Loading...
INNO Day 2020හිදී Rollable OLED screen එකක් සහිත Oppo X 2021 Concept Phone එක දර්ශනය කරයි

ඔබට මතක ඇති මිට පෙර අපි වාර්තා කලා‌‌ Oppo සමාගම විසින් extendable display එකකින් යුතු ජංගම දුරකතනයක් සඳහා patent බලපත්‍ර ලබා ගැනිම පිළිබඳව. කෙසේ වෙතත් OPPO සමාගම විසින් මේ වන විට Oppo X 2021 නමින් Extendable Display එකක් සහිත Concept Smartphone එකක් පිළිබඳව ⁣තොරතුරු පල කර තිබෙනවා. මේ Smartphone එකේ Expendable Display එක Motorizedව ක්‍රියාත්මක වෙනවා. ඔවුන් මේ පිළිබඳව ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර තිබෙනවා.

Oppo සමාගමේ Concept Smartphone එකක් වෙන Oppo X 2021 අගල් 6.7ක OLED Flexible Display එකකින් සමන්විත වෙනවා. මේ Display එකේ Pixel Resolution එක 1175px x 2592px පමණ වෙනවා. ඒ වගේම Display එක Expend කිරිම සිදු වෙන්නේ Roll Motor powertrain එකක් මගින්. මේ මගින් දුරකථයේ Display එක එක් පැත්තකට Expend විම සිදු වෙනවා. මෙලෙස Full Expend වු විට Display Size එක අගල් 7.4 දක්වාත් Pixel Resolution එක 1785 x 2592 දක්වාත් වැඩි විම සිදු වෙනවා.

Oppo සමාගම විසින් මෙය Rollable Concept Phone එකක් ලෙස හදුන්වා. ඒ වගේම මෙහි Display එක Expend විම සිදු කරන Powertrain එක Motors දෙකකින් සමන්විත වෙනවා. මේ ක්‍රමය නිසා අපිට මේ Smartphone එකේ Display එකේ Folds හෝ Bends දකින්න හැකියාවක් ලැබෙන්නේ නැ. ඒ වගේම ඔවුන් විසින් සදහන් කරන මෙහි ඇති OLED Display එක සාමාන්‍ය OLED Panel එකක් නොවන අතර මෙය නැමිම්වලට ඔරොත්තු දෙන ආකාරයේ 2-in-1 Plate එකකින් සමන්විත OLED Panel එකක් වෙනවා.

තවමත් මේ Oppo X 2021 Concept Smartphone එකේ Internal Specifications පිළිබඳව තොරතුරු නිකුත් වි නැ. හැබැයි බොහෝ විට මෙය Under Display Selfie Camera Setup එකකින් හා 48MP Triple Lens Camera Setup එකකින් යුතු Rear Camera එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඊට අමතරව IceUniverse විසින්ද මේ පිළිබඳ Twitter පණිවුඩයක් තබා තිබුණා.

Sources : Beebom, The Verge