මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීම සදහා ඊයේ (16) ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) හදුන්වා දෙනු ලැබුවා. මේ වෙන විට මේ සදහා වාහන හිමියන් මිලියනයකට අධික පිරිසක් ලියාපදිංචි වි සිටිනවා.
Ministry of Power and Energy has introduced this initiative in collaboration with the ICTA,CPC, IOC Lanka & leading tech companies in Sri Lanka to streamline fuel distribution. The stakeholders are working collaboratively to improve the process further. pic.twitter.com/jERm3q0fWJ
— ICTA Sri Lanka (@icta_srilanka) July 17, 2022
කෙසේ වෙතත් හදුන්වා දුන් දිනයේදි හා පසු දින මේ සදහා ලියාපදිංචි විමේදි යම් යම් ගැටලු ඇති වු අතර මේ වෙන විට එම ගැටලු සියල්ලම බොහෝ දුරට විසදා තිබෙන අතර දැන් කිසිදු ගැටලුවකින් තොරව ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි විය හැකි වෙනවා.
මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි විය හැකි ආකාරය පහත විඩියෝ පටය මගින් ඔබට නැරඹිය හැකි වෙනවා.
ඔබ මේ සදහා ලියාපදිංචි වු පසු නැවත මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.
එමෙන්ම ඔබට අදාල ඉන්ධන ප්‍රමාණය සහ ඉතුරැ ඉන්ධන ප්‍රමාණය පහත ආකාරයෙන් බලා ගත හැකි වෙනවා. මේ සදහා FUEL<හිස්තැනක්>BAL<හිස්තැනක්>CAF<හිස්තැනක්>වාහන අංකය යොදා 0766220000 අංකය කෙටි පණිවිඩයක් යැවිය යුතු වෙනවා.

ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.

ශ්‍රී අංක තහඩු ඇති වාහන මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි කිරිමේදි ශ්‍රී අක්ෂරට පෙර ඇති ඉලක්කම් වාහනයේ ඉංග්‍රීසි අකුරැ ඇතුළත් කිරිමට ඇති කොටුවට ද ශ්‍රී අක්ෂරට පසුව ඇති ඉලක්කම් අනෙක් කොටුවට ද ඇතුළත් කිරිම ඔස්සේ සාර්ථකව සිදු කළ හැකි වෙනවා.

මේ සදහා වාහන කාණ්ඩ 06ක් ඔස්සේ ඇතුළත් කර තිබෙන අතර ඉහත ආකාරයේ වෙනවා.
මීට අමතරව වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර හෝ ආයතන සදහාත් භාවිත කළ හැකි ආකාරයට ඉදිරි දිනවලදි වැඩි දියුණු කරන බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් Twitter සටහනක් ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.
Update - National Fuel Pass will be upgraded in the next few days to give an option for Businesses\Organizations that operate multiple vehicles to register All their vehicles with the Business Registration Number. Each vehicle will be given a specific QR code after verification.
— Kanchana Wijesekera (@kanchana_wij) July 17, 2022
එමෙන්ම දැනට ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට එළඹෙන 21 වෙන දින සිට මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබා ගත හැකි වෙනවා.

මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) එක ලබා ගැනිම සදහා ලියාපදිංචි විමේ අපහසුතා ඇති පුද්ගලයන් සදහා ඔබට ලබා දිය හැකි සහය ලබා දෙන ලෙසත් Android වැඩකාරයෝ අපි මතක් කර සිටිනවා.
Sources:Department of Government Information - Sri Lanka