ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුල (අප්‍රේල් 2) Facebook, Twitter, WhatsApp, Viber හා YouTube ඇතුළු සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කර තිබෙනවා. මේ බව NetBlocks metrics වෙබ් අඩවිය විසින් ඔවුන්ගේ Twitter ගිණුම හා වෙබ් අඩවිය මගින් තහවුරු කර තිබෙනවා.
⚠️ Confirmed: Real-time network data show Sri Lanka has imposed a nationwide social media blackout, restricting access to platforms including Twitter, Facebook, WhatsApp, YouTube, and Instagram as emergency is declared amid widespread protests.
— NetBlocks (@netblocks) April 2, 2022
📰 Report: https://t.co/XGvXEFIqom pic.twitter.com/KEpzYfGKjV
මේ සදහා ආසන්නතම හේතුව ලෙස රට තුල පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නොසන්සුන් ලෙස හැසිරීමට කටයුතු කිරිම හේතු වි තිබෙනවා. එමෙන්ම ඔබ දන්නා පරිදි මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීමට අමතරව ඊයේ සවස 6 සිට ඇදිරි නිතිය පනවන්නත් කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ Vantage points 100 අධික සංඛ්‍යාවක් මගින් ලබා ගන්නා දත්ත මගින් මොවුන් මේ බව තහවුරු කර තිබෙන අතර පරිශීලකයන්ද මේ බව මේ වෙන විට තහවුරු කර තිබෙනවා.
ඒ වගේම මේ වෙන විට මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුත් තහවුරු කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත Facebook, WhatsApp, Instagram, Twitter, YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා තාවකාලිකව සීමා කරන ලෙසට සේවා සපයන්නන්ට උපදෙස් දෙනු ලැබේ. - අධ්යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC)
VPN ගැන මීට කලින් අපි පල කරපු ලිපිය මෙතනින් බලන්න.
Source: NetBlocks metrics