Loading...
OPPO Find X3 ජංගම දුරකතනය එලිදැක්වීම මාර්තු 11 වෙනිදා සිදු කිරීමට OPPO සමාගම සූදානම් වේ

OPPO සමාගමේ විසින් මේ වන විට ඔවුන් Flagship Find X Series එකට අදාලව Find X හා Find X2 විදිහට Model නිකුත් කර තිබෙනවා. මෙහි අලුත්ම Model එක විදිහට OPPO සමාගමේ නවතම Flagship Model එක වෙන OPPO Find X3 Series එක මේ මාසයේදි එළිදැක්වීමට ඔවුන් සුදානමින් සිටිනවා. OPPO සමාගමේ නිල Twitter සටහනකට අනුව Find X3 Series එක මාර්තු 11 වෙන දින එළිදැක්විමට නියමිත වෙනවා.

මේ OPPO Find X3 Series එක Devices තුනකින් යුතු වන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ Find X3 Pro, Find X3 Neo හා Find X3 Lite කියන Model තුනයි. මේ වන විටත් අන්තර්ජාලය තුල Find X3 Pro හා Find X3 Lite Model දෙකට අදාලව විවිධ තොරතුරු වාර්තා වුවත් තවමත් Find X3 Neo Model එකට අදාල තොරතුරු පලවිමක් සිදු වි නොමැති වෙනවා.

Find X3 Series

ඒ අනුව OPPO Find X3 Lite Model එක අගල් 6.3ක AMOLED Display එකකින් සමන්විත වෙනු ඇති අතර මේ සදහා Hole Punch Cutout එකක් සහිත Display Refresh Rate එක 90Hz වු Display එකක් යොදාගෙන තිබෙන බවයි. Qualcomm සමාගමේ Mid-Range Chipset එකක් වෙන Snapdragon 765G Chip එක සමග 8GB RAM එකකින් හා 128GB Storage එකකින් මේ Smart Phone එක සමන්විත වෙනවා. 64MP Main Lens එකක් සහිත වු Quad Camera Setup එකක් ලබා දි ඇති අතර 32MP Selfie Camera එකකුත් ලබා දි තිබෙනවා.

මේ සදහා 4300mAh Battery එකක් ලබා දි ඇති අතර එය ආරෝපණය කිරිම සදහා 65W SuperVOOC 2.0 Fast Charging Support එක ලබා දි තිබෙනවා. ඒ වගේම මෙය Galactic silver, Azure blue හා Starry black කියන Colorsවලින් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Find X3 Series එකේ Premium Device එක විදිහට Find X Pro Device එක හදුන්වා දෙන්න පුළුවන්. දැනට තිබෙන තොරතුරුවලට අනුව මේ Device එක 120Hz Refresh Rate එකක් සහිත අගල් 6.7-inch WHQHD+ OLED Display එකකින් සමන්විත වෙනු ඇත. ඒ වගේම මේ Smart Phone එක Qualcomm Snapdragons 888 Chipset එක මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මෙහි Camera Setup එක සදහා Sony (IMX766) 50MP Sensors දෙකක් යොදා ගෙන ඇති බවට සදහන් වෙනවා. ඒ වගේම 25X Zoom Capacity එකක් සහිත 3MP Macro Lens එකක් හා 2X Optical Zoom Capacity එකක් සහිත 13MP Telephoto Camera එකකින් සමන්විත Quad Camera Setup එකක් බලාපොරොත්තු විය හැකි බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම මේ වන විට OPPO සමාගම විසින් Confirm කර තිබෙනවා Find X3 Series එක සදහා End-to-end 10bit Color Support Feature එක ලබා දෙන බවත්, ඔවුන් මෙය Full-path Color Management System නමින් හදුන්වනු ලබනවා.

මේ Find X3 Pro Device එක සදහා 4500mAh Battery එකක් ලබා දි ඇති අතර එය 65W SuperVOOC 2.0 fast charging Technology එක සදහා සහය දක්වනු ලබනවා.

Source : Xda Developers, Oppo