Loading...
Gorilla Glass අතහැර යන Smartphone සමාගම් !

Smartphone ලෝකයේ දශක ගණනාවක් තිස්සේ Display සඳහා ආරක්ෂාව ලබා දුන් Corning සමාගමේ Gorilla Glass ගැන අසා ඇති බව නිසකයි. ඔබ මේ ලිපිය කියවන ඔබේ Smartphone එකත් බොහෝ විට Gorilla Glass එකක් සහිත වෙන්න පුලුවන්.

2007 වසරේදී Apple සමාගමේ පළමු iPhone එකේ සිට මේ වන විට වෙළදපොල පවතින Budget Smartphonesවල සිට මිලෙන් ඉහළ Premium Smartphones දක්වා මේ Gorilla Glass අන්තර්ගත වෙනවා.

නවතම Gorilla Glass Ceramic

කෙසේ වෙතත් මේ වන විට Honor, Huawei සහ Xiaomi වගේ Smartphone නිෂ්පාදන සමාගම් Corning සමාගමේ Gorilla Glass එකෙන් ඔබ්බට ගොස් තමන්ගේම Protective Glass නිපදවීම ආරම්භ කර තිබෙනවා.

මෙලෙස සමහර Smartphone නිෂ්පාදන සමාගම් විසින් තමන්ගේම Protective Glass නිපදවීම පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ තම නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීම, Smartphone සඳහා අවශ්‍ය වෙනස්කම් සහිතව තමන්ටම නිපදවා ගත හැකි වීම සහ වෙනත් තාක්ෂණික අවශ්‍යතා නිසා බව දක්වන්න පුලුවන්.

මේ වන විට HONOR සමාගම විසින් NanoCrystal Shield නමින් ඔවුන්ගේ HONOR Magic 6 Smartphone සඳහාත්, Xiaomi සමාගම විසින් Shield Glass 2.0 නමින් ඔවුන්ගේ Xiaomi 15 Ultra Smartphone එක සඳහාත්, Huawei සමාගම විසින් Kunlun Glass නමින් ඔවුන්ගේ HUAWEI Mate series සඳහාත් තමන්ගේම Protective Glass භාවිත කරමින් සිටිනවා.

Corning සමාගම විසින් පසුගිය මාර්තු මාසයේදී ඔවුන්ගේ නවතම Gorilla Glass Ceramic හඳුන්වා දුන් අතර එය මීටර් 1ක උසකින් පාරක් උඩට වැටුණත් ඉරිතලා නොයන තරමට දියුණු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී Corning සමාගමට තමන්ගේ Protective Glass Smartphones සඳහා ලබා දීමට නම් නව තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් නව Protective Glass හඳුන්වා දීමට සිදු වනු ඇතැයි නිසකයි.

Source: www.androidauthority.com www.corning.com