නෙ Apple ලගෙ latest ම Chip එකක් උන A14 5nm Chip එකයි. මේ Chip එක නිසා Face ID වගේ Machine learning වලින් වැඩ කරද්දි අවශ්‍ය වෙන CPU සහ GPU වල Power එකද සැලකියයුතු මට්ටමකින් වැඩි වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.