Loading...
HiFi stream service එක ලබා දීමට තමන් සූදානම් වන බව Spotify ආයතනය විසින් Stream On event එකේදී නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඔබට මතක ඇති මිට පෙර අපි Spotify කියන්නේ මොකක්ද වගේම මේ වසරේ මාර්තු පමණ වෙන විට ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් Spotify සේවාව දියත් කරනු ඇති බවට තොරතුරු ගෙන ආවා.

Spotify HiFi Service එක මගින් Music Streaming සදහා CD-Quality Audio හදුන්වා දිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මෙය Smart Speakers සදහා ද සහය දක්වනු ඇති බව සදහන් වෙනවා.

තවමත් මේ Spotify HiFi Service එක ලබා ගත හැකි දවසක් පිළිබඳ නිල වශයෙන් තොරතුරු නිකුත් නොවුණත් මෙය නිකුත් විමේදිම මෙය රටවල් කිහිපයකට සිමා විය හැකියි. ඒ වගේම මේ Spotify HiFi Service එකේ මිල ගණන් පිළිබඳවද මොවුන් තවම හෙලි කර නොමැත. මේ HiFi Service එක මගින් Spotify Streaming Service එකේ Audio Quality එක එක වැඩි වෙනවා.

දැනටමත් HiFi streaming සේවාව Tidal නම් music stream සේවාව සම්ඟ ලබා දෙන අතර, ලොව වැඩි දෙනා භාවිතා කරන සහ ලොව ඉතාමත් ප්‍රචලිත Spotify සේවාව වෙතද මෙම පහසුකම ලබා දීමත් සමඟ එම සේවාවා භාවිතා කරන අයට ඉතාමත් හොඳ quality එකකින් තම රසාස්වාදනය ඇති කර ගත හැකිය.

ඒ කෙසේ වෙතත් HiFi වැනි quality එකකින් Music Streaming කිරීමේදී වැය වන internet data ප්‍රමාණය වැඩි වන අතර, යම් හෙයකින් ඔබ ඒවා Download කරගතහොත් එක ගීතයකට අවම වශයෙන් 38mb වැනි ඉඩ ප්‍රමාණයක් වැය වනු ඇත.

එමෙන්ම HiFi quality එකේ නියම වින්දනය ලබා ගැනීමට ඉතාමත් හොඳ ශ්‍රවණ උපාංග අවශ්‍ය වන අතර, වෙළඳපලේ ඇති මිල අඩු (රුපියල් 4,000 වැනි) Gaming සඳහා භාවිතා කරන Headphones භාවිතා කිරීමෙන් එම රසාස්වාදනය ලබා ගැනීමටද නොහැක.

Source : Android Authority, Spotify