Loading...
Dialog Home Broadband පාරිභෝගිකයන් සඳහා නව අන්තර්ජාල පැකේජයන් කිහිපයක්

ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සපයන සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පාරිභෝගිකයින් සඳහා නව පසුගෙවුම් අන්තර්ජාල පැකේජයන් කිහිපයක් සුවිශේෂි විශේෂාංග කිහිපයක් සමඟින් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස හඳුන්වා දී ඇති අන්තර්ජාල පැකේජයන් සමඟින් Data Roll Over කිරිමේ හැකියාව ලබා දී තිබෙන අතර මේ පැකේජයන් ඔස්සේ 4 Mbps වු Downlink Speed එකකුත් 1 Mbps වු Uplink Speed එකකුත් බලාපොරොත්තු විය හැකියි (Average Down/Up link speeds). මීට අමතරව 10Mbps Download Speed එකකින් හා 1 Mbps Upload Speed එකකින් යුතු Unlimited පැකේජයක් ද හඳුන්වා දී තිබෙනවා.


නව පසුගෙවුම් අන්තර්ජාල පැකේජයන් (බදු රහිතව මිල ගණන් පහත පරිදි වේ),

Plan A

රු. 1,290.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 65GB ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟ ලැබෙනවා.

Plan B

රු. 1,890.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 100GB ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟ ලැබෙනවා.

Plan C

රු. 2,490.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 140GB ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟ ලැබෙනවා.

Plan D

රු. 2,990.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා Anytime Data 175GB ලැබෙන අතරම මාසය අවසන් වන විට ඉතුරු Data මීලග මාසය සඳහාත් භාවිත කිරීමේ හැකියාව මේ පැකේජය සමඟ ලැබෙනවා.

Source - TRCSL

Plan E - Unlimited

Source - TRCSL

රු. 3490.00ක මිලකට ලබා ගත හැකි මේ පැකේජය ඔස්සේ මාසයක කාලයක් භාවිත කිරීම සඳහා 10Mbps Download Speed එකකින් හා 1 Mbps Upload Speed එකකින් යුතු Unlimited Data හිමි වෙනවා. කෙසේ වෙතත් Telegram, Torren ආදිය සඳහා ලැබෙනුයේ 1 Mbps Speed එකකුයි.

Source: www.trc.gov.lk