Apple සමාගම විසින් මෑතකදී ඔවුන්ගේ iPhone ඉන්දියාවේදි නිෂ්පාදනය අරඹනු ලැබුවා. ඒ iPhone 11 නිෂ්පාදනය ආරම්භ කරමිනුයි.
Business Standard වාර්තාවට අනුව කියවෙන්නේ බැංගලෝර් ( Bengaluru ) හි කර්මාන්ත ශාලාවක් සදහා Apple සමාගම විශාල මුදලක් ආයෝජනය කර ඇති බවයි. ඒ වගේම Apple සමාගමේ ඉන්දියානු හවුල්කරැ වන Wistron සමාගම විසින් සිය කර්නාටක ප්රාන්තයේ කර්මාන්ත ශාලාව සදහා නව සේවකයින් 10,000 පමණ බදවා ගන්නා බවට දැනුම් දිලා තියෙනවා. මේ තොරතුරුවලට අනුව අපිට කියන්න පුළුවන් බොහෝ දුරට iPhone 12 ඉන්දියාව තුල නිෂ්පාදනය වෙන්න ඉඩ කඩ තිබෙන බව.

මේ පිළිබඳව කර්නාටක ප්රාන්තයේ හිටපු ඇමතිවයෙකු වන Dinesh Gundu Rao මහතාගේ නිල Twitter ගිණුම මගින් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ Apple සමාගම විසින් iPhone 12 දුරකථන නිපදවිම නර්සපුර ( Narsapura ) හි කර්මාන්ත ශාලාවක ආරම්භ කිරිමට සුදානම් බවයි. ඔහු තවදුරටත් කියා සිටින්නේ මේ සමග නව රැකියා 10000 පමණද ඇති වනු ඇති බවයි.
Good news for #Bengaluru, with @Apple planning to manufacture iPhone 12 in a new facility at Narsapura.
— Dinesh Gundu Rao/ದಿನೇಶ್ ಗುಂಡೂರಾವ್ (@dineshgrao) August 18, 2020
More investment to flow in & nearly 10,000 jobs maybe created.#China’s loss to be #India’s gain. https://t.co/3YysRbm7mR
Make in India ආදර්ශ පාඨයට අනුවද මෙය ඉන්දියාවට සුභ ආරංචියක් බව දක්වන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයින් වන අපිට සුබ ආරංචිය වෙන්නේ ඉන්දියාවේ iPhone නිෂ්පාදනය තුලින් එහි මිල යම් තරම් හෝ දුරකට අඩු කර පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා ගැනිමට හැකි වනු ඇති බවයි. ඒ වගේම ඉන්දියාව තුලදි iPhone 12 සදහා ආනයන තිරැබදු බල නොපැවැත්වෙන නිසා iPhone 11ට වඩා iPhone 12 මිලෙන් අඩු විය හැකියි.
මෙලෙස යම් තරම් හෝ අඩු මුදලකට නව iPhone 12 ඉන්දියාව තුලදි අලවි වුවහොත් අනිවාර්යයෙන්ම ඉන්දියාව තුල Apple Devicesවල වෙළදපොල ප්රමාණය වැඩි විය හැකියි.
Sources : Beebom , Business Standard