Loading...
OnePlus සමාගමේ සම නිර්මාතෲ Carlගේ Nothing සමාගම විසින් 2022​දී ජංගම දුරකතනයක් එලිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Pei එම සමාගමෙන් ඉවත්ව ගොසින් Nothing නමින් සමාගමක් පිහිටුවා ගත් අතර එම සමාගමෙන් Nothing ear (1) නමින් true wireless earbuds එකක් එලීදැක්වූ අතර ඒ පිළිබඳව අප විසින් ඔබට වාර්තා කලෙමු. එමෙන්ම තාක්ෂණික ලෝකයේ වැඩිමනක් කතාබහට පත් වූයේ Nothing සමාගම විසින් sounds වලට පමණක් අදාලව නිෂ්පාදන සිදු කරනු ඇති බවයි.

නමුත් මේ වන විට ඒ සියල්ල වෙනස් කරමින් Nothing සමාගම ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වනවා. මේ වන විට Nothing සමාගම Qualcomm සමාගම සමඟින් හවුල් ගිවිසුමකට එළඹී ඇත. මේ පිළිබඳව වාර්තා කර තිබුනේ 91mobiles වෙබ් අඩවිය හරහා වුනත් මේ පිළිබඳ වැඩිදුර විස්තර එහි සඳහන්ව නොතිබුනත් පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වූයේ Nothing සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතිය නිපදවූ Andy Rubin විසින් 2017දී පිහිටුවාගත් Essential නම් වූ ජංගම දුරකථන නිපදවන සමාගම අත්පත් කරගැනීමත් සමඟ කරලියට පැමිණියේ Nothing සමාගම ජංගම දුරකතන නිෂ්පාදනය සඳහා යොමු වනු ඇති බවයි.

මේ වන විට Essential සමාගමේ trademarks, logos, ඇතුලු සියලම අයත් වන්නේ Nothing සමාගමටයි.

Carl Pei OnePlus සමාගම හැරයාමත් සමඟින් OnePlus සමාගමේ විශාල වෙනස්කම් රැසක් සිදු වන්නට විය. එයින් ප්‍රධානම වෙනස්කම් දෙක වූයේ OnePlus සමාගම මූළුමනින්ම Oppo සමාගම සමඟ ඒකාබද්ධ කිරීමත්, ලොව විශාල පිරිසක් වසඟයට ගත් OxygenOS එක ඉවත් කර OnePlus ජංගම දුරකතන සඳහා ColorOS එක යෙදීමත්‍ ය.

ඉහත කී කාරණා දෙකත් සමඟ OnePlus ජංගම දුරකතන වලට ආදරය කරන විශාල පිරිසක් මහත් කනස්සල්ලෙන් සිටින බව සමාජජාලා ඔස්සේ පලවන දෑ හරහා සනාථ වනවා. කෙසේ වෙතත් පල වන වාර්තාවලට අනුව Nothing සමාගම විසින් නිපදවන ජංගම දුරකතනය 2022 වර්ෂයේදී නිකුත් වීමට නියමිත බව මත පල වන අතර ඊට පෙර Nothing සමාගම විසින් නිපදවන Nothing Powe (1) නම් ​වූ Powerbank එකක්ද එලිදැක්වීමට නියමිතය.

විශාල පිරිසක් දෑස අයා සිටින්නේ නවතම Flagship killer ජංගම දුරකතනයක් නැවත වතාවක් වෙළඳ පල රජ කරන යුගයක් එළඹෙන තුරුය. මන්ද යත් මේ වන විට විවිධ විවිධ සන්නාමයන් යටතේ Flagship killers යනුවෙන් ජංගම දුරකතන වෙළඟ පලට නිකුත් වූවත් ඒවා ඇත්තටම Flagship killers නොවන නිසාවෙනි.

Source: 91mobiles, ​XDA-Developers