Loading...
Micromax සමාගම විසින් IN Note 1 සහ IN 1B නමින් ජංගම දුරකතන දෙකක් එලිදැක්වීමට දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති අපි මිට පෙර ලිපියකින් ගෙන ආවා Micromax සමාගමේ නවතම Mid-range Smartphone Series එක ගැන තොරතුරු. ඊට අනුව අද (03) ඉන්දියාවේ දි මේ "In" Smartphone Series එක නිකුත් කරන්න Micromax සමාගම කටයුතු කළා. මේ In Series එක යටතේ Micromax IN Note 1 හා Micromax IN 1B විදිහට Smartphone දෙකක් ඔවුන් නිකුත් කරනු ලැබුවා.

මේ Smartphone දෙකේ Specs වලට අනුව නම් Budget Device Range එකේ පවතින අනෙක් Smartphones වලට ඉතා හොඳ තරගයක් ලබා දෙන බව නිසකයි.

Micromax IN Note 1

අගල් 6.67ක Full HD+ IPS LCD Punch Hole Display එකකින් සමන්විත මේ Device එකේ Display Refresh Rate එක 60Hz වෙනවා. Micromax IN Series එකේ දැනට පවතින Powerfulම Device එක විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ Smartphone එක MediaTek Helio G85 Chipset එකෙන් බලගැන්වෙනවා. ඒ වගේම මෙහි RAM එක 4GB ද Internal Storage එක 64GB හෝ 128GB ද වෙනවා.

මේ IN Note 1 Smartphone එක Android 10 Pre-installed ලෙස ලබා ගත හැකියි. ඒ වගේම මේ Smartphone එක සදහා ඉදිරි OS Update දෙකක් දක්වා ලබා ගත හැකි වනුත් ඇත (Android 12 දක්වා).

මේ Device එක සදහා Rectangular Quad Camera Setup එකක් ලබා දි තිබෙන අතර එය 48MP Wide lens එකකින්, 5MP Ultrawide lens එකකින් හා 2MP බැගින් වු Macro හා Depth Sensor දෙකකින් සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 16MP lens එකක් භාවිත කර තිබෙනවා.

මෙය 5000mAh Battery Capacity එකකින් හා 18W Fast Charging Feature එකෙන් සමන්විත වෙනවා. ඒ වගේම මේ Smartphone එකේ 3.5mm Headphone Jack එකත් ලබා දිලා තිබෙනවා. ඒ වගේම Rear Mounted Fingerprint Sensor එකකුත් මේ Device එක සමග ලබා දි තිබෙනවා. මේ Smartphone එක White හා Green Coloursවලින් මිලදි ගන්න පුළුවන්. ඒ වගේම Green Color Smartphone එකේ X-Shaped Pattern Design එකක් බලාගන්න පුළුවන්.

Micromax IN 1B

Entry Level Smartphone එකක් විදිහට හදුවන්න පුළුවන් ‌‌මේ Smartphone එක අගල් 6.52ක Waterdrop Notch එකක් සහිත HD+ IPS LCD Display එකකින් සමන්විත වෙනවා. මේ Display එකෙත් Refresh Rate එක 60Hz වෙනවා. මෙය MediaTek Helio G35 chipset එකෙන් බලගැන්වෙන අතර Android 10 සමග ලබා ගන්න පුළුවන්. මේ Device එකටත් වසර දෙකක් දක්වා OS Update ලබා දිමට Micromax සමාගම කටයුතු කරනවා. මේ Smartphone එක 2GB RAM හා 32GB Internal Storage එකකින් විදිහටත් 4GB RAM හා 64GB Internal Storage එකකින් විදිහටත් මිලදි ගන්න පුළුවන්.

13MP Primary camera Lens එකකින් හා 2MP Depth Sensor එකකින් මෙහි Rear Camera Setup එක සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 8MP lens එකක් යොදා තිබෙනවා.

ඒ වගේම මේ Device එකේ Rear Mounted Fingerprint Sensor එකක් හා 3.5mm Headphone Jack එකත් ලබා දි තිබෙනවා. මේ Smartphone එක සදහා 5000mAh Battery Capacity එකක් ලබා දි තිබෙන අතර 10W Charging Feature එකත් ලබා දි තිබෙනවා. මේ Micromax IN 1B Smartphone එක අපිට Purple, Blue හා Green Colors වලින් මිලදි ගන්න පුළුවන්.

Sources : Gizmochina, Beebom