Loading...
OPPO Find X3 සහ Find X3 Pro නමින් ජංගම දුරකතන දෙකක් OPPO සමාගම විසින් එලි දැක්වීමට කටයුතු කරයි

OPPO සමාගමේ නවතම Flagship Series එක වෙන OPPO Find X3 Series එක පසුගිය 11 වෙන දින එළිදක්වනු ලැබුවා. ඒ අනුව මේ Find X3 Series එකේ Devices මාර්තු මස 30 වෙනිදා සිට Global Market එක සදහා නිකුත් වෙන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මේ OPPO Find X3 Series එක යටතේ OPPO සමාගම විසින් Devices දෙකක් Find X3 හා Find X3 Pro ලෙස නිකුත් කිරිමට කටයුතු කලත් Global Market එක සදහා නිකුත් වෙන්නේ Find X3 Pro Device එක පමණක් වෙනවා. අනෙක් Device එක වෙන Find X3 Smart Phone එක චිනයට පමණක් සිමා වෙනු ඇති බවයි Launch Event එකේදි සදහන් වුයේ.

Display

OPPO Find X3 Smart Phone එක සදහා අගල් 6.7ක 10-bit Curved E4 OLED QHD+ Screen එකක් ලබා දි ඇති අතර එය Colors Billion එකක් දක්වා සහය දක්වනු ලබයි. 120Hz Display Refresh Rate එකක් සහිත මෙහි Overall Brightness අගය ලෙස දැක්වෙන්නේ 800 nits ප්‍රමාණයකුයි. ඒ වගේම මේ Display එක සදහා HDR10+ SGS Eye care Display certified එක ද ලැබි තිබෙනවා. මේ OPPO Find X3 Pro Device එකේ Display එක සදහා DisplayMate වෙතින් A+ Rating එකක් වගේම මේ Display එක Display Performance Records 12 ක් තැබිමටත් සමත් වි තිබෙනවා.

Platform

Qualcomm Snapdragon 888 Flagship 5G Chipset එක මගින් බලගැන්වෙන මේ Device එක සදහා ColorOS 11.2 මත පදනම් වු Android 11 ලබා දි තිබෙනවා. 12GB LPDDR5 RAM එකක් හා 256GB UFS 3.1 Internal Storage එකක් සහිතව Dual SIM Dual Mode 5G Network Connectivity එක සහිතව මේ Find X3 Pro Device එක වෙළදපොලට නිකුත් වෙනවා.

Camera Setup

Sony IMX766 50MP Sensors දෙකකින් සමන්විත Quad Camera Setup එකක් මේ Device එක සදහා ලබා දි තිබෙනවා. මේ Sony Camera Lens 1/1.56-inch Type එකේ වෙන අතරම මේ මගින් බිලියන එකක් දක්වා වු වර්ණ පරාසයක් Capture කිරිමේ හැකියාව පවතිනවා. මිට අමතරව මේ Sony Sensors සතුව DOL-HDR හා All-Pixel Omni-direction PDAF Features පවතිනවා.

මේ Quad Camera Setup එක සදහා 50MP වු Sony IMX766 Wide Angel Sensor එකකින් හා අංශක 110 FOV Ultrawide Lens එකකින් ද සමන්විත වෙනවා. මෙහි අනිත් Lens දෙක විදිහට ලබා දි තිබෙන්නේ 3MP 60X Zoom Capability එකක් සහිත Micro Lens එකක් හා 5X Hybrid හා 20X Digital Zoom Capability එකක් සහිත 13MP Telephoto Camera එකකුයි. Front Camera එක සදහා අංශක 81 වු FOV 31MP Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Camera Setup එක සදහා AI-scene enhancement, AI Palettes, 10-bit RAW+ image support, Cinematic Mode for shooting 4K 10-bit video in Log and HDR format with BT.2020 color gamut, 10-bit color depth හා HLG gamma curve support ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

Battery & Charging

65W Super VOOC Charge හා 10W Reverse Wireless Charging Features එකත් ලබා දි ඇති අතර OPPO සමාගමේ 30W AirVOOC Flash Charge Feature එකත් මේ Smart Phone එකට ලබා දි තිබෙනවා.

Other Features

IP68 Water හා Dust Resistance Protection එක ලබා දි තිබෙන අතර In display Fingerprint Sensor එකක් ලබා දි තිබෙනවා. මිට අමතරව Wi-Fi 6, 2×2 MIMO and 8 spatial sounding MU-MIMO, Bluetooth 5.2, USB-C port, NFC, GPS, A-GPS, GLONASS, QZSS, BeiDou for navigation ආදි වෙනත් Features රැසක් මේ Device එක සදහා ලබා දි තිබෙනවා.

මේ Smart Phone එක Global Price එක විදිහට OPPO සමාගම 12GB + 256GB Device එක සදහා €1,149 ක මිලක් නියම කර තිබෙන අතර Gloss Black හා Gloss Blue කියන Colors දෙකනේ මිලදි ගැනිමට හැකියාව ලැබෙනවා.

Source : OPPO, Gizmochina