Loading...
Redmi K40 නම් නවතම ජංගම දුරකතනයේ retail box image අන්තර්ජාලයට නිකුත් වේ: Charger එකක් නොමැති වන ලකුණු

නවතම Qualcomm Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන ලොව පළමු හා In Box Charger එකක් අඩංගු නොවන පළමු Android Smart Phone එක විදිහට Xiaomi සමාගමේ Mi 11 Smart Phone එක මිට සති කිහිපයකට පෙර නිකුත් කරනු ලැබුවා. දැන් මේ Xiaomi සමාගමේම Sub Brand එකක් වෙන Redmi Brand එකේ නවතම Flagship Smart Phone එක නිකුත් කිරිමට ඔවුන් සුදානමින් සිටින බවටයි වාර්තා වෙන්නේ.

Xiaomi Mi 11 Smart Phone එක වගේම මේ Redmi K40 Pro Smart Phone එකත් Qualcomm Snapdragons 888 Chipset එකෙන් බලගැන්වෙනු ඇති බව Redmi සන්නාමයේ සාමාන්‍යාධිකාරී Lu Weibing විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම දැනට තියෙන තොරතුරුවලට අනුව Xiaomi Mi 11 Smart Phone එක වගේම Retail Box දෙකකට අනුව මේ Smart Phone එක වෙළදපොලට නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවත් කියන්න පුළුවන්.

ඉට අනුව අපිට එක Box එකක් සාමාන්‍ය ප්‍රමාණයටත් ( මෙතෙක් කල් නිකුත් වු Smart Phone Boxවල ප්‍රමාණයෙන් ) අනෙක් Box එක ප්‍රමාණයෙන් සිහින්වත් දැක ගන්න පුළුවන්. මේ අනුව ⁣මේ සිහින් Box එක සමග In Box Charger එකක් නොලැබෙන බව කියන්න පුළුවන්. ඒ වගේම මේ Redmi K40 Pro Smart Phone එකෙත් Charger එක සමග තිබෙන Variant එක වගේම Charger නෙ⁣මැති Variant එකත් එක මිල ගණන්වලට නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බවයි දැන ගන්න හැකියාව ලැබෙන්නේ.

Redmi K40 Series එකේ දි අපිට ප්‍රධාන වශයෙන් K40 හා K40 Pro කියල Model 2ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. K40 Series එකේ Smart Phone සදහා Punch Hole Cotout එකක් සහිත Top Center Front Facing Camera Setup එකක් ලබා දෙනු ඇති අතර මෙහි Display එක AMOLED විය හැකි බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සදහා භාවිත කරන Display එක දැනට පවතින Display අතර “Most Expensive” Display එකක් විය හැකි බවටත් තොරතුරු පල වෙනවා.

ඒ වගේම Redmi K40 Pro Device එක Snapdragon 888 Chipset එක මගින් ද Redmi K40 Device එක Snapdragon 775G Chipset එක මගින් ද බලගැන්වෙනු ඇති බවටයි තොරතුරු පල වෙන්නේ. මිට අනුව Redmi K40 Pro Variant එක ඩොලර් 463ක පමණ මිලකට මිලදි ගත හැකි වනු ඇති අතර ඉලග මාසයේදි බොහෝ දුරට නිකුත් විමට නියමිත වෙනවා.

Source : Gizmochina