Loading...
Mi 11 ජංගම දුරකතනය සමඟ charger එකක් ලබා නොදෙන බව Xiaomi ආයතනය නිල වශයෙන් දැනුම් දේ

එළඹෙන වසරේදි නිකුත් කිරිමට නියමිත Xiaomi සමාගමේ නවතම Flagship Smart Phone එක වෙන Xiaomi Mi 11 Smart Phone එකේ සියලු ⁣තොරතුරැ මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වි තිබෙනවා.

ඒ වගේම ⁣මිට පෙර මහත් කතාබහට ලක්වු ‌‌iPhone 12, 11, XR, සහ SE (2020) සමඟ EarPods හෝ Power Adapter ලබා නොදීමට Apple සමාගම ගත් තිරණයම Xiaomi සමාගම විසින් ද මේ Xiaomi Mi 11 Smart Phone එක සදහා ලබා ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම ඔබට මතක ඇති Samsung සමාගමේ මිලග Galaxy S21 Series එක සමගත් Charger එක සහ Earphone ලබා නොදීමට සුදානම් වෙන බවට අපි තොරතුරු ගෙන ආවා.

Xiaomi Mobileහි නිල Weibo ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති Xiaomi Mi 11 Smart Phone එකේ නව Packing Video එකට අනුව මෙහි Inbox Device එක පමණක් අඩංගු වෙන බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එම Weibo සටහනට අනුව ඔවුන් පරිසරය ආරක්ෂා කිරිමේ අරමුණෙන් යුතුව Charger එක ඉවත් කර ඇති බවට දක්වා තිබෙනවා.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

Xiaomi Mi 11 Specifications

මේ Flagship Smart Phone එක සදහා අගල් 6.67ක Curved AMOLED Punch-hole Display එකක් යොදා ගෙන තිබෙන අතරම මෙය Quad HD+ Screen Resolution එකකින් හා 120Hz Display Refresh Rate එකකින් යුතු වෙනවා. ඒ වගේම 8GB හා 12GB RAM ධාරිතාවයන්ගෙන් යුතුව 128GB හෝ 256GB Storage Options වලින් තොර ගත හැකි වෙන මෙය නවතම Qualcomm Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙනවා. ඒ වගේම මේ සදහා Android 11 OS එක මත පදනම් වන MIUI 12 ලබා දෙනු ඇත.

මේ Flagship Smart Phone එක Triple Camera Setup එකකින් සමන්විත වෙන්නේ 108MP Main Sensor එකකින් යුතුවයි. ඒ වගේම මෙහි 13MP Secondary Lens එකක් හා 5MP Tertiary Sensor එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහි Battery Capacity එක 4780mAh පමණ වෙන අතර 50W Fast Charging Technology එකට සහය දක්වනු ඇති බවත් වාර්තා වෙනවා  ග්රැම් 196.4ක පමණ බරකින් යුතු වෙන මෙය Smoke Purple, Blue හා White කියන වර්ණවලින් මිලදි ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Source : Gizmochina , Weibo