Loading...
යුද්ධයට නැතුවම බැරි ලෝකයේ තිබෙන ප්‍රබලම යුධටැංකි (පළමු කොටස)

ලොව පළමු සාර්ථක සන්නාහ සන්නද්ධ රථය නොහොත් Battle Tank එක වන Little Willie 1915 වසරේ July මාසයේදි බ්‍රිතාන්‍යයන් විසින් පළමු ලෝක සංග්‍රාමයේදී ලෝකයට හඳුන්වා දුන් අතර අවුරුදු 108ක් තිස්සෙ මේ යුධ ටැංකි ලොව පුරා ඇතිවු යුද්ධයන්වල හැරවුම් ලක්ෂවල විප්ලවීය වෙනසක් ඇති කිරිමට සමත් වුවා. එතැන් සිට, සමහර විචාරකයින් විසින් යුධ ටැංකි යුගයේ අවසානය ගැන අනාවැකි පළ කළද, 21 වන සියවස වන විටත් ලොව පුරා බලවත් රාජ්‍යවල හමුදාවේ මුල් ගලක් ලෙස මේ යුද ටැංකිි පවතිනවා. ඉතින් අද මේ ලිපිය තුලින් අප බලමු දැනට ලොව පවතින හොඳම යුධ ටැංකි 10 ගැන.

අද වන විට තියෙන සෑම යුද ටැංකියක්ම වගේම අතිශය ප්‍රබල Fire Power එකකින් සමන්විත වන අතරම ඒවගේ Mobility එක, Strength එක සහ Caliber Size එක සමග එකිනෙකට විරුද්ධව තරඟ කරනු ලබනවා. නමුත් මෙම ගුණාංග පමණක් ලෝකයේ වඩාත්ම දියුණු හා හොඳම යුධ ටැංකි මොනවාද යන්න තීරණය නොකරන අතර වර්තමානයේදි වඩාත්ම දියුණු ටැංකි යන්න නිර්වචනය කර ඇත්තේ ඒවායේ පවතින Artificial Intelligence (AI) සහ Remote Operating Capability ආදිය මතයි.

උදාහරණ ලෙස T-14 Armata යුධ ටැංකි සැලකු විට එහි තිබෙන Unmanned Turret Capabilitie එක  M1A2 යුධ ටැංකිවල තිබෙන Sepv3 Hosts Ammunition Data Link Technology එක සහ Panther KF51 යුධ ටැංකිවල තිබෙන Drone-Integration Technology එක වගේ ඒවා දක්වන්න පුලුවන්.


01) American Abrams M1A2 යුධ ටැංකිය

Source: military.com

මේ ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට සමත් වි තිබෙන්නේ American Muscle එකක් වන American Abrams M1A2 යුධ ටැංකි කාණ්ඩයයි. මේ යුධ ටැංකියේ Specs ගැන කතා කරන්න කලින් අපි මෙකේ ඉතිහාසය ගැන ටිකක් බලමු.

Abrams M1A2යනු එක්සත් ජනපද හමුදාව සඳහා General Dynamics Land Systems විසින් සංවර්ධනය කරන ලද ප්‍රධාන යුධ ටැංකියකි. මේ යුධ ටැංකිය M1A1 හි අඩුපාඩු හා ක්‍රියාකාරීත්වය මත පදනම්ව නිර්මාණය කරන ලද අතර වැඩිදියුණු කළ Fire Power එක හා ඉතාමත් හොඳ Mobility එකක් සැපයීම සඳහා නවීනම තාක්‍ෂණය ඇතුළත් වන අතර එය ලෝකයේ විශාලතම සටන් යුධ ටැංකි වලින් එකක් වගේම මෙය ලෝකයේ තිබෙන හොඳම යුධ ටැංකිය ලෙසත් පිලි ගැනෙනවා.

1972 සිට 1975 දක්වා අවුරුදු තුනක කාලයක් තුළ මෙය සැළසුම් කිරිම සදහා වැය වෙන අතර ඉන් අවුරුදු පහකට පස්සෙ 1980දි තමයි මේ යුධ ටැංකිය Manufacturer Level එකට එන්නේ. ඒ වගේම මේක හඳුන්වා දුන් කාලයෙ Unite එක Cost එක උනෙ USD 6.21 Million වගේ උනාට 2016 වගෙ වෙනකොට මෙකෙ එක යුනිට් එකක කොස්ට් එක USD 8.92 Million වගෙ ඉහල ගියා.

දැන් එමු මේකෙ Fire Power එක පැත්තට.

මේකෙ Main Gun එක සැලකු විට ප්‍රධාන Gun එක Manually Loaded තියෙන 120mm බැරල් එකක් වන අතර එමඟින් සන්නද්ධ වාහන, පාබල හමුදාව සහ පහතින් පියාසර කරන කුඩා ගුවන් යානා වෙත විවිධ අකාරයෙ නේටෝ පතොරම් වලින් වෙඩි තැබිය හැකි වනවා. මේ යුධ ටැංකිය 7.62mm M240 Machine Gun සහ A.50 Cal M2 Machine Gun එකකින් සහ 120mm Rounds 42, 7.62mm Rounds 11,400 හා 50 Cal Rounds 900, Screening Bombs 32, 5.56mm Rounds 210සමන්විත වනවා.

මෙහි Power System එක Honeywell AGT1500 (Gas Turbine Engine) මගින් බල ගැන්වෙන අතර මේ මගින් 1,500 Hp (1,100Kw) Output Peak එකක් සපයන අතර 3,730 Newton Meter Torque එකක්ද සපයනු ලබනවා. ඒ වගේම Stage 5කින් සමන්විත මෙම Gas Turbine එක Jet Fuel, Petrol (ඇමෙරිකාවෙදි මෙය Gasolin ලෙස හඳුන්වයි), Diesel සහ Marine Diesel යන විවිද අකාරයෙ ඉන්ධන භාවිතා කළ හැක. එවගේම මේ Gas Turbine මගින් Piston සහිත Engine වලට වඩා ලොකු Stealth බවක් යුධ ටැංකිය සදහා ලබා දෙනවා.

02) T-14 Armata යුධ ටැංකිය

Source: insider.com

T-14 Armata කියන්නෙ දැනට ලෝකේ යුධ ටැංකි අතර තියෙන Newestම  Generation එකෙ යුධ ටැංකි එකක් වන අතර Russian Army එක මගින් නිෂ්පාදනය කරන මෙය Uralvagonzavod නොහොත් (UVZ) මගින් නිෂ්පාදනය කරනු ලබනවා. 2015 නිෂ්පාදන කටයුතු අරඹි මෙය 2020 වසරේදි Russian Army එක විසින් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ වගේම මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ 2015 වන විට මෙහි එක Unit එකක Cost එක  (Usd) $3.7–$4.6 Million පමණ වු අතර ඉන් අවුරුදු පහකට පසුව එනම් 2022ක වන විට මෙහි Unit Cost එක ලෙස සැලකුනේ (Usd) $5-7.1 Million ලෙසයි.

T-14 Armata එකෙ Main Gun එක ගැන කතා කලොත් 125mm Smoothbore Cannon එකකින් සමන්විත වන අතර මේ Smooth Smoothbore Cannon එකෙ පොඩි Disadvantage එකක් දැක්විය හැකි වනවා. ඒ මින් නිකුත් කරන Projectile එකෙ Course එක Unstable විදිහට පිට විමයි. හරියටම නිවැරදි ඉලක්කයක් ගද්දි මේක ලොකු Disadvantage එකක් වෙන්න හැකියාව තිබෙන අතර Riflebore Canon එකකින් Fire කරන විට Projectile එක බැරල් එකෙන් එලියට කැරකි කැරකි පිට වන නිසා මේ මගින් Fire කරන Projectile එක ගොඩක් Stable විදිහට ගමන් කරනු ලබනවා. නමුත් නූතන තාක්ෂණය ඔස්සේ මෙ Disadvantage එකේ තිබෙන ප්‍රශ්නය විසඳලා තිබෙනවා.

ඒ වගේම ගොඩක් Modern Tank වල භාවිතා වන්නේ මේ Smoothbore Canon කියන ක්‍රමය වන අතර එයට හේතුව වන්නේ එකම බැරල් එක යූස් කරලා Projectile වලට අමතරව Missile Fire කිරිමට ඇති හැකියාවයි. ඒ වගේම මේ Smoothbore Canon ක්‍රමය ඔස්සේ Fire කරන අවස්ථාවලදී  Barrel එකෙ ඇතුලත පෘෂ්ඨය සහ Projectile එක මත ඇති වන Friction එක ඉතාමත් අඩු නිසා Riflebore Canon වලට වඩා ඉතාමත් හොඳ Fireing Range එකක් මේ මගින් ලබා ගන්න පුළුවන්.

මේ යුධ ටැංකියේ Main Gun එක Auto Loder Technology එකක් වන අතර මේ තියෙන Main Gun එකට අමතරව Kord වර්ගයේ 12.7mm Machine Gun එකක්, PKTM වර්ගයේ 7.62mm Machine Gun එකක් හා Laser-Guided Missiles 45ක්ද ඇතුලත් වෙනවා. ඒ වගේම මේක STANAG 4569 Level 5 Protection එකකින් ද ආරක්ෂා වනවා.

කෙසේ වෙතත් ඔයාලා දකින්න ඇති යුක්‍රේන යුද්ධයේදී මේ Autoloader Technology එක තිබෙන Russian Tank Ammunition Manual Load කරන Tank වලට වඩා ඉතාමත් ඉක්මනට විනාශ වු බව. මෙයට හේතුව විදිහට සමහර විශ්ලේෂකයෝ දක්වන්නේ මේ Russian Tank වල Ammunition Storage එක පිහිටා තිබෙන්නේ Turret එකට ඉතාමත් ආසන්නයෙ නිසා සහ American Abraham Tank වල වගේ Ammunition Storage එක Crew එකෙන් වෙන් කරලා Protect කර නොතිබීමයි.

මෙහි Power System එක ගැන කතා කලොත් 12N360 4-Stroke X-Shaped Dual Turbo,Inter Cooler 12 Cylinder Engine එකකින් සමන්විත වන අතර Power Output එක Max Power එකේදි 1800 Hp වනවා. ඒ වගේම මේක 12-Speed Automatic Gearbox එකකින් සමන්විත වන අතර 4.600Nm Torque එකක් නිකුත් කරනවා. ඒ වගේම සමහර මුලාශ්‍රවල සඳහන් වන පරිදි මෙහි Top Speed එක 80-90 Km/H වන අතර මෙහි Operational‌‌range එක අවම වශයෙන් 500km වන බවත් සඳහන් වනවා. මෙයත් M1A2වගේම Diesel,Jet Fuel වලට අමතරව විවිධ ඉන්ධන භාවිත කළ හැකි වනවා.

03) Merkava Mk.4 යුධ ටැංකිය

Source: army-technology.com

Merkava Mark IV යනු ඊශ්‍රායලයේ හොඳම සහ නවතම යුධ ටැංකිය වන අතර මෙය ලොව හොඳම Protection එක සහිත යුධ ටැංකිය ලෙස බහුතරයක් මුලාශ්‍ර වල තිබෙනවා. 2004දි මේ Merkava Mark Iv  හඳුන්වා දී තිබෙන අතර එක Unite එකක Cost එක Usd $6.5m ලෙස දැක්වෙනවා.

Merkava Mark IV එකේ Main Gun එක 120mm Smoothbore Gun එකකින් සමන්විත වන අතර මේ මගින් APFSDS-FS (Kinetic) Rounds, HEAT (Hollow-Charge) Warheads,Artillery, Guided Missiles, Anti-Personnel/Anti-Material Rounds ආදිය Shoot කල හැකි අතරම මීට අමතරව මෙය Remotely Controlled 12.7mm Anti-Aircraft Machine Gun එකකින් හා 7.62mm Coaxial Machine Gun එකකින් සමන්විත වනවා.

මීට අමතරව විශේෂයෙන්ම දැක්විය යුතු දෙයක් තමයි මෙහි තිබෙන Countermeasures System එක. මේකෙ තියෙන Rafael Trophy Active Protection System එක මගින් Anti-Tank Rockets,Anti-Tank Missiles,HEAT Rounds (High-Explosive Anti-Tank) වලට එරෙහිව 360° Coverage එකක් සපයනවා. ඒ වගේම Enemy Forces මගින් යුධ ටැංකියට තිබෙන Threats හඳුනාගෙන නියමිත වෙලාවෙදි නියමිත තැනදි Countermeasures දියත් කර යුධ ටැංකිය ආරක්ෂා කර ගනු ලබනවා.

මෙහි Power System එක General Dynamics Water-Cooled GD883 V-12 Diesel Dual Turbo 1,500 Hp (1,119 Kw) Engine එකකින් බලගැන්වෙන අතර මෙය Merkava Mk Iii හී භාවිතා වන 1200hp Engine එකත් එක්ක සැසඳු කළ 25%කින් Power එක Increase වීමක් ලෙස සලකන්න පුලුවන්. ඒ වගේම මෙහි Top Speed එක 64 Km/H ලෙසත් දක්වන්න පුලුවන්.

04) VT4 (MBT-3000) යුධ ටැංකිය

Source: redd.it

චීනයේ North Industries Corporation විසින් නිපදවන ලද මේ VT4 (MBT-3000) යුධ ටැංකිය 3rd Gen එකෙ ටැංකියක් ලෙස දක්වන්න පුලුවන්. චීනය විසින් මෙය නිපදුවත් 2007දි Royal Thai Army එක විසින් තමා මෙය පලමු වතාවට පාවිච්චි කරනු ලබන්නේ. කෙසේ වෙතත් මෙය දැනටත් China Army එක විසින් භාවිත කරන ප්‍රධානම Tank එකක් ලෙස දක්වන්න පුලුවන්.

මෙ VT4 Tank එක ප්‍රධාන වශයෙන්ම Export Market එක වෙනුවෙන් නිපදවනු ලැබුවත් මෙහි ඉතාමත් අනර්ඝ ආකාරයේ Fore Power එකක් අඩංගු වනවා. Royal Thai Army එක විසින් මේ VT4යුධ ටැංකිය සදහා ටැංකි 28ක ඇණවුමක් ලබා දුන් අතර මේ ඇණවුම 2017 ඔක්තොම්බර් මාසය වන විට ඔවුන් සදහා ලබා දෙන අතර 2018 ජනවාරි මාසයේදි නැවතත් ටැංකි 26ක ඇණවුමක් ඔවුන් මේ සදහා ලබා දෙනවා. කෙසේ වෙතත් නැවත් Thai Army එක විසින් 2019දි මේ VT4 යුධ ටැංකි සදහා ඇණවුමක් ලබා දෙන බව පැවසුවත් චීනය විසින් මෙම ඇණවුම සම්පූර්ණ කර ලබා දුන්නාද නැතහොත් චීනය හා තායිවානය අතර පවතින ගැටුම්කාරි තත්වය නිසා මෙම ඇණවුම අත්හිටුවීමට කටයුතු කළාද යන්න නිශ්චිත තොරතුරු නොමැති වනවා.

මේ VT4 යුධ ටැංකියේ Main Gun එක 125mm Smoothbore Gun එකකින් සමන්විත වන අතර මෙයට APFSDS (Armour-Piercing Fin-Stabilized Discarding Sabot) Rounds,HEAT Warheads, Artillery,Guided Missiles ආදි වලින් පහරදිය හැකියාව තිබෙනවා. මීට අමතරව Remotely Controlled 12.7mm Anti-Aircraft Machine Gun එකක් හා 7.62mm Coaxial Machine Gun එකකින් Secondary Armament එක සමන්විත වනවා.

මෙහි තිබෙන Protection System එක ගැන කතා කලොත් මෙහි භාවිතා වන්නෙ GL5 Active Protection System (APS) එකකුයි. මේ ඔස්සේ මෙයට 360° Protection එකක් සැපයෙන අතර මේ මගින් Protects Tanks, Armored Vehicles, Anti-Tank Guided Missiles,Anti-Tank Weaponry ආදි Enemy Threat වලින් මෙම යුධ ටැංකිය සදහා ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම මෙහි Top Speed එක 70km/H වන අතර Maximum Range එක 500km පමණ වනවා.

05) Leclerc යුධ ටැංකිය

Source: wikimedia.org

France Army එකෙ Main Battle Tank එක වන මෙහි Designe කිරීම සිදුවන්නෙ 1983–1989කාලයේ ප්‍රංශයේදීයි. කෙසේ වෙතත් ඉට වසර තුනකට පසුව 1992දි තමා මෙහි පළමු යුධ ටැංකිය සේවායට එකතු වන්නේ. 1992සිට 2008දක්වා කාලය තුළ මේ Leclerc යුධ ටැංකි 862ක් නිපදවා තිබෙන අතර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ටැංකි නිපදවීම හේතුවෙන් 2007 වසරේදි ප්‍රංශ රජය විසින් මෙහි Production Line එක Closed කරලා Project එක තාවකාලිකව Discontinued කරන්න තිරණය කර තිබෙනවා.

මේ Leclerc යුධ ටැංකියේ Main Gun එක NATO-Standard CN120-26 120mm Smoothbore Gun එකකින් සමන්විත වනවා. මීට අමතරව Coaxial 12.7mm Machine Gun එකක් හා Roof-Mounted 7.62mm Machine Gun එකක්ද භාවිත වනවා. ඒ වගේම මේ Tank එකේ 120mm Ammunition 40ක් හා 12.7mm Rounds 950ක්ද රැගෙන යා හැකි බව දැක්වෙනවා.

මෙය බලගැන්වෙන්නෙ 1,500 Hpක ප්‍රංශයේ (Wärtsilä) විසින් නිෂ්පාදිත V8X SACM 8-Cylinder Diesel Engine එකක් මගින් වන අතර මෙහි Stock Fuel Capacity එක 1300L වන අතර Extra Fuel Drums සමග සම්පූර්ණ ධාරිතාව 1700L පමණ වනවා. මෙහි Operational‌‌ Range එක Stock Fuel Tank එක මගින් 550 Km දුරකුත් Extra Fuel Tank එකත් සමග 650 Km පමණ අති විශාල Range එකක් ලබා ගත හැකියි. මේ ටැංකියේ Maximum Speed 71 Km/H වන අතර Offroad වලදි 55 Km/H වලට සීමා වනවා. මීට අමතරව අන්තර්ජාලය තුළ සඳහන් වන සමහර මුලාශ්‍ර වලට අනුව මෙ ටැංකියට ඕනම Terrain Condition එකකදි 35 Km/H පමණ වේගයක් ලබාගත හැකි බව දැක්වෙනවා.


හරි! මම හිතනවා මේ ලිපියෙන් මේ ලොව හොඳම යුධ ටැංකි 5ක් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉවරයි වගේ පෙනුනට ඉවරම නෑ, තව තියෙනවා. ඒ යුධ ටැංකි ගැනත් ඉක්මනින්ම විස්තර අරගෙන එන්නම්. ඒක හින්දා Android වැඩකාරයෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.