නවතම වාර්තාවලට අනුව Meta සමාගම විසින් Facebook තුළ Links බෙදා ගැනීම සම්බන්ධයෙන් නව තීරණයක් ගැනීමට සුදානමින් සිටිනවා. මෙමගින් Professional Accounts සහ Facebook Pages සඳහා මාසිකව හෝ දෛනිකව Post කළ හැකි Links ගණන සීමා කිරීමට නියමිත අතර, වැඩිපුර Links Post කිරීමට නම් Meta Verified සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය වනු ඇත.
මෙම පියවර මඟින් Facebook හරහා සිය වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වෙත Traffic ලබා ගන්නා නිර්මාණකරුවන් සහ ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට ලක්වීමට ඉඩ තිබෙනවා.
2025 දෙසැම්බර් 16 වනදා සිට ආරම්භ කර ඇති මේ යටතේ ඇතැම් පාරිභෝගිකයින්ට Meta වෙතින් මේ ගැන නිල දැනුම්දීම් ලැබී තිබෙනවා. මේ සදහ තේරී ඇති ඇතැම් Pages සහ Professional Mode ගිණුම් සඳහා මාසිකව Post කළ හැකි වන්නේ Links 2ක් පමණි (සමහර වාර්තා පවසන්නේ මෙය දෛනික සීමාවක් විය හැකි බවයි). මෙම සීමාව ඉක්මවා Links බෙදා ගැනීමට නම්, මසකට ඩොලර් 14.99 (£9.99) සිට ආරම්භ වන Meta Verified ගාස්තුව ගෙවිය යුතු වනු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සීමාව මඟින් විශාල පුවත්පත් ආයතන වැනි ප්‍රකාශකයින් දැනට නිදහස් කර ඇති අතර Comments තුළ Links දැමීම, Affiliate Links සහ Instagram, WhatsApp වැනි Meta සතු අනෙකුත් සේවාවන්හි Links බෙදා ගැනීමට මෙම සීමාව බලනොපාන බව වාර්තා වනවා.
මෙම තීරණයට හේතුව කුමක්ද?
Meta ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ වැඩිපුර සබැඳි Post කිරීමේ හැකියාව ලබා දීම Meta Verified සාමාජිකයින්ට අමතර වටිනාකමක් එකතු කරන්නේද යන්න තේරුම් ගැනීමට මෙම පරීක්ෂණය සිදු කරන බවයි.
නිර්මාණකරුවන්ට සහ ව්‍යාපාරවලට ඇති බලපෑම
සමාජ මාධ්‍ය විශේෂඥ Matt Navarra පෙන්වා දෙන්නේ, මෙමගින් Facebook යනු තවදුරටත් බාහිර වෙබ් අඩවි වෙත Traffic ලබා දෙන විශ්වාසදායක මූලාශ්‍රයක් නොවන බව තහවුරු වන බවයි. නිර්මාණකරුවන් බොහෝ දෙනෙකු පවසන්නේ මෙය සාමාන්‍යයෙන් නොමිලේ ලැබුණු සේවාවක් සඳහා බලහත්කාරයෙන් මුදල් අය කිරීමට ගන්නා උත්සාහයක් බවයි. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර සහ තනි පුද්ගල නිර්මාණකරුවන්ගේ වෙබ් අඩවි වෙත ලැබෙන පාරිභෝගිකයින් ගණන මෙමගින් සීඝ්‍රයෙන් පහත වැටිය හැකි වනවා.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සාර්ථක වුවහොත්, 2026 වසරේදී මෙය ලොව පුරා සියලුම පාරිභෝගිකයින්ට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Source: www.bbc.com techcrunch.com








