Loading...
WhatsApp Chat History එක Telegram වෙත සංක්‍රමණය කිරීමේ පහසුකම Android පරිශීලකයන් වෙතද ලබා දීමට කටයුතු කරයි

ඔයාලා දැනටමත් දන්නවා Telegram 7.4 මගින් iOS පරිශීලකයන්ට WhatsApp chat history එක telegram වලට සංක්‍රමණය කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා කියලා. ඒ පිලිබඳව නොදන්න අය මෙම ලිපියෙන් ඒ ගැන කියවන්න.

මේ feature එක Telegram 7.4.1 වලින් Android පරිශීලකයන්ටත් ලැබිලා තියෙනවා. WhatsApp වලට අමතරව KakaoTalk යන messaging service එකේ ඇති Chat History එක පවා මේ ආකාරයට Telegram වෙත සංක්‍රමණය කර ගැනිමට හැකියාව තියනවා කියලා තමා telegram update එකේ කියලා තියෙන්නෙ. හරි අපි දැං බලමු කොහොමද මේ WhatsApp chat history එක android වලදි telegram වලට සංක්‍රමණය කරන්නෙ කියලා.

WhatsApp chat history එක Telegram වලට සංක්‍රමණය step by step

  1. හරි මුලින්ම ඔයාලා WhatsApp යෙදුම විවෘත කරලා ඔයාලට සංක්‍රමණය කරන්න ඕන chat එක ඇතුලට පිවිසෙන්න.
  2. ඉන් පසුව 'More' menu එකට පිවිසිලා 'Export chat' තෝරන්න. එතකොට ඔයාලට තෝරන්න ලැබෙයි "without media" or "include media" කියලා option දෙකක්. එතනින් ඔයාලට කැමති option එක තෝරන්න.
  3. එහෙම අවශ්‍ය option එක තෝරගත්තට පස්සෙ එනවා තියෙන sharing option ටික. එතනින් telegram තෝරගන්න.
  4. එතකොට එනවා telegram app එකේ දැනට අපි බාවිතා කරලා තියෙන conversation ටික. එතන අපිට import කරන්න අවශ්‍ය contact එක තියෙනවනම් ඒක තෝරන්න. එතන අපිට import කරන්න ඕන contact එක නැත්තං දකුණු පැත්තෙ ඉහල කෙලවරේ තියෙන search button එකෙන් අවශ්‍ය contact එක search කරලා ඒක තෝරන්න.
  5. ඊටපස්සෙ import යන්න ලබාදෙන්න. එතකොට ඔයාලට පෙන්නයි අදාල chat එක import වෙනව. ඒක 100%ක් පිරුනාම ඔයාලගෙ වැඩේ හරි.

සැ.යු : මෙසේ Telegram වෙත import කිරීමට අවශ්‍ය සෑම chat history එකක් සඳහාම මෙය වෙන් වෙන් වශයෙන් නැවත නැවත සිදු කල යුතුයි.