Loading...
මෙගා පික්සල් 440ක කැමරා sensor එකක් Samsung වෙති​න් නුදුරේදීම?

මේ වසර තුළ නිකුත් වු Premium Smartphones Seriesවලින් Samsung සමාගම විසින් නිකුත් කළ Galaxy S23 Series එකේ S23 Ultra Device එක සුවිශේෂී වන්නේ ඒ සඳහා හඳුන්වා දුන් 200MP Camera එක නිසා බව විශේෂයෙන්ම දැක්විය හැකියි. මින් ඉදිරියට යමින් මේ වන විට Samsung සමාගමේ විසින් එළඹෙන 2024 වසරේදී නව Camera Sensors තුනක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවට තොරතු​රු වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් විසින් 50MP GN6 Camera Sensor එක, 200MP HP7 Camera Sensor එක සහ 440MP HU1 Camera Sensor එක මෙලෙස හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරැ වාර්තා වන අතරම මේවාගෙන් 50MP GN6 Camera Sensor එක සඳහා 1.6μm pixel size එකකුත් 200MP HP7 Camera sensor එක සඳහා 0.6μm pixel size එකකුත් ලබා දෙනු ඇතැයි වැඩි දුරටත් දක්වන්න පුලුවන්.

මේ Camera Sensors තුනේම Mass Production එළඹෙන වසර දෙවන කාර්තුවේදී සිදු කිරීමට නියමිතව ඇති බවත් දක්වන්න පුලුවන්. කෙසේ වුවත් මේ Camera Sensors කුමන Devices සඳහා භාවිත කරනු ඇතැයි ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැත.

මින් 50MP ISOCELL GN6 Camera Sensor එක ISOCELL GN1 සහ ISOCELL GN2 camera sensorsවල මිලඟ Versions විය හැකි අතරම එය ප්‍රමාණයෙන් විශාල 1.6μm pixel size එකකින් යුතු වනවා. එනම් මෙය Samsung සමාගමේ විශාලතම සහ පළමු 1 Inch Camera Sensor එක වනු ඇත. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරැවලට අනුව මෙය Samsung සමාගමේ Smartphones සඳහා භාවිතයට වඩා Chinese Smartphones Phones manufacturers භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මීට පෙර Galaxy S25 Ultra සඳහා 200MP HP7 Camera sensor එක ලබා දිමට Samsung සමාගම සුදානම්ව සිටියත් එහි පැවති විශාල නිෂ්පාදන වියදම නිසා එය අතහැර දැමීමට ඔවුන් කටයුතු කළ අතර මේ වන විට 320 MP Camera Sensor එකක් වැඩිදියුණු කරමින් සිටින බැවින් බොහෝ විට Galaxy S26 Ultra සඳහා එය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: www.sammobile.com www.xda-developers.com