Loading...
MIUI 12 සමඟ පැමිණි අළුත්ම feature එක Flare විසින් පෞද්ගලිකත්වයට හානි කරන Apps හදුනාගෙන පරිශීලකයාට දැනුම්දෙයි

MIUI 12, එහෙමත් නැත්තම් Xiaomi devices වල Android Skin එකේ major update එකක් ගිය මාසයේ ලෝකය පුරා සිදු උනා සහ තවමත් ඇතැම් devices වල ඒ update එක ලැබෙන ගමන් පවතිනවා. මේ update එකත් එක්ක ලැබුණු Flare කියන feature එකත් එක්ක Xiaomi භාවිතා කරන අයට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිදායක කරන apps හඳුනා ගැනීමට  හැකියාව ලැබුනා.

Flare feature එකට අනුව self-start වන apps, device information read කරන apps, සහ පෞද්ගලික තොරතුරු වලට access කරන apps, ලෙහෙසියෙන්ම හඳුනා ගැනීමට පුළුවන්.

ඇත්තටම මොකක්ද මේ Flare කියන feature එක?

Flare කියන්නේ MIUI 12 එක්ක Xiaomi ආයතනය විසින් හඳුන්වා දුන් feature එකක්. මේ හරහා අපගේ Xiaomi ජංගම දුරකථනයේ ඇති apps වල සංවේදී හැසිරීම් රටාවන් වාර්තා කරන එක තමයි කරන්නේ. ඊට අමතරව එම සංවේදී හැසිරීම් රටාවන් ජංගම දුරකථනය භාවිතාකරන්නා හට දැනුම් දීමක්ද කරනවා. උදාහරණ වශයෙන් පරිශීලකයාට නොදැනෙන ආකාරයට, පසුබිමින් සිදු කෙරෙන ශබ්ද පටිගත කිරීම්, දුරකථන ඇමතුම් ලබා ගැනීම්, call history එකට access කිරීම කියන දේවල් පෙන්වා දෙන්න පුළුවන්.

මේ ආකාරයට පරිශීලකයාට නොදැනෙන අයුරින් ඇතැම් apps වලින් කරපු සංවේදී ක්‍රියාකාරකම් කිහිපයක් පහතින් ඇත.

  • You Academy
    මෙම app එක විසින් ජංගම දුරකථනයේ පෞද්ගලික ගොනු සහ ෆොටෝස් වලට විනාඩි 5ක් ඇතුලත ආසන්න වශයෙන් වාර 25,000ක් පමණ ප්‍රවේශ වීම් සිදු කර ඇත.
  • Tencent Tim
    මෙම app එක පැයක් ඇතුලත වාර 7,000කට ආසන්න ප්‍රමාණයකින් self-start වීමට උත්සාහා දරා ඇති අතර වරින් වර Contacts list එකට ප්‍රවේශ වීමට උත්සාහ දරා තිබෙනවා.

මීට අමතරව චීනයේ වඩාත් ප්‍රචලිත ඇප්ස් කිහිපයක් වන Pin Duoduo, National K Song, King of Glory, Sina Weibo සහ තවත් ඇප්ස් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට පසුබිමින් ක්‍රියාත්මක වීමට උත්සාහ දැරීම් Flare හරහා දැනුම් දී තිබෙනවා.

නමුත් එවැනි බොහොමයක් ඇප්ස් පසුබිමින් ක්‍රියාත්මක වීමට උත්සාහා දරා ඇත්තේ වැදගත් අප්ඩේට් එකක් ලබාගැනීමට, target advertising සඳහා තොරතුරු ලබා ගැනීමට සහ app එකට ඇති traffic එක වැඩි කරගැනීමට වැනි කරුණු නිසාය.

එ කෙසේ වෙතත් මේ වෙනකොට Xiaomi usersලට මේ වෙනකොට apps වල හැසිරීම ගැන පෙන්වන්න feature එකක් තියෙනවා සහ එම අදාල හැසිරීම් අදාල නොවන්නේ නම් ඒවා disable කිරීමට හැකියාව ඔවුන්ට ලැබී තිබෙනවා. පහුගිය දවස් වල Xiaomi සමාගම පැත්තෙන් වාර්ථ වු පෞද්ගලිකත්වයට හානි සිදුවන පුවත් වල හොඳ පිලිතුරක් ලෙස මෙය හැඥින්විය හැකියි.