Loading...
අඩු මිලකට වැඩ පෙන්වන්න ලංකාවට අළුතෙන් ගොඩ බැස්ස Motorola හැඩකාරයා: Moto G30

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මුල් පෙලේ වැජඹුනු ජංගම දුරකතන සන්නාමයක් තමයි Motorola කියන්නේ. මෑතකදී Motorola ජංගම දුරකතනයන් නැවත වතාවක් ශ්‍රී ලංකාවේදී නිලවශයෙන් එලිදැක්වීම සිදු වුනා. Motorola ජංගම දුරකතනයන් ශ්‍රී ලංකාවට නැවත රැගෙන ඒම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සිංහගිරි ආයතනයයි.

අද අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවේදී එලිදැක්වූ Motorola සමාගම විසින් නිපදවන ජංගම දුරකතන මාදිලියක් වන Motorola G30 ජංගම දුරකතනය පිලිබඳව විස්තරාත්මක හැඳින්වීමක්.

Display

Motorola G30 ජංගම දුරකතනය වෙත අඟල් 6.5ක HD+ පහසුකමින් යුතු Max Vision වර්ගයේ තිරයක් යොදාගෙන ඇති අතර එහි resolution එක 1600x720 ප්‍රමාණයේ වන අතර එහි refresh rate එල 90Hz අගයක් ගනු ලබනවා.

මීට අමතරව මෙම තිරයේ brightness එක උපරිමය සඳහා 366nits අගයක් ගන්නා අතර මෙම තිරය ජංගම දුරකතන ක්‍රීඩා කිරීම සහ එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට උපරිම පහසුවක් ලබා දෙන තිරයක් ලෙස කටයුතු කරනවා.

Camera

Moto G30 ජංගම දුරකතනය සතුව Quad camera system එකක් පවතින අතර එය පිලිවෙලින් 64 MP, f/1.7, 26mm (wide), 1/1.97", 0.7µm, PDAF කැමරාවකින්, 8 MP, f/2.2, 118˚ (ultrawide), 1/4.0", 1.12µm ultrawide  කැමරාවකින්, 2 MP, f/2.4, macro ලෙන්ස් එකකින් සහ 2 MP, f/2.4, depth සෙන්සර් එකකින් යුක්ත වනවා. මේ කැමරා පද්ධතිය හරහා primary lens එක භාවිතාවෙන් 60fps දක්වා වීඩියෝ ගත කිරීම් සිදු කල හැකි අතර ultrawide සහ macro video ගත කිරීමේදී 30fps දක්වා වීඩියෝ ගත කිරීම සිදු කල හැකිය.

64MP primary camera
Ultrawide camera
Macro camera on Moto G30

මෙම කැමරාව හරහා රාත්‍රී කාලයේදී ලබා ගන්නා ඡායාරූප පවා ඉතාමත් හොඳ ආකාරයට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Nighttime photography on Moto G30

Selfie කැමරාව දෙසට හැරුනු විට එය මෙගා පික්සල් 13කින් යුක්ත වන අතර එම කැමරාව හරහා ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුතු ඡායාරූප ලබාගත හැකි අතර Instagram සඳහා ඡායාරූප ලබා ගැනීමට ඉතාමත් යෝග්‍ය කැමරාවක් ලෙස හඳුන්වා දීමට හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙමඟින් ලබාගන්නා ඡායාරූප වල පැහැදිලි බව වැඩි කිරීමට Motorola සමාගම කටයුතු කර තිබෙනවා.

Chipset, RAM, Performance, Storage

Moto G30 ජංගම දුරකතනය Snapdragon 662 chipset එකකින් යුක්ත වන අතර එම චිප්සෙට් එක Octacore වර්ගයේ නැනෝ මීටර් 11 ආකාරයෙන් නිපදවූ චිප්සෙට් එකක් වන අතර Adreno 620 මාදිලියේ GPU එකකින් යුක්තවේ.

එමෙන්ම මෙම ජංගම දුරකතනය පහත දැක්වෙන RAM සහ Storage පහතාකාරයෙන් වේ.

  1. 4GB RAM 64GB Storage
  2. 4GB RAM 128GB Storage
  3. 6GB RAM 128GB Storage

Battery & Charging

Remove කරන්න බැරි ලිතියම් පොලිමර් 5000 mAh Capacity එකක Battery එකක් තමයි මේකෙ තියෙන්නේ. ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් මොකද මේ Range එකේ අනිත් ඒව එක්ක බැලුවම.

Charging පැත්තට ආවොත් මෙන්න මෙතන තමා ටිකක් පසුබෑමක තියෙන්නේ. මොකද මේ Range එකේ අනිත් දුරකථන එක්ක සසඳල බලනකොට එයාලා 25W, 30W වලින් එහාට ගිහින් 65W පවා Charging දීලා තියෙන වෙලාවක 5000 mAh Battery එකක් Charge කරන්න දීල තියෙන්නේ Fast charging 15W/20W විතරයි. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩිපුර වෙලාවක් යන බවක් නම් පේනවා මේ Device එක Charge වෙන්න මෙහෙම බැලුවම.

Operating System

Moto G30 බලගැන්වෙන්නේ Android 11 වලිනි.

Other Features

මේ දුරකථනය හා ලබාදෙන අනෙකුත් Features ගැන කතා කරොත්,

  • Sensors
    Fingerprint (rear-mounted), accelerometer, gyro, සහ proximity, කියන sensors මෙම ජංගම දුරකතනය සතු වෙනවා.
  • Security
    Side fingerprint sensor සහ AI face unlock කියන පහසුකම්ද ලබා දී තිබෙනවා.
  • Phantom Black (Dark Pearl), Pastel Sky යන වර්ණ 2න් වෙළඳපලට නිකුත් කර තිබෙනවා.

Price

හැමදේම බැලුවටත් පස්සේ අපි ඊලඟට බලන සාධකය වන්නේ ජංගම දුරකතනයේ මිල. මේ මත තමයි බොහෝ දුරට අපි ජංගම දුරකතනය මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ. මොකද අපි ගෙවන මිලට සරිලන, සෑහීමකට පත්වෙන්න පුළුවන් පහසුකම් තියෙනවා නම් විතරයි අපි ඒ ජංගම දුරකතනය මිලදී ගන්නේ.

Moto G30 දුරකතන ශ්‍රී ලංකාවේදී අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල ලෙස සිංහගිරි සමාගම රුපියල් 45,990ක් ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියේ මිල ගණන් දක්වා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේදී මේ වන විට අපට මිලදී ගැනීමට හැකියාව පවතින්නෙ 6GB 128GB RAM සහ Storage එකකින් යුතු මාදිලියේ ජංගම දුරකතන පමණි

ඉහත මිල ගණන් සිංහගිරි සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වී ඇති මිල ගණන් වන අතර ඒවා පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. අප විසින් අදාල මිල ගණන් පරික්ෂා කිරීමේදි දැක්වූ මිල ගණන් ඉහත දක්වා ඇත. මිල ගණන් පරික්ෂා කිරීම සඳහා මෙම සබැඳියට යොමු වන්න.