මේ දිනවල වැඩි වශයෙන් Smartphone ගිණිගැනිම්, පිපිරිම් ආදිය වාර්තා වෙමින් තිබෙනවා.
ඒ අනුව ඔබට මතක ඇති අපි මිට පෙර iphone X Smartphone එකක් පුපුරා යාමේ සිදුවිමක්, iPhone Charger එකක් නිසා තරැණියක් පිලිස්සුම් තුවාල ලැබිමක්, Samsung Smartphone එකක් බැගයක් තුල පුපුරා යාමේ සිදු විමක් මෙන්ම POCO X3 Smartphone එකක් පුපුරා යාමේ සිද්ධියක් පිළිබඳව අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා.
මේ සිදුවිම්වල මීළඟ සිදුවිම ලෙස පසුගිය දිනක ඉන්දියාවේ දි Xiaomi Smartphone එකක් ගිණිගැනිමක් පිළිබඳව අන්තර්ජාලය තුල තොරතුරු වාර්තා වි තිබෙනවා. මේ සිදුවිමට මුලික වි තිබෙන්නේ Xiaomi Redmi Note 9 Pro Smartphone එකක්. Redmi සමාගමේ මේ Note 9 Series එක කියන්නේ මේ වෙන විටත් වෙළඳපොල තුල ඉතා ජනප්‍රිය Smartphone එකක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්.


කෙසේ වෙතත් මේ සිදුවිමට මුහුණ දි ඇත්තේ ඉන්දියානු ජාතික තරුණයෙකුයි. මේ තරුණයාට ඔහුගේ සහෝදරිය විසින් මේ දුරකථන පසුගිය වසරේ දෙසැම්බර් මස මිලදි ගෙන ඇති අතර පසුගිය 28 වෙනි දින Smartphone එකේ ඇති වු ගිණිගැනිම නිසා මේ තරුණයා විසින් ඔහුගේ Smartphone එක වතුරට විසිකර තිබෙනවා. එම නිසා ඔහු කිසිදු තුවාලයක් නොමැතිව බේරි තිබෙනවා.
මේ සිදුවිම දැන ගැනිමෙන් අනතුරුව මේ තරුණයාගේ සහොදරිය වෙන Priyanka Pavra විසින් ඇයගේ Twitter ගිණුම ඔස්සේ මේ සිදුවිම පිළිබඳව පල කර ඇති අතර ඒ සටහන මගින් Xiaomi ආයතනය දැනුම්වත් කිරිමටත් කටයුතු කර තිබෙනවා.
Hi Priyanka, we are sorry to hear this and we hope you and your brother are safe. At Xiaomi, all our devices go through multiple quality checks and we ensure the best user experience on all your devices. To investigate this further, please share the below details via DM (1/2)
— Redmi India Support (@RedmiSupportIN) April 28, 2021
මේ පිළිබඳව සොයා බැලිමෙන් පසුව Xiaomi සමාගම විසින් ඇයගේ Twitter සටහනට ප්‍රතිචාර දක්වා තිබෙන අතර ඔවුන් විසින් මේ පිළිබඳව වැඩිදුර සහය වෙන බවත් දක්වා තිබෙනවා.
Xiaomi සමාගම විසින් මේ වෙන විටත් මේ සිදුවිම පිළිබඳව විමර්ශන අරඹා ඇති අතර ඔවුන් විසින් පවසා තිබුණේ මෙම සිදුවිමට Smartphone එක මත ඇති වු බාහිර බලපැමක් හේතු වි ඇති බවයි.
Source : India Today, Priyanka Pavra