Loading...
Redmi Note 11 මාදිලියේ ජංගම දුරකතන සඳ​හා 120W fast charging සහය හිමිවන බවට තොරතුරු වාර්තා වේ

පසුගිය දිනකදී Xiaomi සමාගමේ Redmi Note Lineup එකේ නවතම සාමාජිකයින් ලෙස නිකුත් විමට නියමිත Redmi Note 11 Series එක පිළිබඳ අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ වගේම මේ වෙන විට Redmi Note 11 Series එක සදහා Samsung AMOLED Display යොදා ගන්නා බවටත් ඔවුන් ඔවුන්ගේ නිල Weibo ගිණුම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ Redmi Note 11 Series එක සදහා ඔවුන්ගේ Note Lineup එකේ ප්‍රථම වතාවට 120W Fast Charging පහසුකම ලබා දිමට සුදානමින් සිටින බවත් වාර්තා වෙනවා.

ඒ අනුව Redmi Note 11 Series එක 120W Rapid Charging සදහා සහය දක්වනු ලබන අතර මෙය Xiaomi සමාගමේ සැනට පවතින වේගවත්ම Charging Technology එකත් වෙනවා. එමෙන්ම මේ 120W Rapid Charging Technology එක ඔවුන් විසින් මෙතෙක් ලබා දෙනු ලැබුවේ ඔවුන්ගේ Flagship Devices සදහා පමණක් වෙනවා.

Redmi Note 11 Series එක යටතේ Note 11, Note 11 Pro හා Note 11 Pro+ ලෙස Devices තුනක් නිකුත් විමට නියමිතව පවතින අතර මින් Note 11 Pro+ Smart Phone එක සදහා පමණක් මේ 120W Fast Charging පහසුකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Redmi Note 11 හා Note 11 Pro Smart Phones සදහා ඔවුන්ගේ 67W Fast Charging පහසුකම ලබා දෙනු ඇත.

Source: Gizmochina