Loading...
Find X 8 සහ 9 Series සඳහා Android OS Upgrades පහක් ලබා දීමට OPPO සමාගම තීරණය කරයි

OPPO සමාගම විසින්, සිය Software Support Policy එකේ ප්‍රධාන වෙනස්කමක් සිදු කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය යටතේ, තෝරාගත් OPPO smartphone සඳහා Android OS Upgrades පහක් දක්වා ලබා දීමට සමාගම තිරණය කර තිබෙනවා.

මෙමගින්, පාරිභෝගිකයින්ට නිතර නිතර නව smartphone මිලදී ගැනීමේ අවශ්‍යතාව අඩු වන අතර, තම smartphone එක වසර ගණනාවක් පුරා නවතම තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් යුක්තව පවත්වා ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙම ප්‍රධාන OS Upgrades පහට අමතරව, මෙම සුදුසුකම් ලත් OPPO smartphone සඳහා සමස්ත වසර හයක් පුරාම අඛණ්ඩව Security Updates ද ලබා දෙනු ඇත.

Upgrades පහක් ලැබීමට සුදුසුකම් ලත් OPPO මාදිලි ලැයිස්තුව

OPPO විසින් දැනට නිල වශයෙන් තහවුරු කර ඇති, ප්‍රධාන Android OS Upgrades පහක් ලැබීමට සුදුසුකම් ලත් smartphone ලැයිස්තුව පහත අයුරු වනවා,

මාදිලියමුල්ම OS එකඅවසාන Upgrades (අපේක්ෂිත)
Oppo Find X9Android 16Android 21
Oppo Find X9 ProAndroid 16Android 21
Oppo Find X8Android 15Android 20
Oppo Find X8 ProAndroid 15Android 20
Oppo Find X8 UltraAndroid 15Android 20
  • Find X9 Series: මෙම වසරේ Android 16 සමඟින් වෙළඳපොළට නිකුත් වු Find X9 සහ Find X9 Pro මාදිලි සඳහා, ඉදිරි වසර පහ තුළදී, Android 21 දක්වා ප්‍රධාන OS Upgrades ලැබීමට නියමිතයි.
  • Find X8 Series: පෙර වසරේ Android 15 සමඟින් නිකුත් වූ Find X8, X8 Pro, සහ X8 Ultra මාදිලිවලට Android 20 දක්වා OS Upgrades ලැබෙනු ඇත.

ඇතැම් වාර්තා අනුව Oppo Reno 14 සහ Reno 14 Pro මාදිලි සඳහා ද ප්‍රධාන Android Upgrades පහක් ලැබීමට ඉඩ ඇති බව දැක්විය හැකි වුවත් තවමත් කිසිදු නිල තහවුරු කිරීමක් මේ පිළිබන්දව නිකුති වී නොමැති වනවා.

කෙසේ වෙතත් OnePlus, Realme සහ Vivo වැනි සමාගම් තම smartphoneවලට OS Upgrades හතරක් දක්වා පමණක් ලබා දෙන අතර, Google සහ Samsung ඔවුන්ගේ තෝරාගත් smartphone සදහා OS Upgrades 07ක් දක්වා ලබා දෙන බව දක්වා තිබෙනවා.

Source: www.gizmochina.com