Loading...
OnePlus නිර්මාතෲගේ නව ජංගම දුරකතනය Nothing (1) එලි දැක්වීම ජූලි 12 වෙනිදා

ඔබට මතක ඇති අප මීට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Pei එම සමාගමෙන් ඉවත්ව ගොසින් Nothing නමින් සමාගමක් පිහිටුවා ගත් අතර එම සමාගම යටතේ ජංගම දුරකථනයක් එළිදැක්වීමට නියමිතව පවතින බව.

ඊයේ දිනයේදී Nothing සමාගමේ පළමු Smart Phone එක වන Phone (1) ජංගම දුරකථනයේ පළමු ජංගම දුරකථන 100 වෙන්දේසිය ආරම්භ කරනු ලැබු අතර Marques Brownlee විසින් මේ ජංගම දුරකථනයේ 1st Look Video Clip එකක් Youtube සදහා එක් කර තියෙනවා.

ඒ වගේම Nothing සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් පළමු Smart Phone එක වෙන Phone (1) ජංගම දුරකථනය ජුලි මස 12 වෙනි දින නිල වශයෙන් එළිදැක්විමට නියමිත බව දක්වා තිබෙනවා.

Transparent Smart Phone එකක් වෙන මේ Phone (1) ජංගම දුරකථනය ඉන්දියාවේදි නිපදවෙන අතර Snapdragon Chipset එකක් මගින් බලගැන්වෙනු ඇති අතර එය Android 12 මගින් සමන්විත වෙනු ඇත.

දැනට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව මෙය Snapdragon 7 Gen 1 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර 50MP Rear Camerasවලින් සමන්විත වෙනු ඇත. එමෙන්ම මෙය 45W Fast Charging සදහා සහය දක්වනු ඇති අතර 90Hz Refresh Rate එකකින් යුතු Display එකක් ද ලබා දී තිබෙනවා. එමෙන්ම මේ ජංගම දුරකථනය සදහා LED Light Setup එකක් ද ලබා දී තිබෙනවා.

Sources: Beebom

‌‌‌