Loading...
OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Peiගේ Nothing සමාගම නව Wireless Earbuds නිකුත් කිරීමට සූදානම් වේ

OnePlus සමාගමේ සම නිර්මාතෲ ලෙස කටයුතු කල Carl Pei විසින් OnePlus සමාගමෙන් ඉවත්වීමෙන් පසු Nothing නම් වූ නව audio startup එකක් ආරම්භ කලා. පසුගිය දෙසැම්බරය වන විට Nothing සමාගම සතුව ඇමරිකානු ඩොලර් මිලියන 7ක අරමුදලක් පැවති අතර GV සමාගම (පෙර Google Ventures ලෙස හැඳින්වූ) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15ක අරමුද ලබා දී තිබෙනවා

මෙම නව මිලියන 15ක අරමුදල් එකතු වීමත් සමඟ Nothing සමාගමේ මූ අරමුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 22 දක්වා ඉහල ගොස් ඇති අතර මීට පෙර ආයෝජකයන් ආයෝජනය කර තිබූ ඩොලර් මිලියන 7 අතර iPod එක සඳහා ආයෝජනය කල Tony Fadell, ලෝක ප්‍රසිද්ධ YouTuber කෙනෙක් වන Casey Neistat, Twitch co-founder Kevin Lin, Reddit CEO Steve Huffman සහ Product Hunt CEO Josh Buckley යන අයවලුන් එම ආයෝජායන්ගේ ලැස්තුවට ඇතුලත් වනවා.

GVහි General Partner වශයෙන් කටයුතු කරන Tom Hulme විසින් මෙම ආයෝජනය පිළිබඳ අදහස් දක්වා ඇත්තේ පහතාකාරයටය.

“Pei’s vision for smart devices is compelling. We have high confidence that with Carl’s global mindset, the Nothing team will have a meaningful impact on the market for consumer technology,”

Bloombergහි වාර්තාවකට අනුව මේ වන විට Nothing සමාගම විසින් wireless earbuds දෙකක් නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඔවුන් විසින් තමන්ගේ ප්‍රථම නිෂ්පාදනය මෙම වසරේ ජූලී මාසය වන විට එලිදැක්වීමට බලාපොරොත්තු වන අතර අනෙකුත් නිෂ්පාදනයන් මෙම වසර අගදී නිපදවීමට බලාපොරොත්තු වනවා.

“We’re building an ecosystem of smart devices. We’ll start with simpler products, wireless earbuds. We’re going to have multiple products throughout the year, not just audio products, and eventually we want to build it so these devices talk to each other,”

යනුවෙන් Pei විසින් Bloomberg වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Nothing ස්මාගම යටතේ නිපදවෙන මෙම ප්‍රථම wireless earbuds අයත් වන්නේ කුමන මිල කාණ්ඩයටද යන්න මේ වනතුරුත් කිසිඳු අදහසක් හෝ තොරතුරක් හෙලි නොකර ඇති නමුත් මෙම ප්‍රථම නිෂ්පාදනය Sony සමාගමේ WF-1000MX3 සහ Apple සමාගමේ AirPods Pro සම්ඟ ලබාදෙන විශේෂාංග සහිතව ලබා දෙනු ඇතැයි මත පලවෙනවා.

ඒ කෙසේ වෙතත් Nothing සමාගම විසින් OnePlus සමාගම ගමන් ගත් මගෙහිම ගමන් කරමින්, ඔවුන්ගේ premium wireless earbuds හරහා AirPods Pro හෝ ඊට සමාන features වලින් යුතු wireless earbuds දෙකක් අඩු මිලට වෙළඳපලට නිකුත් කිරීම හරහා entry-level/mid-range wireless earbuds වෙළඳපල ආක්‍රමණය කිරීමේ සූදානමක සිටින බව අපගේ මතයයි.

Source: Bloomberg