Loading...
iPhone 11, XR, සහ SE (2020) සමඟ EarPods හෝ Power Adapter ලබා නොදීමට Apple සමාගම තීරණය කරයි

Apple සමාගමේ අලුත්ම iPhone Series එක වෙන iPhone 12 Series එකේ Devices සියල්ලම සමග EarPods සහ Power Adapter ලබා නොදෙන බව⁣ට ඔවුන් ප්‍රකාශ කරා. ඒ වගේම දැන⁣ට නිකුත් Apple සමාගමේ iPhoneද EarPods සහ Power Adapter රහිතව නිකුත් කිරිමට කටයුතු කරන බවට ඔවුන් සදහන් කර තිබෙනවා.

ඒ අනුව iPhone 11, iPhone XR හා iPhone SE(2020) දුරකථන මදිලි සදහා EarPods හෝ Power adapter ලබා දිමක් සිදු වන්නේ නැ. Apple සමාගම මේ පිළිබඳව මේ අයුරින් ප්‍රකාශ කර තිබෙනවා.

“As part of our efforts to reach our environmental goals, iPhone 11 no longer includes a power adapter or EarPods. Please use your existing Apple power adapter and headphones or buy these accessories separately”

ඒ කියන්නේ iPhone 11, XR, and SE (2020) Devicesවල Box එකත් iPhone 12 Series එකේ Devicesවල Box වගේ උසින් අඩු Box එකක් විදිහට Redesign වෙයි කියල කියන්න පුළුවන්.

Apple සමාගම සදහන් කරන අන්දමට මේ Devices සමග අප⁣ට අපගේ පැරණි Power Adapter භාවිත කල හැකි බවට පැවසුව ද ඒ Power Adapterවල පවතින්නේ USB-A Port එකකුයි. නමුත් ඔවුන් මේ Devices සමග ලබා දෙන්නේ USB-C to Lightning cable එකකුයි. ඒ කියන්නේ අපිට මේ Devices සමග ලැබෙන Lightning Cable එක පැරණි Power Adapter සමග භාවිත කල නොහැකි වෙනවා.

ඔබ සතුව Lightning Cable එකක් නොමැති නම් නව iPhone එකක් මිලදි ගත්තද ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ පරණ Power Adapter එක භාවිත කිරිමට නම් ඊට ගැලපෙන USB-A Lightning Cable එකක් මිලදි ගැනිමට හෝ දුරකථනය සමග ලැබෙන USB-C Lightning Cable එක සමග භාවිත කල හැකි USB-C Power Adapter එකක් මිලදි ගත යුතු වෙනවා.

ඔවුන් මෙලෙස Power Adapter ලබා නොදෙන්නේ පරිසර දුෂණය අවම කිරිමට යැයි පැවසුව ද නව Devices සමග USB-C Lightning Cable එකක් ලබා දීම නිසා USB-A Power Adapter ඇති iPhone Usersලාට ලොකු ගැටලුවක් වෙනවා. අපේ අදහස නම් තවමත් බොහෝමයක් iPhone Usersලා අතර USB-C Power Adapter නොමැති නිසා USB-C හා USB-A Lightning Cable දෙකම ලබා දීම හෝ ඔවුනටම තෝරා ගැනිමට ඉඩ සලසා තිබුණා නම් වඩාත් හොදයි කියල.

Sources : Beebom, Apple