Loading...
ලෝක රෑපවාහිනි දිනය සමරමින් PEO TV වෙති​න් නව චිත්‍රපට නාලිකා 08ක්; නොවැම්බර් 30 දක්වා නොමි​ලේ

PEO TV පාරිභෝගික ඔබ දැනටමත් දන්නවා ඇති PEO TV ඔස්සේ විකාශය වු සියලූම HBO නාලිකා ජුනි 01 වන දින සිට විකාශනය නවතා දමා ඇති බව. ඒ අනුව ඔවුන් විසින් PEO TV සදහා ලබා දී තිබු HBO, HBO Signature, HBO Hits, HBO Family, HBO HD, HBO Signature HD, HBO Hits HD සහ HBO Family HD යන නාලිකා 08 PEO TV ඔස්සේ නැරඹිමේ හැකියාව අහිමි විම සිදු වුවා.

කෙසේ වෙතත් අද දිනට යේදි ඇති ලෝක රෑපවාහිනි දිනය සමරමින් නව PEO TV චිත්‍රපට නාලිකා 08ක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම චිත්‍රපට නාලිකා 08න් නාලිකා 04ක් HD සහ නාලිකා 04ක් SD Quality එකෙන් යුතුව නැරඹිමේ හැකියාව ලැබෙන අතරම මෙම නාලිකා සියල්ලම එක්සත් රාජධානියේ 'Mimyuni Media Entertainment' සමාගමට අයත් නාලිකා වනවා.

ලබා දී තිබෙන නව චිත්‍රපට නාලිකාවන්

  1. Cinemachi Action ( CH - 29 )
  2. Cinemachi Family ( CH - 30 )
  3. Cinemachi Scream ( CH - 31 )
  4. Cinemachi Xtra ( CH -32 )
  5. Cinemachi Action HD ( CH - 32 )
  6. Cinemachi Family HD ( CH - 332 )
  7. Cinemachi Scream HD ( CH - 333 )
  8. Cinemachi Xtra HD ( CH - 334 )

එමෙන්ම මේ නාලිකාවන් සියල්ල අද දින ( නොවැම්බර් 21 ) සිට මේ මස 31 වන දින දක්වා නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙන අතරම ඒ සදහා මෙම නාලිකා සියල්ල Subscribe කළ යුතු වෙනවා.