Apple සමාගමේ නවතම Smart Phone Series එක වන iPhone 14 සහ iPhone 14 Pro series එක ඊයේ දිනයේදී එළිදැක්විමත් සමග ලොව ප්‍රථමවතාවට iPhones සදහා Satellite Connectivity එක ලබා දීම සිදු කරනු ලැබුවා. එනම් මේ මගින් Satellite Communication එක ඔස්සේ Emergency SOS පහසුකම ලබා ගැනිමට iPhone 14 Series එක සමත් වනවා.
මෙලෙස Satellite Connectivity එක මගින් Emergency SOS පහසුකම ලබා දීම තුලින් ජංගම දුරකථන සංඥා නොමැති පෘථිවියේ ඕනැම ස්ථානයක සිට මෙම පහසුකම ලබා ගැනිමට හැකි වනවා. එමෙන්ම iPhone 14 Series එක සදහා වසර දෙකක කාලයකට මේ පහසුකම නොමිලයේ භාවිත කිරිමේ හැකියාවත් ලැබෙන අතර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දී එළඹෙන නොවැම්බර් මස සිට මෙය භාවිත කිරිමටත් හැකියාව ලැබෙනවා.
මෙලෙස Satellite Emergency SOS පහසුකම ලබා දිමේදි Apple සමාගම විසින් Custom Text Compression Algorithm එකක් නිර්මාණය කර ඇති අතර ඒ මගින් iPhone එකට Satellite එක සමග වඩාත් ඉක්මනින් සන්නිවේදන කිරිමේ හැකියාව ලැබෙනවා. මිට අමතරව Apple සමාගම විසින් Emergency Expert සේවයන් සමග සම්බන්ධ වි බහුල හදිසි තත්වයන් ඇතුළත් ලැයිස්තුවක් සකස් කර එය Tap කිරිම මගින් ඔබගේ හදිසි අවශ්‍යතාවය දැනුම්දිම පිළිබඳවත් ඉදිරියේදි කටයුතු කිරිමට සුදානම් බව දක්වන්න පුලුවන්.
එමෙන්ම Find My App එක ඔස්සේ ඔබගේ Location එක Manually Share කිරිමේ හැකියාවත් ලැබෙනවා. කෙසේ වෙතත් මෙලෙස Emergency SOS පහසුකම භාවිත කිරිමට නම් ජංගම දුරකථනය Satellite එක ඇති දිශාවට යොමු කළ යුතු වන අතර, මේය කෙසේ සිදු වේදැයි යන්න මෙන්ම මේ සදහා කුමන Satellite එක Apple සමාගම විසින් භාවිත කරන්නේ ද යන්න පිළිබඳවත් තවමත් ඔවුන් විසින් තොරතුරැ දක්වා නොමැති වනවා.