Loading...
Xiaomi සමාගම තම Redmi සන්නාමය යටතේ නිකුත් කිරීමට නියමිත ප්‍රථම Gaming smartphone එක මෙම වසරේදී එලිදැක්වීමට සූදානම් වේ

Xiaomi සමාගමේම කොටසක් වෙන Redmi Smart Phone කියන්නේ මේ වන විට ලංකාව තුල වගේම ලොව පුරාම ඉතා ජනප්‍රිය වුන Smart Phone Brand එකක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම Redmi විසින් නිකුත් කරන ලද Redmi Note 9 Series එක මෙලෙස ඉතාමත් ජනප්‍රිය වුන Smart Phone Series එකක් විදිහට සදහන් කරන්න පුළුවන්.

ඒ වගේම දැන් Redmi සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම Gaming Smart Phone එක එළිදැක්වීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මේ Flagship Gaming Smart Phone එක MediaTek සමාගමේ අලුත්ම Dimensity 1200 chipset එක මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Redmi සමාගමේ සාමාන්‍යාධිකාරී වෙන Lu Weibing විසින් ඔවුන්ගේ ප්‍රථම Flagship Gaming Smart Phone එක මේ වසරේදි Dimensity 1200 Chipset එක සමගින් එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මේ Dimensity 1200 Chipset එක මගින්ම බලගැන්වෙන Redmi K40 Smart Phone එකත් ඉදිරි සති කිහිපයේදි නිකුත් විමට නියමිත වෙනවා.

කෙසේ වෙතත් තවමත් මේ Redmi Gaming Smart Phone එකේ Specifications පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වි නැ. බොහෝ විට මේ Gaming Smart Phone එක Redmi සමාගමේ අලුත් Smart Phone Series එකක ආරම්භයත් වෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ Redmi Gaming Smart Phone එක මගින් අපිට High Refresh Rate එකක් සහිත Display එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට මේ Display එක LCD Display එකක් වෙන්න පුළුවන්. ඒ වගේම විශාල Battery Capacity එකක් සහිත Battery එකක්, Super Fast Charging Technology එකක් වගේම Shoulder Buttons ලැබෙයි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina