Loading...
Rotatable Camera සහිත folding smartphone එකක් සඳහා Xiaomi විසින් patent ලබා ගනී

Xiaomi සමාගමෙන් ඉදිරිපත් කරන ලද නව පේටන්ට් බලපත්‍රයක, නව ස්මාර්ට්ෆෝන් ආකෘතියක සටහන් අපට දැකගත හැකිය.  Folding smartphone පසුගිය වසරේ නැවත පැමිණීමත් සමඟ, ස්මාර්ට්ෆෝන් සමාගම්  ඔවුන්ගේ දුරකථන නව ආකාරයකින් ඉදිරියට ගෙන යනු ඇතැයි සිතේ.  Xiaomi වෙතින් ඉදිරිපත් කල මෙම දුරකථනය MOTO Razor හෝ Samsung Galaxy Z Flip වැනි ක්ලැම්ෂෙල් ස්මාර්ට් ජංගම දුරකතන වලට වඩා වෙනස් වේ.

මෙම දුරකථනයේ ඉහළ භාගයෙහි තීරුවක් ඇති අතර එය පසුපස කැමරාව ඉදිරිපසට හා පසුපසට තිරස් අතට කරකැවිය හැකිය.  පහත දැක්වෙන පේටන්ට් පින්තූර CNIPA fillingහි පළ කර ඇති චිත්‍ර මත පදනම්ව Let Go Go Digital විසින් නිර්මාණය කරන ලද්දකි.

දුරකථනයේ ඉහළ කොටසේ දකුණු පැත්තේ power සහ volume key ඇත.  භ්‍රමණය වන කොටසට මඳක් පහළින් පිහිටා ඇති speaker grill එකක් ද වේ.

Xiaomi එවැනි උපකරණයක් නිෂ්පාදනය කර විකුණනු ඇතැයි එයින් අදහස් නොකෙරේ.  දුරකථන නිෂ්පාදකයින් බොහෝ විට මෙවැනි දෘඩාංග සඳහා පේටන්ට් බලපත් ලබා ගන්නා අතර එය බොහෝ අවස්ථාවල වෙළඳපොළට නොපැමිණේ.  මෙයට ඇති ඉල්ලුම සීමාව ඉක්මවා ගියහොත්, එවැනි උපකරණයක් වෙළඳපොළට වඩාත් සුදුසු වනු ඇත, එවිට අපට මෙය වෙළඳපොළේ දැක ගත හැකි වනු ඇත.