Loading...
Laptop එකක් ගන්න අපි සලකා බලන්න ඕන ප්‍රධාන කරුණු

මේ වෙනකොට පරිගණකයක් කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙලා ඉවරයි. ඒකෙනුත් පහසුවට බොහොමයක් අය සලකා බලන්නේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමටයි. මොකද තමන්ට ගමනක් යන විට පවා එය පහසුවෙන් රැගෙන යා හැකි වීම, අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව, නඩත්තු පිරිවැය අවම වීම, සහ කුඩා ඉඩක හැසිරිය හැකි වීම වගේ කරුණු බලපානවා.

ඉතිං අද කාලයේ ලැප්ටොප් එකක් මිලදී ගන්න යනකොට හිතන්න තියෙන දේවල් බොහොමයක් තියෙනවා. ඉතිඩ්ං අද මේ අපි කියන්න යන්නේ අන්න ඒ දේවල් ගැන. නැත්තම් යාළුවා හරි අල්ලපු ගෙදර කෙනා හරි ගත්තු පලියටල් ලැප්ටොප් අරගෙන නිකං අමාරුවේ වැටෙන්න ඕනේ නෑනේ.

1. ඔයාට ලැප්ටොප් එකෙන් මොකක්ද කරන්න තියෙන්නේ?

ඇත්තටම අපි බලන්න ඕනේ ප්‍රධානම සාධකය මෙන්න මේක. මොකක්ද ඔයාගේ අවස්‍යතාවය ලැප්ටොප් එකක් මිලදී ගන්න ඕන කරන. මේ මත තමයි අපි අපේ අතේ තියන මුදලට සරිලන ලැප්ටොප් එක මිලදී ගන්න පෙළඹෙන්න ඕනේ.

සාමාන්‍යෙන් කෙනෙක්‍ වර්තමානයේ ලැප්ටොප් එක මිලදී ගන්නේ පහත කරුණු එකක් හෝ කීපයක් ඉටු කරගැනීමට.

  1. ගේම්ස් ගහන්න
  2. ග්‍රැෆික් වැඩ වලට
  3. ඔෆිස් වැඩවලට
  4. විශ්වවිද්‍යාලයේ කටයුතු වලට
  5. ප්‍රෝග්‍රැමිං වලට
  6. එදිනෙදා කටයුතු කරගන්න
  7. අනෙකුත් කටයුතු

ඉතිං ගේම්ස් ගහන කෙනෙක් ගන්න ඕනේ ගේමිං ලැප්ටොප් එකක්. ඒත් අපි නම් අනුමත කරන්නේ කාලෙකදි අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන් වෙන්න ඩෙස්ක්ටොප් මැෂීන් එකක් බිල්ඩ් කරන්න කියල තමයි. ඒත් ගේමිං වලට ලැප්ටොප් එකක් ගන්නව නම් විවිධ වර්ගයේ ගේමිං ලැප්ටොප් තියෙනවා. ග්‍රැෆික් වැඩවලට ගන්නව නම් රියල් කලර්ස් තියෙන ඩිස්ප්ලේ එකක් සහිත එකක් ගන්න ඕනේ. ඉතිං අපි අනුමත කරන්නේ ඇපල් මැක්බුක් ප්‍රෝ එකක් වගේ නම් මේ වගේ දේකට සුපිර් මොකද ඒකේ ඩිස්ප්ලේ කලර්ස් වල තියෙන රියැලිස්ටික් ගතිය නිසා. අනිත් ඒවටත් ඒ ඒ විදිහට ලැඵ්ටොප් තියෙනවා.

2. ලැප්ටොප් එක මිලදී ගන්නේ විශ්වාසනීයවන්ත තැනකින්ද?

සාමාන්‍යෙන් අපි ලැප්ටොප් එකක් ගන්න යන තැන විශ්වාසනීයවන්ත තැනක්ද කියල අපි දැනගෙන ඉන්න ඕනේ. කොහොමද අපි එහෙම තැනක් හොයාගන්නේ. අපිට හටි ලේසියි. ෆේස්බුක් එකේ ඕන තරම් තියෙනවා ගෲප්ස්, ඕන තරම් මිනිස්සු ඉන්නවා, අපිට පුළුවන් ඕනම කෙනෙක්ගෙන් ඒකට උදව් ගන්න පෝස්ට් එකක් දාල. ඒ වගේම අපි ගන්න අදහස් කරගෙන ඉන්න තැන්ට තියෙන රිවීව්ස් අපිට බලන්න පුළුවන් එයාලගේ ෆේස්බුක් පේජ් එකක් තියෙනව නම්. ඒ වගේම එයාල ගූගල් බිස්නස් පේජ් එකක් ඕපන් කරල නම් අපිට පුළුවන් ඒකේ රිවීස් කියවන්න.

ඒ වගේම කවුරුහරි ඒ ශොප්ස් වලින් බඩු ගත්තු අය ඉන්නව නම් එයාලගෙන අපිට අහල දැනගන්න පුළුවන් කොහොමද වොරන්ටි ක්ලේම් කරන්න යනකොට කොහොමද එයාලගේ සපොර්ට් එක, ආෆ්ටර් සර්විස් කොහොමද එයාල සර්විස් එක දෙන්නේ, ඒ වගේම ඇත්තටම කොහොමද ඒ බඩු වල කොලිටි එක වගේ ගොඩක් දේවල් ගැන හොයාගන්න. අනිත් එක තමයි තමන්ගේ අතේ තියෙන මුදලට සරිලන ලැප්ටොප්ස් ඒ ඒ තැන්වලින් මිලදී ගන්න පුළුවන්ද කියල.

3. අමතර කොටස්

අපි කොච්චර ගාණක් දීලා සුපිරිම වර්ගයේ ලැප්ටොප් එකක් ගත්තට වැඩක් නෑ, මොකක් හරි ලෙඩක් ඇවිත් හදන්න ගියාම ඕන කරන බඩු ටික නැත්තම්. නැත්තම් ගෙන්නන්න කාලයක් යනව නම්. අනික තමයි ඒවට යන වියදම වැඩී නම්. හරියට ඉතිං වාහනයක් අරගෙන නඩත්තු කරනවා වගේ වැඩක තමයි එක අතකට ලැප්ටොප් එකක් ගන්න එකත්. මොකද ලංකාවේ මොකක් හරි අවුලක් ඇවිල්ලා ෆැක්ට්‍රි ඩිෆෙක්ට් එක උනත් ගොඩක් වෙලාවට බලන්නේ කස්ටමර් පැත්තට වැරැද්ද දාල ඇඟ බේරගන්නනේ. ඉතිං ඒ වගේ තත්වයක් යටතේ අපි බලන්න ඕනේ අපි ගන්න ලැප් එකට ස්පෙයාර් පාර්ට්ස් එහෙම කොහොමද කියල.

ඒ විතරක් නෙවෙයි, අපිට ලැප් එකක් ගන්නකොට පස්සේ කාලෙක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්ද කියල බලන්නත් ඕනේ. මං ලැප් එකක් ගත්තස 2015. පස්සේ තමයි දන්නේ ඒක සින්ගල් චැනල් රැම් තියෙන්නේ කියල. ඒ කියන්නේ එක රැම් එකයි ගහන්න පුලුවන්. ලැප් වලට එන රැම් වල උපරිමය ගිගා බයිට් 8යි. ඉතිං මට එතනින් නවතින්න උනා. පස්සේ බැලුවා වෙනම ග්‍රැෆික් කාර්ඩ් එකක් ගහන්න කියල. ඒක කරන්නත් බෑ.

4. කාලයට ගැලපෙනවද?

අපි ලැඵ් එකක් ගන්නකොට බලන්න ඕන තවත් ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ දේ. අපි 2020දී ප්‍රොසෙසර් එකේ ජෙනරේශන් එක අඩු එකක් ගත්තොත් පර්ෆෝමන්ස් අඩුයි අද කාලේ තියෙන සොෆ්ට්වෙයාර් වලට. පහු පහු වෙන්න ඔපරේටිං සිස්ටම් එක අප්ඩේට් වෙන්න වෙන්න ස්ලෝ වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩී, මොකද දැන් තියෙන ලිනක්ස් ඔපරේටිං සිස්ටම් වලටත් රැම් එක ගිගා බයිට් 4ක් ඉල්ලනවා.

අනිත් එක ඩ්‍රයිවර්ස් අප්ඩේට්ස්. ඇඩෝබි පැකේජ් එකේ අළුත් අප්ඩේට්ස් වලට අළුත් ඩ්‍රයිවර්ස් ඕන වෙනවා. හදිස්සියේවත් ඔයාගන්න එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න බැරි නම් ඉතිං…

5. බැට්‍රි ආයු කාලය

අපි ගන්න ලැප්ටොප් එකේ බැට්‍රි ලයිෆ් එක ගැන වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ, මොකද අපි කරන වැඩත් එක්කලා ගැලපෙන බැට්‍රි ලයිෆ් එකක් තියෙන්න ඕනේ. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට වගේ නම් අඩුම පැය 8ක්වත් බැට්‍රියෙන් දුවන්න පුළුවන් වර්ගයේ ලැප් එකක් ඕනේ. ට්‍රැවල් කරන කෙනෙක් නම් එයා නිතරම ට්‍රැවල් කරන කාලය අනුව ඒකට ගැලපෙන එකක් ගන්න ඕනේ.

ඒ වගේම දැන් එක ගොඩක් ලැප්ටොප්ස් පවර් බෑන්ක් වලින් චාර්ජ් කරන්න පුළුවන් ඒවා එනව. ඉතිං ඒවගේ එකක් ගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. හැබැයි මිලෙන් ටිකක් වැඩියි, ඒ වගේම පවර් බෑන්ක් එකටත් වෙනම ගාණක් ගෙවන්න වෙනවා.

6. ස්ක්‍රීන් සයිස් එක

මේකත් එක්තරා විදිහට අපි බලන්නේ නැති දෙයක්. ඒත් අනිවාර්‍යෙන් බලන්න ඕන දෙයක්. මොකද ග්‍රැෆික්ස් කරන්න කියල අඟල් 13 ඩිස්ප්ලේ එකක් තියෙන එකක් අරගෙන අන්තිමේදි වෙනම ගෙවන ඕනේ මොනිටර් එකක් ගන්නත්. ඔෆිස් වැඩ වලට නම් ඒ වගේ ඩිස්ප්ලේ සයිස් එකක් ඇති. ඒ වගේමයි අපි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං නම් කරන්නේ අපිට පොඩි ඩිස්ප්ලේ එකක වැඩ් කරනවා කියන්නේ ඇස් දෙකට හරි අමාරුයි.

ඩිස්ප්ලේ සයිස් එකත් එක්ක කතා කරන්න ඕන අනිත් ප්‍රධාන කාරණාව තමයි ඩිස්ප්ලේ රෙසලූශන් එක. වීඩියෝ එඩිටිං, ග්‍රැෆික්ස් වලට ගන්න නම් ටික වැඩි රෙසලූශන් එකක් තියෙන එකක් ගන්න එක තමයි අපි අනුමත කරන්නේ.

7. අමතර දේවල්

  • ලැප් එකේ තියෙන පෝර්ට්ස්
    දැන් කාලේ තියෙන සමහර ලැප්ටොප් වල USB පෝර්ට්ස් නෑ. ඉතිං ඔයාට ඕනම කරන දෙයක් නම් USB ඒ වගේ ලැඵ් එකක් අරගෙන හරියන්නේ නෑ.
  • ෆැක්ට්‍රි ඩිෆෙක්ට්ස්
    මේ ක නම් කලින් ගත්තු අයගෙන් තමයි දැන ගන්න වෙන්නේ. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් හොයාගන්න බැරි වෙන්නෙත් නෑ.
  • අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද?
    මං අර උඩ කිව්වා වගේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද බැරිද කියන එක බලන්නත් ඕනේ. ඒ වගේම SSD එහෙමත් සපෝර්ට්ද බලන්න ඕනේ.

මීට අමතරව ඔයාලා සලකා බලන දේවල් පල්ලෙහා කමෙන්ට්ස් සෙක්ශන් එකේ දාන්න. අපි කතා කරමු ඒ දේවලුත්.

ආ තව එකක් මිල ගැන මෙතන කතා කරල නෑ. ඒ හැර අනිත්වා තමයි කතා කරල තියෙන්නේ.