Loading...
Jeff Dunham සහ මියගිය ත්‍රස්තවාදියා Achmed

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පුරාම සමාජ ජාල පුරාවටම ජනප්‍රිය වුනු වීඩියෝවක් ගැන සටහනක් තබන්නට හිතුවා මොකද මේ අපේ කතා නායකයා Jeff Dunham තමයි ලෝකයේ ත්‍රස්තවාදය විහිලුවට ගත්ත හොඳම Ventriloquist වෙන්නේ. Ventriloquist කෙනෙක් කියන්නේ රුකඩ ශිල්පියෙක්. රූකඩ ශිල්පියෙක් කියන තැනදී අපිට මතක් වෙන්නේ රූකඩ මණ්ඩපය කියන සංකල්පය. නමුත් මේක ඊට වඩා සෑහෙන විශාල දෙයක්. මේ වෙනකොට Jeff Dunham සහ ඔහුගේ සගයන් ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කරලා තිබෙනවා.

Jeff Dunham සතුව ඔහුගේ සගයන් කිහිපදෙනෙක් සිටිනවා. ඔවුන් ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම්.

Achmed the Suicide Bomber

Achmed The Dead Terrorist | IM A DEAD SUICIDE BOMBER WEARS MY 72 VIRGINS | image

Achmed කියන්නේ Suicide Bomber, එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඔහුට අනුව. Dunham ඔහුව භාවිත කරනවා ලෝකයටම ගැටළුවක් වුනු ත්‍රස්තවාදය අවමානයට ලක් කරන්න. මිනිස්සු ඔහුගේ විහිලු වලට කොක් හඬලා සිනහ වෙනකොට, Achmed කෑ ගසනවා “Silence! I kill you!” විදිහට. මේ වෙලාවේ එක පාරටම ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් පිරි යනවා. Spark of Insanity වැඩසටහනේදී තමයි ඔහු මුලින්ම කරලියට ආවේ.

ඔහු ඇත්තෙන්ම අත් වැරැද්දකින් තමන්ගේ බෝම්බය පුපුරවා ගත්තු ත්‍රස්තවාදියෙක්. ඒකයි ඔහු ඇටසැකිල්ලක් විදිහට සිටින්නේ. නමුත් කෙනෙක් ඔහුගෙන් එය ඇහුවොත් ඔහු කියන්නේ ඔහු සැහෙන හොඳ සැලැස්මකින් පස්සේ බෝම්බය පුපුරවා ගත්තා කියලා. ඒ වගේම තමන්ගේ කන්‍යාවියෝ 72 ගැනත් ඔහු සැහෙන්න දුක් වෙන කෙනෙක්.

“Meet Achmed the Dead Terrorist” | Spark of Insanity | JEFF DUNHAM

සමහර අයගේ මතය අනුව අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන්ට කරන ලද උපහාසයක් විදියට මෙය දක්වා තිබෙනවා. 2009 වසරේ සිට ඔහු නොකඩවා පැමිණෙනවා Jeffගේ shows වලට. Achmedට පුතෙක් ඉන්නවා, ඔහු Achmed Junior නොහොත් AJ. මොහුගේ කතා විලාසය හා හැසිරීමත් එක්ක පෙනෙන්නට තිබෙන්නේ ඔහු සමලිංගික පුද්ගලයෙක් කියන එක.

ඔබ අසා තිබෙනවා ඇති මුස්ලිම් ආගම සමලිංගික පුද්ගලයන් කෙරෙහි දක්වන පිළිකුළ. මගේ මතය අනුව මේ චරිත ලක්ෂණ අපේ AJ ට පැමිණෙන්න ඇත්තේ මේ නිසා. Achmed හා Achmed Junior යන දෙදෙනාවම ගොඩනගා ඇත්තේ ජුරාසික් පාක් චිත්‍රපටියේ වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරපු ශිල්පියා විසින්මයි.

Walter

Walter කියන්නේ විශ්‍රාමික වයසක පුද්ගලයෙක්. ඔහුගේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔහු මේ ලෝකයේ හැමදේකම වැරැද්දක් දකිනවා. කිසිම කෙනෙක් ගැන තැකීමක් කරන්නේ නැති වියට්නාම් සටනට සහභාගී වුනු සෙබලෙක්. මොහුගේ බිරිඳ ගැන අවස්ථා කිහිපයකදී සඳහන් කලත් ඔහු බිරිඳව පවා තැකීමක් කරන්නේ නැහැ. වරෙකදී Dunham වරකදී අහනවා ඔහුට මතක විදිහට ඔහුගේ ජිවිතයේ සතුටුම මොහොත පිළිබඳව. Walterට අනුව ඒ මොහොත තිබුනේ මිට වසර හතලිස් හතකට පෙර බව ඔහු පවසනවා. Water puppet එක නිර්මාණය කරන්නේ Dunham විසින්.

“Walter’s Wisdom: The joys of marriage” | Arguing with Myself | JEFF DUNHAM

Peanut

Peanut කියන්නේ අධි ක්‍රියාකාරී දම් පැහැයට හැරුණු සමක් තිබෙන woozle සත්වයෙක්. කොණ්ඩය කොළ පැහැයට හැරුණු එක කකුලකට පමණක් සපත්තුවක් දාගත්තු මේ අමුතු සත්වයා. මොහුගේ විශේෂත්වය වෙන්නේ Peanut හැමවෙලාවකම තනියෙන් කතා කරන්න පුරුදු වුන කෙනෙක්. මොහුගේ හොඳම යාලුවා වෙන්නේ José Jalapeño on a Stick.

දණ්ඩක එල්ලිලා ඉන්න ස්පාඤ්ඤ ජාතිකයෙක් වෙච්ච Jose ඇදගෙන ඉන්නේ Sombrero හිස් වැසුමක් ඔලුවට දාගෙන ඉන්න අහිංසකයෙක්. වැඩි කතාබහක් නැති කෙට්ටු චරිතයක් වුනු Jose නිර්මාණය වෙන්නේ Jalapeno කියන මිරිස් වර්ගය පදනම් කරගෙන.

Peanut | All Over the Map | JEFF DUNHAM

මේ විදිහට ලෝකය පුරාම විවිධ වැඩසටහන් වලින් මිනිස්සුන්ව සිනහ සාගරයක ගිල්වපු Jeff Dunham 1962දී Texas වලදී. ඔහු මේ අමුතු හැකියාවත් එක්ක වැඩ පටන් ගත්තේ අවුරුදු 8දී. පාසලේ සිවුවන වසරේදී ඔහු තීරණය කරනවා ලෝකයේ හොදට වැඩ දන්නා Ventriloquist කෙනෙක් නොවී ලෝකයේ හොඳම Ventriloquist වෙන්න.

America’s favorite redneck is back and funnier than ever! The hilarious Bubba J met up with his best buddy Jeff Dunham to discuss the secret details of his white trash marriage to his beautiful…

ඔබට මම මේ ලිපියත් එක්කම පළ කරනවා Jeff Dunham ගේ YouTube Channel ලින්ක් එක. ඔබටත් පුළුවන් මෙතන click කිරීමෙන් ඔහුගේ video රස විදින්න.