Loading...
Google Maps වෙනුවට භාවිතා කල හැකි Petal Mapsහි beta සේවාව AppGallery වෙත හඳුන්වා දීමට Huawei සමාගම කටයුතු කරයි

ඔක්තෝබර් මාසයේදි Huawei සමාගම විසින් ඔවුන්ගේම Navigation හා Maps service app එකක් වෙන Petal Maps App එක නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කලා. දැන් මේ Petal Maps අපිට Huawei App Gallery මගින් Download කිරිමට අවස්ථාව ලබා දි තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙය Beat Version එකේ පවතින අතර එය සදහා ලියාපදිංචි විය යුතු වෙනවා. නමුත් ඔබ සතුව Huawei P40, Mate 30 හෝ Mate 40 Devices පවති නම් කිසිදු ලියාපදිංචි විමක් අවශ්‍ය වන්නේ නැ. හැබැයි ඔබගේ Device එකේ EMUI 11 තිබිම අවශ්‍ය වෙනවා.

Huawei Petal Maps මගින් අපිට රටවල් 140කට අධික සංඛ්‍යාව සිතියම් ගත කිරිම් ලබා ගත හැකි වෙනවා. මේ මගින් ඔබගේ Current location නැරඹීමට, Map එක Browse කිරිමට, ස්ථාන සොයා ගැනිමට හා ස්ථාන එක් කිරිමට වගේම Real-time Traffic Conditions ආදිය පිළිබඳව තොරතුරු ලබා ගැනිමටත් මේ මගින් හැකි වෙනවා.

PETAL MAPS FEATURES

01. Map browsing

Zoom in හා Zoom out මගින් Map position වෙනස් කරමින් මෙන්ම Tilt හා Rotate කරමින් Map Viewing Angle එක වෙනස් කල හැකි වෙනවා. එමෙන්ම Navigation අතරතුර දි Air Gestures මගින් Map එකේ View එක වෙනස් කල හැකි වෙනවා. ඒ වගේම මේ Map එක 2D මෙන්ම 3D Viewing Mode හා Real-time Traffic Conditions පිළිබඳව තොරතුරුත් මේ Map එක මගින් ලබා ගන්න පුළුවන්.

02. Map searching

POIsහි ඇති විශාල Database එක නිසා මේ Petal Maps එකේ ස්ථාන සේවිම ඉතා පහසු වි තිබෙනවා. ඒ වගේම සිටින ස්ථානය අසල තිබෙන Recommend Places සොයා ගැනිමට Category Icon තිරැව යොදා ගන්න පුළුවන්.

03. Navigation

Real-time Traffic Data මගින් Traffic jams මග හැර අදාල ස්ථානය වෙත ඉක්මනින්ම ගමන් කිරිමට හැකි මාර්ගයන් පෙන්විම සිදු කරනවා. එමෙන්ම මේ Map එක මගින් ඉතා ඉක්මනින් ඔබගේ ගමන් මාර්ගය Re-Plan කිරිමේ හැකියාව හා ගමන් වේලාව Re-estimates කිරිමේ හැකියාව පවතිනවා.

04. Air gestures

Driving සිදු කරන විට දි  Viewing Mode අතර මාරැ විමට Air Gestures මගින් හැකියාව ලබා දි තිබෙනවා.

Sources : Huawei Central