Android වැඩකාරයෝ අපත් සමඟ නිරතුරුව සිටින ඔබට මතක ඇති මෙම වසර ජනවාරි මාසයේදී පමණ ශ්‍රී ලංකා වෙළදපොලට Meizu Smartphones නිල වශයෙන් හඳුන්වා දීම සිදු කෙරුණා. එහිදී ඔවුන් විසින් Entry Level සහ Budget Smartphones කිහිපයක් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරනු ලැබුවා. මෙහි ඊලග පියවර ලෙස ඊයේ (03/10) දින ඔවුන් Meizu Lucky 8 Flagship Smartphone එක නිල වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කරනු ලැබුවා.
Meizu Lucky 08 Flagship AI Phone
ශ්‍රී ලංකාවට Meizu සමාගම නිල වශයෙන් හඳුන්වා දෙන ප්‍රථම Flagship Smartphone එක වන මෙය අගල් 6.78ක 8T LTPO 144Hz 1.5K Flagship Screen එකකින් සමන්විත වන අතරම 24/7 Natural Eye Protection සමඟ 5000nits උපරිම Brightness ප්‍රමාණයක් ලබා දිය හැකි වන නිසා ඕනෑම වැඩි ආලෝක තත්වයක් තුළදී ද ඉතා පහසුවෙන් භාවිත කළ හැකි වනවා.

Qualcomm සමාගමේ 4nm Flagship Chipset එකක් වන Snapdragon 7s Gen 2 Chipset එක මගින් බලගැන්වෙන මෙය ශ්‍රී ලංකාව සඳහා නිකුත් වන්නේ 256GB Internal Storage එකකින් සහ 12GB RAM එකකින් යුතුවයි. එමෙන්ම මෙය කිසිදු Slow වීමකින් තොරව අවම වසර 04ක් භාවිත කළ හැකි බවටත් Meizu සමාගම සහතික වනවා.

මේ Smartphone එක සඳහා 108MP Ultra-clear Main Camera එකක් සහ 2MP Depth Camera එකකින් සමන්විත Dual Camera Setup එකක් ලබා දී තිබෙන අතරම මෙහි Main Camera එක 1/1.67" Large Sensor එකකින් යුතු වන නිසා Microscopic Detailsවලින් යුතුව ඉතා හොද මට්ටමේ ඡායාරුප ගැනීමේ හැකියාව මේ Smartphone එකට ලැබී තිබෙනවා.

දින දෙකකට වැඩි කාලයක් භාවිත කළ හැකි වන ලෙස AI-powered Power Allocation Optimization තාක්ෂණයෙන් යුතු 6000mAh Battery එකකින් සමන්විත වන මෙය 45W Fast Charging සඳහාත් සහාය දක්වනු ලබනවා.

Flyme OS එක සමඟින් Practical AI Features රැසක් මේ Smartphone එකට ලබා දෙන්න ඔවුන් කටයුතු කර තිබෙන අතරම මේ සඳහා ලබා දී ඇති Multi-function AI Button එක සමඟින් One-Click Search, Music ID, Audio Connect සහ තවත් පහසුකම් රැසක් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
අමතරව මේ Smartphone එක Titan Shield Structure එකකින් නිමවා ඇති නිසා එදිනෙදා භාවිතයට ගැලපෙනම Smartphone එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

කළු සහ සුදු වර්ණවලින් මිලදී ගත හැකි මේ Smartphone එක සමඟින් Charger Doc එක සහ Charging Cable ලබා දී තිබෙන අතර වසරක Poova වගකීමත් සමඟින් අද දින සිට රු.79,999,00ක මිලට ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින Poova Holdings අලෙවි නියෝජිතයින් ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
