Loading...
Micromax IN 1 ජංගම දුරකතනය එළඹෙන මාර්තු 19 වන දිනදී ඉන්දියාවේදී එලි දැක්වීමට Micromax සමාගම සූදානම් වේ

ඔබට මතක ඇති අපි මිට පෙර ලිපියකින් ගෙන ආවා Micromax සමාගමේ නවතම Mid-range Smartphone Series එක ගැන තොරතුරු. ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි ඉන්දියාවේ දි මේ "IN" Smartphone Series එක නිකුත් කරන්න Micromax සමාගම කටයුතු කළා. මේ IN Series එක යටතේ Micromax IN Note 1 හා Micromax IN 1B විදිහට Smartphone දෙකක් ඔවුන් නිකුත් කරනු ලැබුවා.

Micromax සමාගම විසින් මේ "IN" Smartphone Series එක යටතේ තවත් Device එකක් නිකුත් කිරිමට සුදානමින් සිටිනවා. ඒ Micromax IN 1 Smartphone එකයි. මේ IN 1 Smartphone එක මේ මස 19 දින ඉන්දියාවේ දි නිකුත් කිරිමට Micromax සමාගම සුදානමින් සිටිනවා.

SPECIFICATIONS (Expected)

දැනට තිබෙන තොරතුරුවලට අනුව මේ Micromax IN 1 Smartphone එක අගල් 6.67 Punch-Hole Cutout එකකින් සමන්විත FHD+ Display එකකින් යුතු වෙනවා. ඒ අනුව අපිට මේ IN 1 Smartphone එකේ Size එකත් මිට පෙර නිකුත් වු IN 1 Note 1 Smartphone එකේ Size එකටම සමාන වෙනු ඇත.

6GB RAM එකක් හා 128GB Internal Storage එකකින් යුතු වෙන අතර මෙය MediaTek’s Helio G80 chipset එක මගින් බලගැන්වෙන ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සදහා Rear Fingerprint Sensor එකක් ලබා දෙනු ඇත.

මේ IN 1 Smartphone එක 48MP Main Lens එකකින් යුතු Triple Camera Setup එකකින් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහි අනෙක් Lens දෙක විදිහට 2MP Lens දෙකක් අඩංගු වෙනු ඇත. Selfie Camera Setup එක සදහා 8MP Lens එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ IN 1 Smartphone එක සදහා 18W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Micromax, Gizmochina