Loading...
iPhone 12 series එක නිකුත් වීමට පෙර iPhone 13 සහ iPhone SE3 පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු වීමට පටන් ගනී

iPhone 12 Series එක තවමත් නිකුත් වි නොතිබුණත් මේ වන විට iPhone 13 එනම් 2021 iPhone Lineup එකේ Devicesවල Specs යැයි සැලකිය හැකි, විශ්වාස කල හැකි තොරතුරු මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා. ඒ Display Supply Chain Consultants කෙනෙක් වෙන Ross Young විසින් Twitter හි තබා ඇති සටහනට අනුවයි. එම Twitter සටහනට අනුව iPhone 13 Series එකට අමතරව ඉදිරියේදි Apple සමාගම විසින් iPhone SE 3 එකක්ද නිකුත් කිරිමට සුදානම් වෙන බව කියන්න පුළුවන්. මේ තොරතුරුවලට අනුව අපි බලමු මිලග iPhone 13 Series එක සහ SE 3 Device මොන වගේ වේවිද කියල.

Apple iPhone 13‌‌

Ross Youngගේ Twitter සටහනට අනුව iPhone 13 Series එකත් iPhone 12 Series එකේ Devicesවල Display Size එකෙන්ම යුතු  වෙනවා. iPhone 13 Series එක යටතේ Devices 4 නිකුත් වෙන බවත් වාර්තා වනවා. ඒ වගේම iPhone 13 Series එකේ සියලු Devices සදහා OLED panels භාවිත කරන අතරම Integrated touch (Y-Octa) panels යොදා ගන්නා බවත් කියන්න පුළුවන්.

ඒ වගේම මේ OLED Display සැපයිම සදහා SDC (Samsung Display Co., Ltd.), LGD (LG Display) හා BOE සමාගම් සුදානම් සිටින බවත් වාර්තා වෙනවා. මේ ආකාරයට වාර්තාවන දුරකථන වල තිර වල ප්‍රමාණය පහත වේ.

iPhone 13 – 5.42-inch‌‌
iPhone 13 – 6.06-inch
iPhone 13 Pro – 6.06-inch
iPhone 13 Pro Max – 6.67-inch

ඒ වගේම 120Hz Refresh Rate එක සහිත ProMotion Display වලින් සියලු iPhone 13 Devices සමන්විත වෙන අතරම Pro Max Model එකට LTPO Feature එක, ඒ කියන්නේ වෙනස් කල හැකි වෙන Refresh Rate එකක් සහිත Display එකක් ලබා දෙයි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

iPhone 13 Series එකේ අගල් 5.4ක හා අගල් 6.1ක Displayවලින් යුතු iPhone 13 Regular Devices Dual Camera Setup එකකින් ද iPhone 13 Pro හා Pro Max Devices Triple Camera Setup එකකින් ද සමන්විත වෙනවා. මින් Dual Camera Setup එක 1.7µm primary Sensor එකකින් යුතු වෙන අතර මෙය12 Pro Max Device එකේ Primary Sensor එක වෙනවා.

iPhone 13 Pro Models Triple Camera Setup එකකින් යුතු වෙන අතරම මෙහි වැඩිදියුණු කරන ලද 1.9µm Primary Sensor With SensorShift සමග ලබා දෙන බව කියන්න පුළුවන්. ඒ වගේම ToF Camera Technology එකෙනුත් මේ Camera Setup එක සමන්විත වෙනවා.

ඒ වගේම මේ සියලු Modelsවල Face ID සහිත Notch එකත්, Sub-6GHz 5G Connectivity එකත් Pro Models සදහා mmWave Support එකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

iPhone SE3

‌‌iPhone SE3 Device එකක් නිකුත් වෙනවා නම් එය නිකුත් විමට බොහෝ දුරට ඉඩකඩ පවතින්නේ 2022 වසරේදි යි. Ross Youngගේ Twitter සටහනට අනුව මේ SE3 Device එක තරමක් ලොකු Display එකකින් හා වෙනස් Design එකකින්, එනම් SE2 Design එකෙන් වෙනස් Design එකක් සහිත අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මෙය අගල් 6.06 in-cell LCD Display එකකින් සමන්විත වෙනවා. මෙය බොහෝ දුර iPhone 11 Design එකෙන් යුතුව නිර්මාණය වේවි. Dual Camera Setup එකකින් සමනවිත වෙන අතර මේ සදහා iPhone 11 Device එකේ Camera Setup එක භාවිත වෙනු ඇත. එමෙන්ම 5G Connectivity එකත් මේ සදහා ලබා දෙනු ඇති බවට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මීට අමතරව බොහෝ දුරට SE3 Device එකේ Notch එකෙන් Face ID Feature එක ඉවත් වි යාමේ ඉඩකඩක් පවතිනවා. ඒ iPhone SE Devices පැමිණෙන්නේ Budget Devices ලෙස විම නිසායි. හැබැයි Face ID එක වෙනුවට iPhone 11 Design එකටම නව iPad Air එකේ වගේ Side Mount Fingerprint Sensor එකක් ලබා දෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, Macrumors