Loading...
Oppo සමාගම විසින් නව Smart Watch එකක් සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගනියි

Oppo සමාගම විසින් නව Smart Watch එකක් සදහා පසුගිය දිනකදී පේටන්ට් බලපත්‍රය ලබා ගනු ලැබුවා. මෙයට අනුව මේ නව Smart Watch එක Round 3D Curved Display එකකින් සමන්විත වෙනු ඇති බව කියන්න පුළුවන්. මේ නව Smart Watch එක බොහෝ දුරට Oppo සමාගමේ මිලග Smart Watch එක විමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.

පසුගිය මාර්තු මාසයේ එළි දැක්වු Oppo Watch හි 3D Curved Display එකක් පැවතුනත් එහි Design එක වුනේ Rectangular Display එකක්. මේ අලුත් Watch එකේ Design එක Apple Watch එක වගේ කියල කියන්න පුළුවන්.

LetsGoDigital වෙබ්අඩවියට අනුව මේ Smart Watch එ⁣ක Rounded Display එකක් සහිත වුවද මෙහි Housing එක Rectangular ආකාරයේ බව දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි යට කොටසේ Sensors ගණනක් අඩංගු කර තිබෙනවා. ඒ වගේම Side Button එකක් ද ලබා දී තිබෙනවා.

බොහෝ විට Oppo සමාගමේ ඉදිරි Smart Watch මේ Design එක ආකාරයට නිපදවනු ඇතැයි මත පල වෙනවා.

Sources : Gizmochina, LetsGoDigital