iPhone Usersලාට පමණක් සිමා වුණ Audio based Social Media Platform එකක් වෙන Clubhouse පසුගිය කාලය තුළ ඉතා ඉහළ ජනප්‍රියතාවයක් ලබා ගැනිමට සමත් වෙනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වෙන විට අන්තර්ජාලය තුල පලවෙන තොරතුරුවලට අනුව මිලියන 1.3ක පමණ Clubhouse සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දත්ත හෙලි වි පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති නම් මිට දින කිහිපයක පෙර අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නිරාවරණය කල බවට.
Report: data of 1.3M Clubhouse profiles, including names, social media handles, and more, apparently posted on a hacker forum; Clubhouse has not confirmed (CyberNews)https://t.co/tFFZEQZRGIhttps://t.co/dtVdUJRrAe
— Techmeme (@Techmeme) April 10, 2021
ඒ ආකාරයටම Clubhouse හි මිලියන 1.3ක පමණ දත්ත ප්‍රමාණයක් Hacker Forum එකක SQL database එකක් තුල නොමිලේ භාගත කල හැකි පරිදි ගබඩා කර තිබෙනවා. මේ දත්ත මිලියන 1.3 ඇතුලත Clubhouse භාවිත කරන්නන්ගේ සැබැ නම්, පරිශිලක හැදුනුම්පත්, Twitter හා Instagram හැසිරවිම්වලට ආදාල දත්ත වගේම ඔවුන්ගේ Followersලාගේ තොරතුරු ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් මේ දත්ත අතරට Payments හෝ Bank Information ඇතුළත් වි නොමැති වෙනවා.
කෙසේ වෙතත් Clubhouse හි දත්ත මිලියන 1.3ක් පමණ අන්තර්ජාලයට නිකුත් වු බවට තොරතුරු වාර්තා විමෙන් පසුව Clubhouse Developersලා නිවේදනයක කර තිබුණේ එම නිකුත් වි ඇති දත්තවලට ඔවුන්ගේ Clubhouse App එක හෝ API එක හරහා ඕනැම පුද්ගලයකුට පිවිසිමට අවස්ථාව තිබු බවයි. එනම් ඔවුන් පවසන ආකාරයට කිසිදු දත්ත හෙලි විමක් සිදු වි නොමැති වෙනවා.
This is misleading and false. Clubhouse has not been breached or hacked. The data referred to is all public profile information from our app, which anyone can access via the app or our API. https://t.co/I1OfPyc0Bo
— Clubhouse (@joinClubhouse) April 11, 2021
කෙසේ වෙතත් මේ සිදුවිම් සමග Clubhouse App එකේ Privacy Policy එක පිළිබඳව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් Twitter හි පළ වෙමින් තිබෙනවා. සමහරැන් පවසන ආකාරයට Clubhouse App එකේ Security Features යුරෝපා සාමාන්‍ය දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියේ (Europe’s General Data Protection Regulation) 32 වෙනි වගන්තිය පිළිනොපදින බවත් දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් Internal API භාවිත කර ඕනැම පුද්ගලයෙකුට Clubhouse හි පරිශිලක දත්ත වෙත ප්‍රවේශ විමට හැකි විම නම් Clubhouse පරිශීලකයන්ට එතරම් හොද ආරංචියක් නොවේ. කෙසේ වෙතත් Clubhouse හි මේ ගැටලු නිරාකරණය කරන තුරැ හෝ ඔබ ඔබගේ දත්ත ආරක්ෂාව පිළිබඳව වැඩිදුර සිතිම වැදගත් වෙනවා.
Source : Beebom