මගේ පලවෙනි ලිපියේ කිව්ව විදියට Dennis Ritchie කියන මහත්තයා තමයි C language ලිව්වේ. Ken Thompson මහත්තයා ලියපු B language තිබුණේ typeless (everything is a word) ක්‍රමයක් ඉතිං ඒ වෙනුවට static types system හදපු එක තමයි Dennis Ritchie මහත්තයා කලේ.
strcopy(sl,s2)
{
auto i;
i = 0;
while (lchar(sl,i,char(s2,i)) != '*e') i++;
}
ඔය උඩ තියෙන්නේ B වලින් ලියපු code උදහරණයක්. auto කියන keyword තමයි veritable හදලා තියෙන්නේ. C වල වගේ void, int, char, double හ float වගේ data types නෑ ඔක්කොටම තියෙන්නේ auto විතරයි. ඒ කාලේ හැටියට C වලින් ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි Assembly language වලින් කලින් ලියපු apps C වලින් හුගක් හොදට ගොඩක් කාලයක් තියෙන විදියට ලියන්න පුලුවම් උන එක.
Unix kernel තමයි assembly වලින් නැතුව C වලින් ලියපු පලවෙනි kernel.
Timeline of language development
Year | C Standard |
---|---|
1972 | Birth |
1978 | K&R C |
1989/1990 | ANSI C and ISO C |
1999 | C99 |
2011 | C11 |
2017/2018 | C18 |
K&R C
1978 Brian Kernighan හා Dennis Ritchie කියන මහත්වරු දෙන්නා එකතු වෙලා ලියපු The C Programming Language කියන පොත අනුව හදපු C version තමයි K&R C කියලා කියන්නේ.
void
functions (i.e., functions with no return value)- functions returning
struct
orunion
types (rather than pointers) - assignment for
struct
data types - enumerated types
වගේ දේවල් මුලිනම එලි දක්වන්නේ K&R C වලදී තමයි.
ඒ පොතේ දෙවෙනි edition දී ANSI C ප්‍රමිතියට අනුව තමයි එලි දක්වන්නේ.
ANSI C and ISO C
1983 දී American National Standards Institute (ANSI) පත් කරපු X3J11 කමිටුව තමයි ANSI සම්මුතිය නිර්මාණය කලේ.
1990 දී International Organization for Standardization (ISO) ANSI C ISO/IEC 9899:1990 ව්දියට හදලා එලියට දැම්මා. C89 හා C90 කියලා හදුන්වන්නෙත් ඔය ISO C තමා. අද අපි පාවිච්චි කරන හුගක් C compilers පාදක කරගෙන තියෙන්නේ C89 තමා.
ANSI C වලදී හදුන්වා දුන් දෑ :
- inline functions
- several new data types :
long long int
හාcomplex
තවත් කිහිපයක්. - variable-length arrays
- flexible array members
C99 and C11
1999 C99 (ISO/IEC 9899:1999) ත් 2011 දී C11 නුත් හදුන්වා දුන්නා.
>> Don't forget to say hello to the search box for further details.