Loading...
තමන්ගේම chip එකක් නිපදවීමට OPPO සමාගමෙන් MediaTek සහ Unisoc වෙතින් ශිල්පීන් බඳවා ගනී

අපිට අසන්නට ලැබෙන නවතම තොරතුර තමයි Qualcomm, MediaTek, Samsung’s Exynos, සහ Huawei’s Kirin සමඟ තරඟ වැදීමට තමන්ගේම අලුත් චිප්සෙට් එකක් නිපදවීම සඳහා MediaTek සහ Unisoc සමාගමේ ඉහල නිලයන් දරණ සේවකයන් කිහිපදෙනෙකු OPPO සමාගම විසින් සේවයට බඳවාගෙන ඇති බව.

වැඩි විස්තර සොයා බැලීමේදි Nikkei Asian Review වලට අනුව OPPO සමාගම විසින් Xiaomi සමාගමේ විධායක නිලයක් හෙබවූ අයෙකු (නම සඳහන් නැත) සහ MediaTek සමාගමේ co-chief operating officer ධූරය හෙබවූ Jeffery Ju මේ ආකරයෙන් බඳවාගෙන ඇත. ඊට අමතර MediaTek 5G chip නිපදවන කාර්‍යන්හි නියුතු විධායක නිලධරියෙකුද ඉදිරි මාස කීපය තුල ඔවුන් සමඟ එකතුවීමට නියමිත බවත්, ඒ අතරම Qualcomm සහ Huawei සමාගමේ ජ්‍යේෂ්ඨ නිලදාරින් කීප දෙනෙකු වෙතද OPPO සමාගමේ ඇස යොමු වී ඇත බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධව OPPO සමාගම විසින් Nikkei වෙත පවසා තිබෙන්නේ ඔවුන් සතුව දැනටමත් chip එකක් නිපදවීමට හැකියාව ඇත් බවත්, නමුත් ඔවුන්ගේ නිෂ්පාදනය ඉතාමත් හොඳ එකක් සහ වඩාත් තරඟකාරී එකක් වීම සඳහා research & development සඳහා ඔවුන් අයෝජනය කරන බවයි.

OPPO වල මෙම පිම්මත් සමඟම BBK මවු සමාගම යටතේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් තුනකටම මෙම chip භාවිතා කිරිම සිදු වනු ඇත. මේ හරහා ඇමරිකානු සමාගම් යටතේ නිපදවෙන chip භාවිතාව අවම කොට ඇමරිකාව මත යැපීම අවම කිරීම චීන සමාගම් වල අරමුණයි.

මේ ආකාරය ඉදිරියේදී OPPO සමාගම විසින් ඔවුන් දැනට භාවිතා කරන Qualcomm සහ MediaTek chip වෙනුවට ඔවුන්ගේම chip යොදාගනු ලබන අතර ඔවුන්ගේ මවු සමාගම වන BBK යටතේ ක්‍රියාත්මක වන Oneplus සහ Vivo සමාගම් වලටද අවශ්‍ය කරන chip සැපයීම කරනු ඇතැයි මත පල කෙරෙනවා.

යම් හෙයකින් ඒ ආකාරයට chip ලබා ගැනීම සිදු වුවහොත් Oneplus සඳහා දැනට භාවිතා කරන Qualcomm Snapdragon chip වලට වැය කරන අධික මුදල ඉතුරු වීම හේතුවෙන් Oneplus ජංගම දුරකථන වල මිල පහල යනු ඇති බව Android වැඩකාරයන්ගේ මතයයි. නමුත් එය තීරණය වන්නේ, OPPO විසින් නිපදවන chip වල සාර්ථකත්වය මතයි.