Loading...
ඊශ්‍රායල​යේ Missile Defence System එකටවත් පරද්දන්න බැරි ඉරානයේ Hypersonic මිසයිල ගැන දැන ගනි​මු

Iran වලින් Israel වලට එල්ල කරපු Hypersonic Missile එකක් Israel වල සතු Defence Layers ගනනාවක් පහු කරාගෙන ඇවිල්ලා Target එකට වදිනවා. ඇත්තටම ඒකනම් මාර​යි කියලා කියන්න පුළුවන් ජාතියෙ වැඩක් මොකද Israel Missile Defence System එක කියන්නෙ ලෝකෙ තියෙන Advancedම Missile Defence System එකක්.

මේක වැඩ කරන්නේ,

  • Short Range එකෙන් එන Rockets/Artillery සඳහා Irone Dome + Irone Beam එකත්.
  • Medium Range එකෙන් එන Cruise + Tactical Missiles සඳහා David’s Sling එකත්.
  • High Atmosphere එකෙන් එන Ballistic Missiles සඳහා Arrow-2 එකත්.
  • Space එකටම ගිහින් එන Long-Range Ballistic Missiles සඳහා Arrow-3 + THAAD විදිහටත් ලෙස​යි

හැබැ​යි මේ Defence Layer එකට ඉරානය මුහුන දෙන්න කලින් ඉරාන මිසයිල තව Defence Layers ගනනාවකට මුහුන දෙනවා.

ඒවා විදිහට අපිට ගන්න පුළුවන් Iraq වල ඇමෙරිකන් Base වල හයි කරලා තියෙන Patriot System. මේකෙන් තමා ඉරාණයෙන් මිසයිල Launch කරපු ගමන් මුලින්ම Intercept කිරීමෙ උත්සාහය ගන්නෙ. ඒකෙන් පස්සෙ ඇතුල් වෙන්නෙ Syrian හෝ Jordan Airspace එකට මෙ දෙකෙත් පිහිටලා තියෙන Patriot සහා THAAD වගේ ඒවලින් මෙ එන Incoming Missile ටික Intercept කරන්න උත්සහා කරනවා. මේකත් පාස් කරායින් පස්සෙ මධ්‍යදරණී මුහුදේ ස්ථානගත කර ඇති ඇමරිකන් යුද නැව් මගින් මෙ මිසයිල Intercept කරන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම පාස් කරයින් පස්සෙ ඉරාන මිසය්ල ඇතුල් වෙන්නෙ Layer හයකින් විතර සමන්විත ලෝකේ තියෙන බිඳින්න අමාරුම Defence Systems එකකට.

THAAD

මේ ඔක්කොම කරලත් මේ ඉරාන මිසයිල Intercept කරන්ඩ හරිම අමාරුයි කියන ඔයාලටම මේ ටිකෙ පෙනිලා තියෙනවනෙ. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙ. තාම America වලටවත් Fully Operational මට්ටමෙ Hypersonic Missile එකක් හදාගන්ඩ බැරි වෙච්ච එකෙ මේ Hypersonic Missile Technology එක Iran වලට කොහෙන් ලැබුනද කියන එක හෙන ප්‍රශ්නයක්?

මේ Hypersonic Technology එක කවුද දුන්නා කියලනම් හරියටම හිතන්න අමාරුයි. හැබැයි රුසියාව ඇරෙන්න ඉරානයට Support කරන ප්‍රධානම රටකට ඉන්නෙ China සහා North Korea තමා. මොකද ඇමෙරිකාවටවත් තාම Fully Operational මට්ටමේ Hypersonic Weapon එකක් නැති එකෙ හෙන සම්බාධක ගොඩක් මැද යන ඉරාන් කාරයො කොහොමද ඇත්තටම Hypersonic Missile එකක් හැදුවේ?

Iran Fattah 2

ඉරානෙ ඇරෙන්න Operational මට්ටමෙ Hypersonic Missile තියෙන්නෙත් Russia, China, North Korea, India කියන රටවල් ටිකට විතරයි. USA, UK, France, Japan, Australia කියන රටවල් වල තාම "No Operational Systems Yet" කියන Set එක යටතේ තියෙන්නෙ. එහෙම එකෙ ඉරාන් කාරයෝ තණියම හැදුවා කියන එකනම් ටිකක් පිලිගන්න අමාරුයි. හැබැයි බැරිවෙලාවත් තණියමනම් හැදුවෙ ඉරාන් කාරයො අවන්කෙන්ම පොරවල් තමා.

හැබැයි මේ ගිය ටිකෙ Viral ගිය Video Clip බලද්දි තේරිච්ච තව දෙයක් තමා මේවා රුසියන් ඒවා තරම් Advanced නැහැ කියන එක. මොකද Russian ඒවා Interceptor Missiles මගහරින්න භාවිතා කරන Decoys, Advanced Radar And Sensors Systems, Low Altitude Flight, Anti-Radar Maneuvers, Hypersonic Maneuverability වගේ ඒවා මේවල නැති බවක් පේන්ඩ තියෙනවා. මේවා නිකන්ම ඇවිත් අදාල Target එකට පාත් වෙනවා වගේ එකක් තමා පේන්න තිබුනෙ. නමුත් අපිට පිටින් බලලා කොහොමත් නිගමනය කරන්න බැහැ.

මේකෙදි තව කතා කරන්න ඕන දෙයක් තමා Speed එක. Hypersonic කියන්නෙ Mach 5 එහෙමත් නැතිනම් ශබ්දයේ වේගය වගේ 5x ගුණයක් හෝ ඊට වඩා වැඩී වේගයකටයි. මේ Iran මිසය්ල හරියටම Mach 5 Speed එකෙන් ආවනම් මේ Missile එක 6174 Km/h එකෙන් ගමන් කරනවා. හැබැයි සමහරු Social Media ඇතුලෙ කතාවෙනවා දැක්කා Russian ඒවා එහෙම Mid-Range Hypersonic (Mach 10) මට්ටමින් යනවා කියන එක.

මේ Hypersonic වල Speed Stages තියෙනවා මේක අනුව මේ මිසයිල් එක අදාල දුරට ලඟාවෙන්න ගතවෙන කාලය තීරණය වෙනවා. සාමනයෙන් මේවල Speed එක අපි මනින්නෙ Sea Level එකෙන්. ඔයාලට මේ Hypersonic Speed එක ගැන Idea එකක් ගන්න Sea Level Speed එකෙන් මම මේක ගැන පැහැදිලි කරන්නම්.

Low End Hypersonic Speed (Mach 05)

Speed: = 6175 Km/h
මේකෙදි මේ මිසයිල් එක විනාඩියකට 102.9 Km දුරක් ගමන් කරනවා. ඒකියන්නෙ ඉරානෙ ඉඳන් 2000Km ඒගේ දුරින් තියෙන Israel Target එකකට මේ Missile එක ගමන් කරන්න විනාඩි 19.4ක කාලයක් ගතවෙනවා.

Mid-Range Hypersonic (Mach 10)

Speed: = 12,350 Km/h
මේකෙදි මේ මිසයිල් එක විනාඩියකට 205.83 Km දුරක් ගමන් කරනවා. ඒකියන්නෙ ඉරානෙ ඉඳන් 2000Km ඒගේ දුරින් තියෙන Israel Target එකකට මේ Missile එක ගමන් කරන්​න විනාඩි 9.7ක කාලයක් ගතවෙනවා.

High-End Hypersonic (Mach 15+)

මෙතනදි මේ Speed එක ලබාගන්න මේ මිසයිල් එක Earth Atmosphere එකෙන් ඉහලට ගිහින් Free Fall එකක් කරලා. ඒක නිසා මේක අපිට මනින්න වෙන්නෙ Re-entry Speed For Missile විදිහට.
Speed: = 18,525 Km/h
මේකෙදි මේ මිසයිල් එක විනාඩියකට 308.75 Km දුරක් ගමන් කරනවා. ඒකියන්නෙ ඉරානෙ ඉඳන් 2000Km ඒගේ දුරින් තියෙන Israel Target එකකට මේ Missile එක ගමන් කරන්න විනාඩි 6.5ක කාලයක් ගතවෙනවා.

මේවට උදාහරණත් අරන් බැලුවොත්,

  • Low End Hypersonic Speed Missiles විදිහට Kh-47M2 Kinzhal (Russia) / DF-17 + DF-ZF (China) වගේ ඒවා ගන්ඩ පුළුවන්.
  • Mid-Range Hypersonic Missile විදිහට Oreshnik (Russia) / WU-14/DF-ZF (DF17) (China) / BrahMos-II (India-Russia) වගේ ඒවා ගන්ඩ පුළුවන්.
  • High-End Hypersonic Speed Missile වලට එද්දිනම් Fully Functional විදිහට Operate කරන්ඩ පුළුවන් ඒවා හදලා තියෙන්නෙ රුසියාව විතරය්. මේවට උදාහරණ විදිහට RS-26 Rubezh (Russia) Avangard Missile (Russia) වගේ ඒවා ගන්ඩ පුළුවන්.

මේ Hypersonic Technology එකේ දැනට ඉස්සරහින්ම ඉන්නෙ රුසියාව ඊට පස්සෙ චීනය චීනයට පස්සෙ උතුරු කොරියාව. රුසියාව ඉන්දියාව එක්ක එකතු වෙලත් Hypersonic Missile එකක් හැදුවා. ඒක තමා BrahMos යන නමින් හඳුන්වන්නෙ. මේ අයට පස්සෙ තමා Iran අය ඉන්නෙ. හැබැ​යි Hypersonic Missile වලින් යුද්ද කරන ප්‍රතිශතය අරගෙන බැලුවොත් මේකෙ ඉදිරියෙන්ම ඉන්නෙ ඉරාන​ය තමා.

Russian Avangard

දැනට තියෙන Fastම Hypersonic Missile එක තමා Russia's Avangard Hypersonic Glide Vehicle කියන්නෙ. මේකෙ Top Speed එක Mach 27+ කියලා තමා සඳහන් වන්නෙ. මේක Launch කරයින් පස්සෙ මේක කෙලින්ම පෘථිවි වායුගෝලයෙන් උඩට යනවා ගිහින් Booster එක Separate කරලා නැවත පෘථිවි වායුගෝලයට Re-entry එක සිදු කරනවා. එතනදි විදුලි වේගයෙන් එන මේ Projectile එකෙ වේගයට වායුගෝලය අයන වෙලා Projectile එක වටා Plasma එකක් හැදෙනවා. මේ Plasma එක නිසාත් එය පැමිනෙන අධික වේගයත් නිසාත් දැනට පෘතුවිය මත තියෙන කිසිම Radar System වලට මේක Intercept කරන එක සෑහෙන අමාරු වැඩක් වෙලා තියෙනවා. මේ වගේ ඒවා Intercept කරන්න හදලා තියෙන්නෙ THAAD කියන Missile Defence System එක. ඒතකොට මේවල Radar එක විදිහට එන්නෙ සාමනයෙන් 2000Km වගේ Detecting Range එකක් තියෙන AN/TPY-2 X Band Radar Systems.

AN/TPY-2 X Band radar

Theoretically බැලුවොත් THAAD වලට පුළුවන් Hypersonic Intercept කරලා බිම දාන්න. හැබැ​යි ගිය ටිකෙ Israel ට එල්ල වෙච්ච ප්‍රහාර වල Video බැලුවම පේන්නෙ THAAD එකත් Hypersonic Intercept කරන්න අසමත් වෙලා තියෙන බව​යි.

මේ Mach 27 කියන්නෙ 33,075 Km/h තරම් වේගයක්. මේක ගැන අදහසක් ගන්​න මම මෙහෙම කියන්නම්කො. ගොඩක් දෙනෙක් යන්න ආස කරන අපේ රටේ අය ගොඩ දෙනෙක් වාසය කරන රටක්නෙ ඉතාලිය කියන්නෙ. මේ ඉතාලියෙ Northම Point එකෙ ඉඳන් Southම Point එකට 2000 Km තියෙනවා. Strait Line එකක් දීගේ මේ මිසයිල් එක Mach 27 වලින් යැවුවොත් විනාඩි 2යි තත්පර 11ක් ඇතුලත මේ කියන දුර Avangard Missile එකෙන් Cover කරනවා. උදාහරණයකට ලන්කාවම ගත්තොත් උතුරු කොනේ ඉඳන් දකුනු කොනට තියෙන්නෙ 435Km විතර දුරක්නෙ. මේ දූර Mach 27 වලින් ගියොත් තත්පර 47.3කින් යන්න පුළුවන්. දැන් හිතාගන්න පුළුවන්නෙ වේගය ගැන.

දැන් කවුරුහරි ඇවිල්ලා කියයි ඇමෙරිකාව Mach 6.7ක වේගයෙන් යන්ඩ පුළුවන් X-15 හැදුවෙ 1959දි කියලා. ඔවු ඒක ඇත්ත හැබැයි Hypersonic Speed යන යානයක් හදන එකයි මිසය්ලයක් හදන එකයි කියන්නෙ දෙකක්. යානයක් හදනවට වඩා මිසය්ලයක් හදන එක සෑහෙනට Advanced වැඩක්. අනික Speed එක නමට Hypersonic උනාට Missile එකට තියෙන Requirements ගොඩක් වෙනස්.

X-15

X-15 වගේ යනාවන් හැදුවෙ B52 එකෙන් High Altitude එකකට ගිහින් X-15 එක යානයෙන් Drop කරපුවාම Straight Line එකක් දිගෙ යන Short Flight එකක් විදිහට. මීට අමතරව ගත්තොත් මේක Control කරන්න Pilot කෙනෙක් ඇතුලෙ ඉන්නවා.

හැබැය් මිසය්ලයක් එහෙම නෙමෙ. Hypersonic Missile එකක් එයා Target එකට යන අතර වාරයෙදි Terminal Phase එකේදි Maneuvers කරලා එයා අවට වට පිටාවෙන් එන Interceptor Missile මගහැර ගන්​න ඕනා, Hypersonic Missile එකක් Mach 5+ Speed වලින් යනකොට Missile එක වටේ Plasma Cloud එකක් හැදෙනවා ඔන්න ඕකෙන් Radar සහ Communication සම්පූර්ණවම Block වෙලා යනවා. ඔන්න ඕකෙ ප්‍රතිඵලයක් විදිහට GPS Signal නැතිවෙන්න පුළුවන්, එතකොට Radar Seeker එක වැඩ කරන්නෙ නැති වෙන්​න පුළුවන් වගෙ ඒවා වෙන්​න පුළුවන්. ඕවා නිසා අන්තිමට වෙන්නෙ Accurate Target එකක් ගන්න ගොඩක් අමාරු වෙන එක.

අනිත් ප්‍රධානම එක තමා Heat Problem එක, මේක Hypersonic Missile වලට තියෙන ඉතා ලොකු කරදරයක්. මොකද මේ Mach 5–10 වගේ Speed වලදි Skin Temperature 2000°C+ යන්න පුළුවන්. ඉතින් මේවට ඕන කරනවා Special Heat Resistant Materials මේවා හදන එක ඉතාම අමාරු වැඩක්.

මෙතන තියෙන ප්‍රධානම වගේම අමාරුම එක තමා Scramjet Technology එක. මේක ඉතාමත් Complex වැඩක්. මේ Hypersonic Cruise Missile වල භාවිතා වන Scramjet Engine, Supersonic State එකෙත් Fuel Burn කරන්න ඕන නිසා ගානටම Airflow එක Maintain කරන ගමන් Fuel + Air Mix වෙලා Combustion වෙන්න තියෙන්නේ Milliseconds වලින්. ඒකියන්නෙ තත්පරේන් දාහෙන් එකකදි මේ කියන ක්‍රියාවලිය හරියටම සිදු කරේ නැත්තම් Flight Path එක Disrupt වෙන්​න පුළුවන්. ඒක නිසා මේකෙ Guidance System එකෙ තියෙන Sensors වලින් දත්ත ලබාගෙන ඒවා Nanosecond ඒකියන්නෙ තත්පරයකින් බිලියනයකින් එකක කාලයකදි Process කරන්​න ඕනා.

අනික තමා Hypersonic Speed වල Maneuver කරනවා කියන්නෙ Frame එකට එන Huge Stress එක. Hypersonic Speed වලදි වායුගෝලය කියන්නෙ හරියට Missile එකට වදින්න Invisible Wall එකක් වගේ. ඒකට අපි කියනවා Dynamic Pressure එක කියලා. Speed වැඩි වෙද්දි Pressure එක වැඩි වෙනවා. මේකට තව හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒවා වෙනම Article එකකින් කතා කරමු.


මීට අමතරව ඇයි Hypersonic Missiles Intercept කරන එක තරමක් අමාරු? Hypersonic Glide Vehicles Maneuver කරන්නෙ කොහොමද? කියලා වෙනම Article එකකින් කතා කරමු.

එතකන් අපි කතා කරමු ඇමෙරිකාවටවත් නැති සාර්ථක Hypersonic Missile තාක්ෂණය කොහොමද? ඉරානෙට ගියෙ කියලා.