Loading...
ලොව ඇති වඩාත්ම බලව​ත් හෙලිකොප්ටර් 07

මේ වන විට ෆය්ටර් ජෙට් මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද රටක හමුදාවකට නැතිවම බැරි දෙයක් වී හමාරයි.

ප්‍රබලම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිව්වාම ගොඩක් අය හිතන් ඉන්නවා මේවා තියෙන්නෙ ඇමෙරිකාවට, රුසියාවට, චීනෙට විතරයි කියලා. අද මේ ආටිකල් එකේදී අපි ඒක ඇත්තද බොරුද කියලා දැනගමු.

Ka-52 alligator  Helicopter

Image: TASS.

රුසියානු Kamov සමාගම විසින් තමා මෙම යානය නිෂ්පාදනය කර ඇත්තෙ. මෙම යානය නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති මෙය දැනට ලෝකයේ යුදමය කටයුතු සඳහා නිෂ්පාදනය කළ ප්‍රබලත ම හෙලිකොප්ටරය ලෙස සැලකෙනවා.

මෙම යානයට ඕනෑම කාලගුණික තත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම පියාසර කිරීමෙ හැකියාව ඇති අතර මෙම හෙලිකොප්ටර් යානයට යුද ටැංකිවලට පහර දීමට යොදා ගන්නා 9K121 Vikhr වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල (anti tank missiles) රැගෙන යා හැකි අතර මෙය Shipunov 2A42 30mm වර්ගයේ අවියකින් සමන්විතයි.

මීට අමතරව 30mm වර්ගයේ ගුවනේ සිට ගොඩබිම් ඉලක්කවලට පහර දීමට හැකියාව ඇති රොකට් වලින් ද මෙය සමන්විතයි. VK 2500 Turboshaft වර්ගයේ ඇන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයහි උපරිම වේගය ලෙස සැලකෙන්නෙ Km\h 310කි.

KA-50 Helicopter

Image: Wikipedia

රුසියානු කමෝව් Kamov සමාගම විසින් තමා නිෂ්පාදනය කිරිම සිදු කරේ. මෙය එක් ගුවන් නියමුවකු සඳහා පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා ඇති මෙම යානයට ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ වගේම දිවා රාත්‍රී දෙකේ ම පියාසර කළ හැකියි.

එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයෙ උපරිම වේගය ලෙස සැලකෙන්නෙ Km\h 390කි. මෙම යානයට 9K 121 vikhr වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල 12 ක් රැගෙන යා හැකි අතර shipunov 2A42 ස්වයංක්‍රීය අවියකින් ද මෙම හෙලිකොප්ටර් යානය සමන්විතයි.

AH 64 Apache Helicopter

Image: Military.com

අමෙරිකානු බෝයිං සහා McDonnell Douglas හා Boeing සමාගම විසින්  නිෂ්පාදනය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය නිර්මාණය කර ඇත්තේ නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදියි.

මෙම AH 64 Apache යානය ගල්ෆ් යුද්ධය සමයේ හා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුම්වලදී බහුලව යොදා ගැනුණා. M 230 වර්ගයේ 30mm අවියකින් හා ගුවනේ සිට ගොඩබිම් ඉලක්කවලට හා යුද ටැංකිවලට පහර දීමට හැකියාව ඇති AGM 114 D hellfire වර්ගයේ මිසයිලවලින් ද මෙම හෙලිකොප්ටරය සන්නද්ධ වන අතර මෙම හෙලිකොප්ටර් යානය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි AIM 92 වර්ගයේ මිසයිලවලින් ද සමන්විතයි.

ටර්බොෂාප්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට මෙහි උපරිම වේගය ලෙස Km\h 279ක වේගයකින් ද පියාසර කළ හැකියි. මීට අමතරව හෙලිකොප්ටර් යානය ද ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම පියාසර කළ හැකි ආකාරයෙන් නිපදවූවක්.

Z-10 Helicopter

Image: Wikipedia

චීනය විසින් නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානය නිශ්පාදනය කර ඇත්තෙ නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදිය්. මෙම යානයද 30 mm වර්ගයේ අවියකින් සහ HJ-9 හා HJ-10 වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල පද්ධතියකින් හා TY 90 වර්ගයේ ගුවන් ඉලක්ක විනාශ කළ හැකි මිසයිලවලින් ද සමන්විතයි.

ටර්බොෂාප්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයට උපරිම වේගය ලෙස Km\h 300ක පමණ වේගයෙන් පියාසර කළ හැකියි.

Mi 24 Helicopter

Image: Wikipedia

රුසියානු (mil) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය ලොව ජනප්‍රියත ම හෙලිකොප්ටර් යානාවක් ලෙස සැලකෙනවා. මෙම යානය පාවෙන යුද ටැංකියක් ලෙසින්ද හඳුන්වනවා. මෙ  යානය මේ වනවිට ලෝකයේ විවිධ රටවල් 40කට අධික ප්‍රමාණයකට අලෙවි කර තිබෙනවා. Mi- 24 හෙලිකොප්ටර් යානා 3500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර අප රටේ දශක තුනක් පුරා පැවති යුද්ධයේදී ද මෙම යානය විශේෂ මෙහෙවරක් ඉටු කළ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

Isotov TV3-117VMA එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට 2400kg ක බරක් රැගෙන පියාසර කළ හැකියි. මෙහි උපරිම වේගය ලෙස සඳහන් වන්නෙ Km\h 310 කි.

Mi- 24 ඛාණ්ඩයට අයත්ව විවිධ වෙනස්කම්වලින් සමන්විත හෙලිකොප්ටර් යානා රැසක් ද නිෂ්පාදනය කරන තිබෙනවා. ගුවන් නියමුවාට අමතරව සෙබළුන් 8 දෙනකුට ගමන් කළ හැකි අයුරින් මෙය නිපදවා ඇති මාදිලියක්ද තිබෙනවා. මෙයට ගුවනේ සිට ගොඩබිම ඉලක්කවලට පහර දීමට හැකි S-8 80mm වර්ගයේ මිසයිල හා UPK- 23 වර්ගයේ අවියකින් හා යුද ටැංකි නාශක මිසයිලවලින් ද සන්නද්ධයි.

AH-2 Rooivalk Helicopter

Image: Wikipedia

දකුණු අප්‍රිකානු ඩෙනෙල් (Denel Aviation) ආයතනය විසින් තමා මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ. මෙය නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානය වන අතර එය 20mm වර්ගයේ අවියකින් සහ අමෙරිකාවේ නිෂ්පාදිත, යුද ටැංකිවලට පහර දීමට යොදා ගන්නා TOW වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල හා දකුණු අප්‍රිකාවේම නිෂ්පාදිත ZT-6 Mokopa වර්ගයේ යුද ටැංකි නාශක මිසයිලවලින්ද මෙය සන්නද්ධයි.මීට අමතරව මෙය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි මිසයිල හතරකින් සන්නද්ධ වනවා.

මෙයට Turbomeca Makila 1k2 turboshaft වර්ගයේ  එන්ජින් දෙකකින් බලය සැපයෙනවා. මෙහි උපරිම වේගය Km\h 278කි.

AH-1Z Viper Helicopter

Image: Wikipedia

මෙම යානය නිපදවන්නෙ ඇමෙරිකාවෙ Bell සමාගම විසිනුයි. නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි තමා මෙම යානය නිශ්පාදනය කර ඇත්තෙ. T700-GE 401c turboshaft වර්ගයේ එන්ජින් දෙකකින් තමා බලය සැපයෙන්නෙ. මෙම යානයට පියාසර කළ හැකි උපරිම වේගය ලෙස සැලකෙන්නෙ Km\h 337කි.

උණ්ඩ 750ක් සහිත 20mm වර්ගයේ අවියකින් සහ යුද ටැංකි නාශක මිසයිලය වන AGM-114A hellfire  වර්ගයේ හා නෞකා නාශක AGM-114F hellfire මිසයිලවලින් ද සන්නද්ධ කර ඇති අතර ගුවන් ඉලක්කවලට පහර දීමට හැකියාව ඇති AIM-9 වර්ගයේ air to air මිසයිල වලින්ද මෙම යානය සමන්විතයි.