Loading...
iPhone 14 Pro සහ Pro Max සඳහා වන Hole-Punch displays සැපයීම LG සහ Samsung සමාගම් වලි​න් බවට තොරතුරු වාර්තා වේ

ඔබට මතක ඇති මීට දින කිහිපයකට පෙර අපි විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා Apple සමාගම විසින් මිලග වසරේ නිකුත් කිරිමට සුදානමින් සිටින ඔවුන්ගේ iPhone 14 Series එකේ iPhone 14 Pro Device එක Punch Hole Display එකකින් යුතුව නිකුත් කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙන බව.

ඒ පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව අපිට iPhone 14 Pro Device එක Punch Hole Display එකකින් යුතු වෙනු ඇතැයි වැඩි දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි වෙන අතර ඒ නවතම වාර්තාවලින් මේ iPhone 14 Pro Device එක සදහා අවශ්‍ය Punch Hole Display Samsung හා LG සමාගම් මගින් සපයන බවට හෙළි විමත් සමගයි.

Image - macRumors
Image - MacRumors

ඉට අනුව Samsung සමාගම විසින් iPhone 14 Pro Device එක සදහා අගල් 6.1ක Hole-punched Display Panels සපයනු ඇති අතර iPhone 14 Pro Max සදහා LG සමාගම විසින් අගල් 6.7ක Hole-punched Display Panels සපයනු ඇත. කෙසේ වෙතත් iPhone 14 Series එකේ Base Model එක වෙන iPhone 14 හා iPhone 14 Mini සදහා iPhone 13 Series එකේ මෙන්ම සුපුරුදු පරිදි Apple සදහා ආවේණික Notch එක සහිත Display යොදා ගනු ඇත.

කෙසේ වෙතත් Apple සමාගම විසින් මේ ආකාරයෙන් ඔවුන්ගේ Devices සදහා Hole Punch Display යොදා ගැනිම තුලින් Face ID පහසුකම එම Devices සදහා ලබා දෙන්නේ කෙසේ දැයි විශාල ප්‍රශ්නයක් පැණනැගෙනු ලබනවා. Apple සමාගම විසින් Face ID පහසුකම ලබා දිම සදහා Multi-sensor Setup එකක් යොදා ගනු ලබන අතර ඉට Flood Illuminator, Dot projector හා IR camera ආදිය අයත් වෙනවා.

Image : cnet

Face ID පහසුකම ලබා දිමට නම් මෙම Multi-sensor Setup එකත් අනිවාර්‍යෙන්ම අඩංගු විය යුතු අතර මෙලෙස දැනට පළවෙන තොරතුරුවලට අනුව ඔවුන් විසින් iPhone 14 Pro Devices සදහා Hole Punch Display යොදා ගැනිමට බලාපොරොත්තු වේ නම් මෙම Multi-sensor Setup එක අනිවාර්‍යෙන්ම Under Display Setup එකක් ලෙස ලබා දෙනු ඇතැයි දැනට පළ වෙන තොරතුරුවලට අනුව කියන්න පුළුවන්.

Sources: MacRumors, Gizmochina