Loading...
Helio G80 සහ 18W Fast-Charging සමඟ එන Redmi 9 ජූනි 18 වෙළඳපලට

Xiaomi Redmi 9 Phone එක ගැන තොරතුරු පසුගිය සතියේ සම්පූර්ණයෙන්ම වගේ Leak වෙලා තිබුණා. හැබැයි ඔන්න අද Xiaomiලා මේ ෆෝන් එක ගැන තිබුණ කට කතා වලට තිත තියලා ස්පාඤ්ඤයේදි Officially Launch කරා. ඉතින් මේ Phone එක MediaTek Helio G80 Chipset එක, Quad Camara, සහ 18W Fast Charging වලින් සමන්විත වෙනවා.

Entry-level Phone එකක් වෙන මේ Redmi 9 එකේ Colourful Polycarbonate finish එකක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒවගේම මේකේ Redmi Note 9 Phone එකේ තිබුණා වගේ හතරැස් කැමරාවක් නැතුව Redmi K30 එකේ වගේ රවුම් Camera setup එකක් තමයි තියෙන්නේ. සිරස් අතට තියෙන කැමරාවත් එක්කම පහලින් Fingerprint sensor එකත් බලාගන්න පුළුවන්.

Phone එකේ ඉස්සරහා ගැන කතාකරොත් මේකේ 6.53-inch Full-HD+ display එකක් එක්ක Waterdrop notch එකේ 8MPක Selfie Camera එකක් තියෙනවා. 19.5:9 aspect ratio එක, 2340 x 1080 resolution එක, Brightness එක 400nits දක්වා තියෙන මේ ෆෝන් එකට Gorilla Glass 3 Protection එකක් ලබාදීලා තියෙනවා.

මේ Smartphone එක බලගැන්වෙන්නේ MediaTek Helio G80 Chipset එකෙන්. මේ Chipset එකත් එක්ක 4GB දක්වා LPDDR4x RAM එකක් සහ 64GB දක්වා eMMC 5.1 storage එකක් තියෙනවා. මේකේ Android 10 මත පදනම්ව MIUI 11 එක Run වෙනවා.

මේ Redmi 9 එකේ පිටිපස්සේ Vertical Quad Camera Setup එකක් බලාගන්න පුළුවන්. Primary Camera එක 13MP (f/2.2), අංශක 118 ක FOV එකක් සහිත 8MP (f/2.2)ක Ultra-wide Camera එක, 4cm focus distance එකක් තියෙන තියෙන 5MP Macro Camera එක සහ 2MP එකක depth sensorකින් සමන්විත වෙනවා.

මේ Phone එකේ Redmi Note 9 එකේ වගේ 5,020mAh Battery එකක් තියෙනවා. Phone එකත් එක්ක 10W Charger එකක් හම්බුණත් 18W දක්වා Fast Charging Support කරනවා.

කාණ්ඩ දෙකකට එන මේ Phone එකෙ 3GB + 32GB එක යුරෝ 149ක් (ලංකාවේ මුදලින් රුපියල් 31000 වගේ)ද 4GB + 64GB එක යුරෝ 179ක් (රුපියල් 37000 වගේ) වෙනවා. Sunset Purple, Ocean Green සහ Carbon Gray කියන Colours තුනෙන් මේ Phone එක ජූනි 18 වෙන්දා ඉඳලා ස්පාඤ්ඤයේ විකුණන්න පටන් ගන්න බව Xiaomi ආයතනය කියලා තියෙනවා.