Apple සමාගම විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙන Budget Devices පෙළ පිළිබන්දව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා. ඒ අතර ඩොලර් 600කට අඩු මුදලකට වෙළදපොලට නිකුත් කිරීමට නියමිත බව පැවසෙන iPhone 17e සඳහා වැඩි අවදානයක් ලැබී තිබෙනවා. මේ වන විටත් මේ iPhone 17e ගැන තොරතුරු රැසක් අන්තර්ජාලය තුළ වාර්තා වෙමින් පවතින අතරම Apple සමාගම විසින් මේ වන විටත් එළඹෙන මාර්තු 04 වනදා නව Product Experince Event එකක් පවත්වන බවට නිල වශයෙන්ම නිවේදනය කර තිබෙනවා.

Apple සමාගම සිය iOS පද්ධතිය වෙත වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් අඩු මිලකට ලබා ගත හැකි iPhone 17e මාදිලිය හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටින අතර මීට පෙර නිකුත් වූ iPhone 16e මාදිලිය එහි සරල විශේෂාංග මධ්‍යයේ වුවද සමස්ත iPhone වෙළඳපොළ කොටසෙන් 11% ක් අත්පත් කරගැනීමට සමත් වූවා. ඒ පැරණි iPhone SE මාදිලිවලට වඩා විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමිනුයි.
Design & Display
iPhone 17e හි Design එක සම්බන්ධයෙන් මෙතරම් අවධානය යොමුව තිබෙන්නේ පෙර iPhone 16e එහි පැවති Notch එක වෙනුවට Dynamic Island එක ඇතුළත් වන බවට තොරතුරු වාර්තා වීම සමගයි.

ඒ අනුව මීට පෙර High End මාදිලිවලට පමණක් සීමා වූ Dynamic Island විශේෂාංගය iPhone 17e සඳහාත් ලැබෙන බවට සඳහන් වන නිසා දුරකථනයට වඩාත් නවීන පෙනුමක් ලැබෙන බැවින් මේ Smartphone එක සඳහා විශාල පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි සදහන් කරන්න පුලුවන්. 18MP Centre Stage ඉදිරිපස කැමරාව සමඟ අඟල් 6.1 ක 60Hz තිරයක් මේ සදහා ලැබෙනු ඇත. Rear Camera Setup එක සුපුරුදු පරිදිම Single 48MP Rear Camera Setup එකකින් සමන්විත වනවා.

Processor and Battery
දුරකථනයේ Speed එක සහ Efficiency එක සම්බන්ධයෙන් Apple සමාගම මෙවර සුවිශේෂී අවධානයක් යොමු කර තිබෙන අතර මෙය සඳහා Lower binned Apple A19 chip එකක් සහ 8GB RAM එකක් ලබා දී තිබෙන අතර, එය Apple Intelligence AI විශේෂාංග සඳහා පූර්ණ සහය ලබා දෙනු ඇති බව සහතික කරනවා. වේගවත් ජාල සම්බන්ධතාවයන් සඳහා Apple C1X Networking chip එකත් මෙයට ඇතුළත් කර ඇති අතර 4,000mAh Battery Capacity එකක් ලබා දී තිබෙනවා.
New Features
පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි MagSafe පහසුකම මෙවර iPhone 17e වෙත එක් කර තිබීම විශේෂත්වයක් වන අතර Black සහ White වර්ණවලට අමතරව මෙවර විශේෂ Lavender වර්ණයක් ද හඳුන්වා දීමට නියමිත බව වාර්තා වනවා.

වාර්තා වන තොරතුරු අනුව iPhone 17e හි 128GB මාදිලිය ඩොලර් 599 (රු. 180,000 පමණ) ක මුදලකට අලෙවි වනු ඇතැයි සලකන්න පුලුවන් වන අතරම මෙය Google Pixel 10a හි මිලට වඩා ඩොලර් 100ක් පමණ වැඩි වුවද Pixel දුරකථනයට වඩා ප්‍රබල Processor එකක් හිමි නිසා වෙළදපොල තුළ කැපි පෙනෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.
Source: www.androidauthority.com FPT www.bloomberg.com








