Loading...
Charger එක රහිතව LG G8X දුරකතන මිලෙන් හරි අඩකට අලෙවි කිරීමට LG සමාගම සූදානම් වේ

LG G8X කියන්නේ පසුගිය වසරේ නිකුත් කරපු LG සමාගමේ Flagship Device එකක් විදිහට දක්වන්න පුළුවන්. මේ Device එක Dual-screen Smartphone එකක් වෙනවා. ඒ වගේම Snapdragon 855 Processor එකෙන් බලගැන්වෙනවා. මෙය $682 පමණ මිලකට නිකුත් වුණා. දැන් Flipkart’s Big Billion Days sale ආරම්භ වු පසු මෙය එහි හදුන්වා දිමේ මිලෙන් අඩකට විකිණීමට අපේක්ෂා කර තිබෙනවා. හැබැයි ඒ Charging Brick එක රහිතවයි.

LG සමාගමේ ඉන්දියානු නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් දක්වා ඇති විදිහට මේ Offer එකත් එක්ක අපිට මිලදී ගන්න පුළුවන් වෙන LG G8X Device එක සමග Charger හෝ Adapter ලබා දිමක් සිදු වෙන්නේ නැ. ඒ කියන්නේ පසුගිය දින එළි දැක්වුන Iphone 12 Series එකේ මෙන් Charging brick එකක් රහිතව තමා මේ Festive sale එකේ දි LG G8X මිලදි ගත හැකි වෙන්නේ.

ඒ වගේම වැඩි දුරටත් ඔවුන් දක්වා තිබෙන්නේ Charging brick එකක් වෙනම මිලදි ගැනිමට අවස්ථාව සලසා ඇති බවයි. එමෙන්ම මේ Device එක Brandnew වන අතර මොනම ආකාරයේ හෝ Refurbished Device එකක් නොවන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

LG G8X Specs

‌‌මේ Device එක අගල් 6.4-inch OLED FHD+ Dual Display එකකින් යුතු වන අතර මේ Display එක Waterdrop Notch එකකින් යුතු වෙනවා. ඒ වගේම මේ Display එක සදහා Gorilla Glass 6 Protection එකත් ලබා දි තිබෙනවා. එමෙන්ම Snapdragon 855 processor එකෙන් බලගැන්වෙන අතර 6GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු වෙනවා.

මෙහි Selfie Camera එක 32MP Lens එකකිනුත් Main Camera Setup එක 12MP Primary Camera Lens එකකින් හා 13MP Ultrawide Angle Camera Lens එකකින් යුතු Dual Camera Setup එකකින් සමන්විත වෙනවා.

ඒ වගේම මේ Device එකේ පසුපස Glass එක සදහා Gorilla Glass 5 Protection එක ලබා දි තිබෙනවා. මෙහි Battery Capacity එක ⁣4000mAh වෙන අතරම 21W Wired Fast Charging හා 9W Wireless Fast Charging Feature එකෙන් යුතු වෙනවා.

මේ Smartphone එකේ අනිත් Features විදිහට In-display fingerprint scanner, stereo speakers with 3D surround sound, NFC, IP68 Rating හා Hi-Fi Quad DAC features දක්වන්න පුළුවන්.

මෙහි මිල ලෙස දැක්වෙන්නේ (Offer Price)  $273 ක්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙහි Charging brick එක $27ක් වැනි මුදලකට මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.

Sources : Gizmochina