Loading...
ඩොලර් මිලියන 15ක කැමරා වැඩි දියුණු කිරීමකින් වෙලඳපලට එන්න සැරසෙන Xiaomi 13 Pro

ඔබට මතක ඇති පසුගිය වසරේදී දෙසැම්බර් මාසයේදී Xiaomi සමාගම විසින් Snapdragon 8 gen 1 Chipset එක සහිත ලොව පළමු Smart Phone Series එක ලෙස Xiaomi 12 Flagship Smart Phone Series එක එළිදැක්වනු ලැබුවා.

Xiaomi සමාගම විසින් ඉදිරි සති කිහිපය තුල ඔවුන්ගේ මේ Flagship Series එකේ මීලග Lineup එක වන Xiaomi 13 Series එක නිකුත් කිරිමට සුදානමින් සිටින අතරම ඔවුන්ගේ මේ Xiaomi 13 Series එක සදහා Sony සමාගම සමග එක්ව ඩොලර් මිලියන 15ක පමණ මුදලක් යොදවමින් Camera Sensor එකක් වැඩි දියුණු කිරිමට කටයුතු කර ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මේ Sensor එක Better light capture, faster focusing සහ improved dynamic range ආදි හැකියාවන්ගෙන් සමන්විත වන අතරම මේ Sensor එකට Apple සමාගමේ iPhone 13 Pro Max Smart Phone එක සදහා ලබා දී ඇති Sensor එකට වඩා 76% ක ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනිමට හැකි වෙනු ඇති බව Xiaomi සමාගම විසින්ම මීට පෙර සහතික කර තිබෙනවා.

අන්තර්ජාලය තුළ මේ Xiaomi 13 Series එක පිළිබඳ වාර්තා වන තොරතුරුවලට අනුව මෙම Series එකටත් Leica Partnership එක ලැබෙනු ඇති අතරම මෙහි Rear Camera Setup එක Tripple 50MP Camera Setup එකකින් යුතු වන අතරම පසුගිය Xiaomi 12 Series එකත් සමග චීනයට පමණක් සීමා වි නිකුත් වුණ Xiaomi 12S Ultra Device එකට ලබා දී තිබු 1-inch IMX989 Sensor එක මේ Series එක සදහාත් යොදා ගැනීමටත් ඉඩකඩ තිබෙන බවට දක්වන්න පුලුවන්.

එමෙන්ම Xiaomi 13 Pro Device එක අගල් 6.7ක LTPO Display එකකින් යතු වන අතරම මෙය 32MP Front Camera Setup එකකින් සහ 120W Fast Charging පහසුකම සහිත 4800mAh Battery එකකින් ද සමන්විත වෙනු ඇත. මීට අමතරව මෙය බොහෝ විට Qualcomm සමාගම විසින් එළඹෙන සති කිහිපයේදී එළිදැක්විමට නියමිත Snapdragon 8 gen 2 Flagship Chipset එකෙන් සමන්විත වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: www.androidauthority.com