Loading...
Google Pixel 6 සහ 6 Pro මාදිලියේ ජංගම දුරකතන සඳහා charger එකක් ඇතුලත් නොවන බවට තොරතුරු වාර්තා වේ

Apple, Samsung හා Xiaomi සමාගම්වල අඩිපාරේ යමින් Google සමාගමත් සිය Smart Phone Box එකට Charger එකක් නැත්නම් Charging Adapter එකක් ඇතුලත් නොකිරීමට සුදානමින් සිටිනවා.‌ ඒ අනුව ඔවුන් විසින් තම පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා Google pixel මාදිලියේ මිලගට නිකුත් විමට නියමිත Google pixel 6 Series එක සමග In Box Charging Adapter එකක් ලබා නොදෙන බව වාර්තා වෙනවා.‌‌

දුරකථන නිපදවන සමාගම් රැසක්ම පසුගිය වසර මුල් භාගයේදී තම ප්‍රමුඛතම Smart Phone සදහා ලබා දුන් In Box Charging Adapter එක ඉවත් කිරිමට පටන් ගනු ලැබුවා. Apple සමාගම‌‌ ඔවුන්ගේ iPhone 12 Series එක සමග In Box Charging Adapter එකක් ලබා නොදුන් අතර Samsung සමාගමත් S21 Series එක සමග In Box Charging Adapter එකක් ලබා නොදුන් අතර, Xiaomi සමාගමත් ඔවුන්ගේ Mi 11 Series එක සමග In Box Charging Adapter එකක් ලබා නොදිමට කටයුතු කරනු ලැබුවා. In Box Charging Adapter එකක් නොමැතිව Pixel 6 හා Pixel 6 Pro Devices නිකුත් කිරිමට Google සමාගම සුදානමින් සිටින බවට මේ වෙන විට තොරතුරු පල වෙමින් තිබෙනවා.

ඒ අනුව මේ වසර අවසානයේදි නිකුත් කිරිමට නියමිතව පවතින මේ Pixel 6 Series එකත් සමග In Box Charging Adapter එකක් රහිතව Charging Cable එක පමණක් අඩංගු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. Google සමාගම විසින් වැඩි දුරටත් මේ පිළිබඳ අදහස් දක්වා ඇත්තේ මේ වෙන විටත් බොහෝ දෙනෙකු සතුව USB Type C Charging Adapter එකක් පවතින බැවින් තව දුරටත් නව Smart Phone එකක් සමග Charging Adapter එක ලබා දිමය අත්‍යවශ්‍ය අංගයක් නොවනු බවයි.

අනුව Google සමාගම විසින් In Box Charging Adapter එකක් සහිතව වෙළෙඳපොළට නිකුත් කරන ලද අවසාන Pixel Device එක Google Pixel 5a 5G වෙනු ඇත.

Sources: The Verge, Beebom